download

මේ අංක 239/97 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. නිවසකට ඇතුළුව පුද්ගලයකුව අත්අඩංගුවට ගැනීමට ගත් උත්සහයක් ගැන සදහන් වේ. ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන දිරරත්න විනිසුරු, වදුගොදපිටිය විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු අනුර බණ්ඩාරනායක වෙනුවෙන් ජනාදිපති නීතිඥ ෆයිස් මුස්තාපා, නීතිඥ ආනන්ද කස්තුරිආරච්චි, සංජිව ජයවර්දන, නලින් දිසානායක, ෆයිසා මරික්කාර්, සහ තුෂානි මචාදොද වගයුත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සමග ජෙෂ්ට නීතිඥ බුවනෙක අලුවිහරේද පෙනී සිටින ලදී.

1997.02.12 දින අලුයම 2.15 ට පමණ වරෙන්තුවක් නොමැතිව අපරාද විමර්ශනයේ නිලදාරීන් පෙත්සම්කරුගේ නිවසට ඇතුළු විය. පෙත්සම්කරුගේ නිවස පිහිටා තිබෙන්නේ රොස්මිඩ් ප්ලේස් හි ආදී ආරක්‍ෂිත කලාපයකය. එම නිවස අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නිවසට යාබද එකය. පෙත්සම්කරුගේ නිවස සෝදිසි කලේ නාලන්ද එල්ලාවල මරා දැමීමට සැක කල සුසන්ත පුංචිනිලමේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි සිටියි සැක කොටය. මරා දැමු නාලන්ද එල්ලාවල ද පාර්ලිමේන්තුවේ සිටි තරුණ මන්ත්‍රීවරයකු වන අතර පෙත්සම්කරු ඔහුව කුඩා කල සිට දන්නා අතර ඔහුගේ පවුලේ හිතවතකුද වේ.

පෙත්සම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අතර කලක් රටේ විපක්ෂනායක දුරයද හෙබවිය. ඔහුගේ පියා මෙන්ම මවද අගමැතිවරුන් වූ අතර මේ කාලයේ ඔහුගේ මව රටේ අගමැතිනිය වූ අතර වැඩිමහල් සොහොයුරිය විදායක ජනදිපතිනියද වුවාය. පෙත්සම්කරු වසර 20 ක පමණ කාලයක සිට පාර්ලිමේන්තු සාමාජිකයකුද වේ.

පෙත්සම්කරුගේ නිවස සෝදිසි කලේ අපරාද විමර්ශනයට ඉතා විශ්වාසවන්ත තොරතුරු සපයන්නකුගෙන් ලැබුණු තොරතුරක් මත බව පැවසේ. වගයුත්තරකරුවන්ගේ සෝදිසියට පෙත්සම්කරු මෙන්ම ඔහුගේ අරක්ෂකයාද දැඩිව විරුද්ද විය. එම හෝඩුවාව වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචි නිලමේ පෙත්සම්කරුගේ නිවසට ඇතුළු වූ බවයි. සුසන්ත පුංචිනිලමේ, නාලන්ද එල්ලාවල ගාතනයේ ප්‍රදාන සැකකරු විය. වගයුත්තරකරුවන් විනාඩි විස්සක පමණ කාලයක් පෙත්සම්කරුගේ නිවසේ නිදන කාමර ඇතුළු සියලුම ස්ථාන සෝදිසි කල අතර ඔවුන්ට පුංචිනිලමේ කෙනෙක් සොයා ගැනීමට නොහැකි විය. එම නිවස ආසන්නයේ පැවති අනෙකුත් නිවාස ඇතුළු ස්ථාන ඔවුන් විසින් පරික්ෂාවට ලක් නොකරන ලදී.

වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ නිවසට පැමිණියේ විශාල පොලිස් නිලදාරීන් පිරිසක් සහ වාහන ගණනාවකිනි. අසල්වාසීන්ට හැගී ගියේ පෙත්සම්කරුගේ නිවස වටලා පොලිසිය විශාල මෙහෙයුමක් කරන බවයි. වගයුත්තරකරුවන් පෙත්සම්කරුගේ සේවකයින්ව බියට පත්කරමින් තර්ජනය කරමින් නිවසේ ඉස්සරහා දොරටුව විවුර්ත කර ගෙන තිබේ.

පෙත්සම්කරු කිවේ 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම තමා සම්බන්දයෙන් කඩවූ බවයි. එනම් නිතිය ඉදිරියේ
සමාන රැකවරණය ලැබීමට ඇති අයිතිය උල්ලන්ගනය වී ඇත. ශේෂ්ට්‍රදිකරණය පෙත්සම්කරුගේ අයිතීන් කඩවූ බව පිළිගන්නා ලදී. ඒ අනුව පළමු, දෙවන හා තුන්වන වගයුත්තරකරුවන් පෙත්සම්කරුට වන්දි වශයෙන් රුපියල් 40,000 ක්ද ගාස්තු වශයෙන් රුපියල් 10,000 ක්ද රජය වන්දි වශයෙන් රුපියල් 2,00,000 ක්ද ගෙවියයුතු බවත් එය එනම් රුපියල් 3,50,000 ක් වූ මෙම මුදල මෙම තීන්දුව ලබා දුන් දිනයේ සිට මසක් ඇතුලත ගෙවිය යුතු බවත් තීරණය විය.

Advertisements