20148198396675734_20
ලොව මානව හිතවාදී දිනය සමරමින් එක්සත් ජාතින් කියා සිටින්නේ 2013 දී ලොව මරා දැමු සහන සේවකයින් ගණන 155 ක් බවයි. තවද වැඩි පිරිසක් පැහැරගෙන යාම නිසා තුවාල ලබා තිබේ. මේ වන විට 2014 දී මරා දැමු සහන සේවකයින්ගේ ගණන 79 කි. එය ගෙවී ගිය වසරට වඩා 66% කින් ඉහල යාමකි. මේ වැඩි වීමට හේතුව ගැටුම් වල නිරත පිරිස යුද නිතිය ගැන නොසලකා හැරීමයි. තවද ජිනීවා සම්මුති සහ ජාත්‍යන්තර මානව දයවාදී නිතිය නොසලකා හැරීමයි. ලොව පුරාම සහන සේවකයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහල ගොස් ඇත. ප්‍රහාර වලින් හතරෙන් තුනක්ම ඇතිව තිබෙන්නේ ඇෆ්ගනිස්ථානය, සිරියාව, දකුණු සුඩානය, පකිස්ථානය සහ සුඩනයේය. 2013 සහන සේවකයින් 81 ක් මරා දැමුණු ඇෆ්ගනිස්ථානය වැඩිම ප්‍රහාර එල්ල වන රට ලෙස සැලකේ.

Advertisements