Srilankan-police

මේ අංක 24/89 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. මෙම නඩුව ශේෂ්ට්‍රදිකරණයේ විබාග වෙද්දී ප්‍රේමලාල් ද සිලවා ඔහුගේ මව සහ පියා අතුරුදහන්ව සිටියහ. පසුව අනාවරණය වුයේ ඔවුන්ව හිරණ ඒජන්ත වංගුවේදී මරා දැමු බවයි. ඇප කොන්දේසි පිට පානදුර පොලිසියට අත්සන් කරන්න ගිය ප්‍රේමලාල් ද සිල්වා සහ ඔහුගේ මව ඔවුන් ප්‍රමාද නිසා ඔවුන්ව බැලීමට ගිය පියාද අතුරුදහන් විය.

පෙත්සම්කරු වුයේ පානදුර පින්වත්තේ පදිංචි ප්‍රේමලාල් ද සිල්වාය. වගයුත්තරකරුවන් ලෙස පානදුර පොලිසියේ ස්ථානදිපති පොලිස් නිලදාරීන් වන රත්වත්තේ, පියසිරි සහ තවත් අයද පොලිස්පති සහ නිතිපතිද නම්කර තිබිණි. ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන එච් ඒ ජි ද සිල්වා, කුලතුංග සහ දිරරත්න යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ පි ඩි ගෝමස් වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ කන්තිලාල් කුමාරසිරි, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හෙක්ටර් යාපා සහ ජෙෂ්ට රජයේ නීතිඥ සුරත් පියසේන පෙනී සිටින ලදී.

තීරණය ලබා දුන්නේ 1990 සැප්තැම්බර් 05 වැනිදාය. එහිදී ප්‍රේමලාල් ද සිල්වා නීතිවිරෝදී ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබා ගෙන වදහිංසා පමුණුවා ඇති බව තීරණය විය. ප්‍රේමලාල් ග්‍රාම ආරක්ෂකයකු ලෙස ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළේය. පානදුර පොලිසිය සිගරට් කොම්පැනියක සිදුවූ මංකොල්ලයකට සැක කොට ඔහුව 1989.05.19 දින අත්අඩංගුවට ගත්තේය. ඔහු පානදුර බස් නැවතුම් පොලේ සිටියදී ජීප් රථයකින් පැමිණි පානදුර පොලිසියේ නිලදාරීන් එයට නගින්නට කීවිට ඔහු සිතුවේ තමන්ව ගෙන ගොස් බස්සන්නට කතා කල බවයි. ඔහුව පානදුර පොලිසියට ගෙන ගොස් කමිසය ගලවා දැත් සහ දණහිස් ගැට ගසා ඒ අතරින් පොල්ලක් යවා එය මේස දෙකක් උඩ තබා ඔහුව කරකවන ලදී. පසුව යකඩ කම්බියකින් ඔහුගේ යටිපතුල් වලට පහරදුන් අතර එසේ කලේ 4 වන වගයුත්තරකරුය. 3 වන වගයුත්තරකරු ඔහුගේ ශරීරය මත ඇවිදිමින් ඔහුට පයින් ගසන ලදී.

ඔහුට කල වදහිංසා පැමිණවීම අදිකරණ වයිද්‍ය වාර්තාව මගින් ඔප්පු විය. එය මුලික අයිතිවාසිකම් නඩුවේදී වැදගත් වුනි. පසුව පොලිසිය ඔහුට විරුද්දව පානදුර මහේස්ත්‍රාත් අදිකරණයේ වියාජ නඩුවක් ගොනු කරන ලදී. ඔහුට ඇප හිමි විය. එක් ඇප කොන්දේසියක් වුයේ වදහිංසා පැමිණවූ පානදුර පොලිසියටම ගොස් අත්සන් කිරීමයි. මෙසේ ගිය අවස්ථාවක ඔහුත් මවත් ආපසු නොපැමිණි අතර ඔවුන් සොයා පානදුර පොලිසියට ගිය පියාද ආපසු පැමිණියේ නැත.

ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ නීතිඥයා මැදිහත්ව ඔහු නොමැතිව මුලික අයිතිවාසිකම් නඩුව නැවත ආරම්බ කර පවත්වාගෙන යන ලදී. නඩුවෙන් ප්‍රේමලාල් ද සිල්වා ජයග්‍රහණය කළේය. නඩු තීන්දුව ලීවේ ශේෂ්ට්‍රදිකරන විනිසුරු කුලතුංග මහතා විසිනි. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය. පවුලේ උදවියට වන්දි ලෙස රුපියල් 20,000 ක්ද නඩු ගාස්තු ලෙස රුපියල් 2000 ක්ද පිරිනැමිණි.

www,janasansadaya.org – Judgements – 30- 24-1989.pdf

Advertisements