සායම් නොගැවුණු “කුරුලු හදවත”.

10678829_789969044388216_1122369648283502295_n
සායම් කිරිල්ලි කොහේ ගියාදෝ? නෙහා සෙමින් මගේ මේසය මතට ලංවිය. මා පරිවර්තන කටයුතු වලින් වෙහෙස වී ලප්ටෝපයෙන් මේ ගිය ඇසිමි. ඇගේ මව මගේ කාර්යාල සහයිකාව කිවේ දැන් මේගොල්ලන්ගේ කටේ තියෙන්නේ ඕක බවයි. නෙහා යාබද ශාන්ත ජෝන් බාලිකා පාසලේ පළමු වසරේ ඉගෙනුම ලබයි. මේ වන විට නෙහාට වසර 10 ක් වන විටත් ලබා ගතයුතු කියවිය යුතු පොතක් එලි දැක ඇත. ඒ ලියනගේ අමරකීර්තිගේ කුරුලු හදවතයි. මා මෙය බ්‍රහස්පතින්දා (2014.09.11) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගතිමි.

සරලය. එක දිගට කියවාගෙන යා හැක. සුවර්ණ පුස්තකයෙන් පිදුම් ලැබීමට ඉතාම උචිතය. දිනසිරි කුරුලුගන්ගොඩ කුරුළු විම දක්වා මියුරු එෆ් එම් හි සේවය කරමින් මැනවින් පොහොසත්ව රටේම කිර්තිදරයකු වීමත් අවසානයේ පාටකයා විමතියට බිතියට ශෝකයට පත් කරමින් ඔහු මරණයට පත්වීම වටා අපුරු කතාවක් ගෙතී තිබේ. කුලය ගැන මනා විග්‍රහයක් සිදු කෙරේ. එය මහින්ද ප්‍රසාද් මස් ඉබුලගේ සෙන්කොට්ටන්ට නොදවිනිය.

දිනසිරි උසස් පෙළ ගණිත විෂය හදාරා අසමත් වේ. කලාවට ඇල්මක් ඇති වුවද නැවත කලාවෙන් උසස් පෙළ නොකරයි. මෙය මටද පළමුව විද්‍යා විෂයන් හදාරා අසමත්ව කලාව හැදැරූ අතීතය වෙත නැවත සිහිපත් කිරීමකි. දිනසිරි තරුණයකු ලෙස ජේ වී පි මොළ සේදීමේ උපායට හසු නොවේ. කතුවරයා ඉතා ප්‍රතිබා සම්පන්න ලෙස විජය හා ප්‍රේමකීර්ති ගාතන ඔස්සේ ජේ වී පි කවුද මොනවාද කරන්නේ යන්න පටකයාට මානව පැහැදිලි කර දෙයි. ඔහු එයට වැය කරන්නේ වාක්‍ය එකක් හෝ දෙකකි. පසුව ප්‍රේම කිර්ති ගාතනයේ ලේ තවරා ගත්තේ කවුද පිළිබද සැකයක්ද ඇති කරයි.

මෙය කියවන විට ගිය වසරේ කියවූ කරුණාදාස සුරියාරච්චිගේ රතු ඉද්ද මතකයට නැගෙයි. එයින් රාජ්‍ය නොවන සංවිදාන වෙත නිර්දය විවේචනයක් එල්ල වේ. එය ඇතැමුන්ට බ්ලොග් පිටු ලිවීමටද උපකාරී විය. මෙවර සුවර්ණ පුස්තක විනිශ්ය මණ්ඩලයට බලපෑම් කල බවට ඔහු ඇතැමුන්ට චෝදනා එල්ල කරයි. එය පුස්සකි. එන්න කියවන්න කුරුළු හදවත බවට අපි රතු ඉද්ද පාටකයින්ට අත වනමු.

නුතන මාද්දයේ විකිණීම ගැනද කුරුළු හදවත මනා කියවීමකි. එය කුලයට අමතරව වාණිජකරණය දනවාදය ගැනද කතා කරයි. ආදරය, දෙමාපිය සෙනෙහස, වැඩිහිටියන්ට ගරු කිරීම, විශ්වවිද්‍යාල ජිවිත ගැනද සාකච්චා වේ.

ඉතින් කවදා හෝ එන්න නෙහා කියවන්න – සායම් නොගැවුණු “කුරුලු හදවත.”

1 thoughts on “සායම් නොගැවුණු “කුරුලු හදවත”.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑