main4pic3

මේ අංක 478/97 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු වුයේ නීතිඥ සුනිල් කුමාර රෝද්රිගොය. ඔහු පෙනී සිටියේ කොලබ 08, ලේක් ද්රයිවූ අංක 226 පදිංචි බි සිරිසේන කුරේ මහතා වෙනුවෙනි. සිරිසේන කුරේ මහතා පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයකු විය. එවකට ආරක්ෂක ලේකම් චන්ද්‍රනන්ද සිල්වා, පොලිස්පති සහ නීතිපති වගයුත්තරකරුවන් විය. ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන අමරසිංහ විනිසුරු විජේතුංග විනිසුරු ගුනවර්දන විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ කේ එන් චොක්සි, ඩෙස්මන්ඩ් ප්‍රනාන්දු, නීතිඥ පි සි එම් ඩි කුලතුංග, හේමන්ත වර්ණකුලසුරිය, එස් මහේන්තිරන් උපුල් ජයසුරිය, ලක්ෂ්මන් රණසිංහ, සරත් කෝන්ගහගේ, මෙත්සිරි කුරේ සහ රොනල්ඩ් පෙරේරා පෙනී සිටි අතර වගයුත්තරකරුවන් වෙනුවෙන් සි ආර් ද සිල්වා (ජනාදිපති නීතිඥ සහ අතිරේක සොලිසිටර් ජෙනරාල්) සමග කෝලිත දර්මවර්දන, ඩි එස් ජි එස් සමරනායක (රජයේ නීතිඥ) සහ එන් පුල්ලේ (රජයේ නීතිඥ ) පෙනී සිටියහ. මෙහි තීරණය ලබා දුන්නේ 1997 අගෝස්තු 19 වැනි දිනයි.

1997 ජුනි 16 හදිසි නීති රෙගුලාසි යටතේ ආරක්ෂක ලේකම් ගේ නියෝගයක් මත පෙත්සම්කරුව අත්අඩංගුවට ගැනිණි. ආරක්ෂක ලේකම් මාස 03 කට නොවැඩි කාලයක් සදහා පුද්ගලයකු රදවා ගැනීමට නියෝග නිකුත් කල හැක. මෙහිදී පෙත්සම්කරුව අත්අඩංගුවට ගත්තේ ජාතික ආරක්ෂාවට සහ නිතිය සහ සාමය රැකීමට පටහැනිව කටයුතු කිරීම සම්බන්දයෙනි. එනම් එවකට සිටි ජනදිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුඟව ගාතනය කිරීමට සහ ඇයට ශාරීරිකව හානි කර රටේ කලබලකාරී වාතාවරනයක් ඇති කිරීමට අන් අය සමග සාකච්චා කිරීම සම්බන්දයෙනි.

වගයුත්තරකරුවන්ට අනුව පාතාල අපරදකරුවකු වන සොත්ති උපාලි පෙත්සම්කරුගේ සමීප හිතවතකු වේ. සිරිසේන කුරේ ඔහුගේ කණ්ඩායමක් සමග ජනදිපතිනිය ගාතනය කිරීම හෝ ඇයට හානි කිරීම ගැන සාකච්චා කර තිබේ. ඔවුන් සමහරක් පොලිසියේ අතිරේක නිලදාරීන් වූ අතර ආයුද පිළිබද පුහුණුවක් ලබා තිබිණි. තවද ඔවුන් සොත්ති උපාලිගේ අනුදැනුම ඇතිව හෝ නැතිව ජනදිපතිනියගේ පාරම්පරික නිවස පිහිටි හොරගොල්ලේ ඊට යාබදව ඉඩම් මිලදී ගෙන තිබු අතර ඇතැම් ඒවායේ නිවාසද ඉදිකර තිබිණි.

නඩු විබගයේදී ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13 (1) වගන්තිය සහ 13 (2) වගන්තිය මගින් සහතික කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්කරු සම්බන්දයෙන් කඩවූ බව තීරණය විය. 13(1) වගන්තියට අනුව පෙත්සම්කරුට අත්අඩංගුවට ගැනීමේ හේතුව දැන ගැනීමට අයිතිය ඇත. මෙය අත්අඩංගුවට පත්වන පුද්ගලයාට නීතිමය සහන ලබා ගනිමෙලාත් තම නිර්දොශිබවය ඔප්පු කිරිමෙහිලත් අතිශය වැදගත් වේ. 13(2) වගන්තියට අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයකු හැකි ඉක්මනින්ම ලගම ඇති අදිකරණයට ඉදිරිපත් කල යුතුය. මෙම කාලය සාමාන්‍ය නිතිය යටතේ පැය 24 කි. වර්තමානයේ සන්විදනගත අපරාද සම්බන්දයෙන් පැය 48 කි.

13 (1) සහ (2) වගන්තින් වල සදහන් මුලික අයිතිවාසිකම් වෙනස් කල හැක්කේ ආණ්ඩු ක්‍රම විවස්ථාව වෙනස් කිරීමෙන් පමණි. වෙනත් නීතියකට එය කල නොහැක. 13 (2) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම ජාත්‍යන්තර නිතියේද පිළිගත් මුලදර්මයක් බව ඉන්දියාවේ පළමු ජනාදිපති එරට ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නිර්මාතෘ අම්බෙඩ්කාර් ද පවසා තිබේ. එය මත නිතිය මත පාලනයද රැදී ඇත. තවද එය මානව හිමිකම් සහ පුද්ගලයකුගේ නිදහස සම්බන්දයෙන් සාකච්චා කිරීමේදී අමතක කල නොහැක.

ශේෂ්ට්‍රදිකරණය සිරිසේන කුරේ මහතාගේ 13(1) සහ 13(2) වගන්තින් වල සදහන් මුලික අයිතින් කඩවූ බව තීරණය කල අතර ඒ මහතාව අත්අඩංගුවෙන් සහ රදවගනිමෙන් නිදහස් කල යුතු බවට නියෝග කෙරිණි. ඔහුට රජය විසින් වන්දි සහ ගාස්තු ලෙස රුපියල් 200,000/= ගෙවිය යුතු බවටද නියම විය. නඩු තීන්දුව අමරසිංහ විනිසුරු ලියු අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

http://www.janasansadaya.org – judgements – 102- 478-1997.pdf

Advertisements