ජනතා අදිකරණය (17) ;- මහින්ද රාජපක්ෂ (සුනාමි) නඩුව.

th

මේ අංක 387/2005 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. තීරණය දුන්නේ 2006 මාර්තු 27 වැනිදාය. අගවිනිසුරු සරත් නන්ද සිල්වා ශේෂ්ට්‍රදිකරන විනිසුරු ශිරාණි තිලකවර්දන ශේෂ්ට්‍රදිකරන විනිසුරු එන් ඊ දිසානායක ප්‍රමුක ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ජනදිපති නීතිඥ ඩි එස් විජේසිංහ නීතිඥ සංජිව ජයවර්දන සහ නීතිඥ ප්‍රියන්ත ජයවර්දනද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජනාදිපති නීතිඥ තිලක් මාරපන නීතිඥ රොනල් පෙරේරා නීතිඥ පාලිත ප්‍රනාන්දු නීතිඥ පි නාවන ද පෙනී සිටින ලදී. මෙහි වගයුත්තරකරුවන් වුයේ පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු නියෝජ්‍ය පොලිස්පති (CID ) ලියනල් ගුණතිලක, පි අම්පවිල පොලිස් ස්ථානදිපති (CID ) කබීර් හෂීම් (පාර්ලිමේන්තු මන්ත්‍රී) සහ නිතිපතිය.

එවකට පෙත්සම්කරු ආණ්ඩුවේ අගමැති විය. ඔහු පැවැත්වීමට නියමිත ජනදිපතිවරණයේ ජනාදිපති අපේක්ෂකයාද විය. පෙත්සම්කරු කියා සිටියේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ ක්රියකලාපය නිසා ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12 (1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකම් තමා සම්බන්දයෙන් උල්ලංගනය වූ බවයි. මෙසේ කලේ ජනදිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමට යන්නය.

සුනාමි නිසා ශ්‍රී ලංකාවේ වෙරළබඩ තිරයට දැඩි හානි සිදුවූ අතර එහි වඩාත්ම බලපෑමට හසු වුයේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි. ඒ අවස්ථාවේ ජනාදිපතිනිය රටේ නොසිටි අතර අගමැතිවරයාට සහන වැඩපිළිවෙලේ වගකීම බාර ගැනීමට සිදුවිය. මේ අවස්ථාවේ බොහෝ දේශීය හා විදේශීය පිරිස් අරලිය ගහ මන්දිරයට පැමිණ ආදාර ලබා දුන්හ. සුනාමි සහන සදහා ආණ්ඩුවේ විශේෂ බැංකු ගිණුමක් නොතිබූ බැවින් පෙත්සම්කරු සිය ලේකම් ලලිත් විරතුංගට නියම කලේ ලේකම්ගේ නිල බැංකු ගිණුමේ සියලු ආදාර තැන්පත් කරන ලෙසයි. හම්බන්තොට ආදාර හෙල්පින් හම්බන්තොට ගිණුමට බැර කරන ලදී.

2005 ජුලි මස ඉරිදා පත්‍රයකින් පෙත්සම්කරු මෙම ආදාර අයතා ලෙස බාවිතා කරන බවට චෝදනා එල්ල විය. ඒ සන්ඩේ ලීඩර් ඉංග්‍රීසි පුවත් පතේ සහ ඉරුදින සිංහල පුවත්පතේය. මේ ගැන අපරාද විමර්ශන දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්බ කරන ලදී. තවද පෙත්සම්කරු දක්වන ආකාරයට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වුයේ පෙත්සම්කරු යනු සුනාමි ආදාර සොරා ගත් පුද්ගලයකු ලෙස ඔහුව සිය ප්‍රචාරක වියපරයේදී හදුන්වා දීමයි.

මෙම නඩුවේදී 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මුලික අයිතිවාසිකමක් වූ නීතියේ සමාන ආරක්ෂාව අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය හේතුවෙන් පෙත්සම්කරු සම්බන්දයෙන් උල්ලංගනය වී ඇති බව තීරණය විය. ප්‍රශ්න ගත සුනාමි ආදාරය රුපියල් මිලියන 82.9 ක් විය. අදාළ අපරාද පරීක්ෂණය නිතියේ නිසි ක්‍රියාදාමය අනුව සිදුවිය යුතු බවද තීරණය කෙරිණි. පොලිසිය එක් පක්ෂයකට හිතවත්වත් පෙත්සම්කරුගේ අයිතීන් වලට වෙනස්වත් කටයුතු කර ඇති බවද සදහන් විය.

පෙත්සම්කරුගේ මුලික අයිතීන් කඩවූ වූ බව තීරණය කෙරිණි. දෙවන සහ සිවුවන වගයුත්තරකරුවන් වෙන වෙනම පෙත්සම්කරුට රුපියල් ලක්ෂය බැගින් වන්දි පිරිනැමිය යුතු බවත් පෙත්සම්කරුට ගාස්තු වශයෙන් රුපියල් දෙලක්ෂයක් රජය ගෙවිය යුතු බවත් තීරණය විය. අගවිනිසුරුවරයා තීන්දුව ලබා දුන් අතර එයට ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන තිලකවර්දන සහ දිසානායක යන විනිසුරුවරුන්ගේ එකගතාවය හිමි විය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )