වසර 14 කට පසුව ඉන්දියාවේ යකඩ ගැහැණිය නිදහස්.

2014820141757348734_20

මේ ඉරොම් ශමිලය. නිදහසෙන් පසුව ඇය සිය ආහාර නොගැනීමේ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව පවසන්නීය. ඒ මනිපුර් ප්‍රාන්තයේ ම්ලේච්ච ක්‍රියාවන්ට විරුද්දවය. මෙම ඉන්දියාවේ මානව හිමිකම් ක්‍රියාකාරිනිය ඇගේ ආහාර වර්ජනය හමුදාවේ දුෂ්ට ක්‍රියාවන්ට විරුද්දව අකණ්ඩව වසර 14 ක් ගෙන ගියාය. 2000 දී ඇයට විරුද්දව ආහාර නොගැනීමෙන් සියදිවිනසා ගැනීමට උත්සහ කරන බවට ප්‍රාන්තය නඩු පැවරුවේය. නමුත් නඩු විබාග කල විනිසුරු ඇගේ චෝදනාවට සහය පල කරන ශාක්ෂි නොමැති බැවින් ඇයව නිදහස් කරන ලදී. “මට හිතා ගන්න අමාරුයි මම නිදහස් කියලා. මනිපුරිහි හමුදාවේ අයුක්තියට සහ අපරාද වලට එරෙහි මගේ අරගලය මම දිගටම ගෙනියනවා” යනුවෙන් ඇය බදාදා රියුටර් පුවත් ඒජන්සියට ප්‍රකාශ කළාය . මනිපුර්හි යකඩ ගැහැණිය යනුවෙන් විරුදාවලිය ලත් ඇය 42 වැනි වියේ පසුවේ. ඇය ආහාර නොගන්න විට බලෙන් නල මාර්ගයෙන් ඇයට ආහාර ලබා දෙන ලදී. 2000 නොවෙම්බර් මාසයේ ඇය සිය උපවාසය ආරම්බ කළාය. ඒ ඇගේ නිවස අසල බස් නැවතුමක පුද්ගලයින් 10 ක් වෙඩි තැබීමෙන් මියයාමත් සමගයි. මේ පිළිබද චෝදනාව එල්ල වුයේ ඉන්දීය හමුදාවටයි. පොලිසිය නඩුවක් ලියාපදිංචි කලද කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවුයේ නැත. මියගිය අය අතර ළමුන් දෙදෙනෙකුද විය.

One thought on “වසර 14 කට පසුව ඉන්දියාවේ යකඩ ගැහැණිය නිදහස්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )