z_p05-VIVIenne1

මේ අංක 20/83 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කාරිය විවියන් ගුනවර්දන මහත්මියයි. වගයුත්තරකරුවන් වුයේ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානදිපති පොලිස්පති සහ නිතිපතිවරයාය. ශේෂ්ට්රදිකරන විනිසුරුවරුන් වන විනිසුරු රත්වත්තේ මහතා විනිසුරු කොලින් තොමි මහතා සහ විනිසුරු සෝසා මහතා යන ත්රිපුද්ගල ශේෂ්ට්රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කාරිය වෙනුවෙන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා වී එස් ඒ පුලේනායගම් ආර් වීරකෝන් එස් ඩි සිල්වා මෙනවිය යන නිතිඥවරුන්ද වගයුත්තරකරුවන් වෙනුවෙන් ජෙෂ්ට නීතිඥ එම් එල් ඩි සිල්වා සමග නීතිඥ වී රට්නාසබපති නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් සුනිල් ද සිල්වා සමග රජයේ නීතිඥ කේ කුමරසිරිද නීතිඥ ඒ කේ වික්රමනයකද පෙනී සිටින ලදී. තීරණය ලබා දුන්නේ 1983 ජුනි 08 වැනිදාය.

පෙත්සම්කාරිය එවකට 66 හැවිරිදි ප්‍රකට දේශපලඥවරියකි. ඇය පාර්ලිමේන්තු මන්ත්රිවරියද වූ වා පමණක් නොව 1964 දී කනිෂ්ට ඇමතිනියක්ද වුවාය. සිද්දිය වන විට ඇය ලංකා සම සමාජ කාන්තා සම්මේලනයේ සබපතිනියද වුවාය. එම කාන්තා සංවිදානය දේශීය හා විදේශීය සබදතා පිලිබදව ක්‍රියාකාරී විය. දිනය 1983 මාර්තු 08 ය. (ජාත්‍යන්තර කාන්තා දිනයයි.) පෙත්සම්කාරිය ඇතුළු පිරිස ඇමරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට බැනර් සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝදතාවයක නිරත වී ඇත. ඔවුන් මෙම විරෝදතාවය අවසන්ව කොල්ලුපිටිය පොලිසිය ඉදිරිපසින් පෙත්සම්කාරියගේ නිවසට යාමට පැමිණියහ. පොලිස් නිලදාරීන් ඔවුන් අත වූ බැනර් උදුරා ගත්හ. පසුව පෙත්සම්කාරියට දැන ගන්නට ලැබුනේ මෙම පොලිස් නිලදාරින්ව චයාරුප ගත් කැමරා ශිල්පියාව කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඇය ඔහුව නිදහස් කර ගැනීමට පොලිසියට පැමිණියාය. ඇය සහ පිරිස එහි රැදී සිටියේ පොලිස් ස්ථානදිපතිවරයා පැමිණෙන තුරුය. පැය බාගයකට පමණ පසු පැමිණි ස්ථානදිපතිට ඇය කැමරා ශිල්පියාව නිදහස් කර ගැනීම ගැන කතා කළාය. එවිට ඔහු කටවහපන් උබ ඉන්නේ අත්අඩංගුවේ යයි පැවසුවේය. ඇය පසුව තමා ආ කාරණය පැහැදිලි කර දී කාමරයෙන් පිටතට යාමට යුත්සහ කිරීමේදී ඔහු ශරීර බලය යොදා ඇයව නවතා ඇය අල්ලා බිමට තල්ලු කළේය. ඇය බිම වැටුණු පසු ඇයට පා පහර එල්ල කල පොලිස් ස්ථානදිපති ඇගේ පදය මත තම කකුලද තැබුවේය.

වගයුත්තරකරුවන් කිවේ ඇයව අත්අඩංගුවට ගත්තේ පෙළපාලියේ ගමන් කරමින් සිටියදී බවයි. මුලික අයිතිවාසිකම් නඩුවකදී සිවිල් නඩුවකදී මෙන් ශාක්ෂි සමබරතාවය ගණන් ගන්නා බවත් පෙත්සම්කාරිය පෙත්සම සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම අවශ්‍ය නොවන බවත් තීරණය කෙරිණි. ශේෂ්ටදිකරණය පෙත්සම්කාරියගේ මුලික අයිතීන් උල්ලංගනය කර ඇති බවත් රජය ඇයට වන්දි වශයෙන් රුපියල් 2500 ක් ගෙවිය යුතු බවට නියෝග කෙරිණි. ශේෂ්ට්‍රදිකරන විනිසුරු සෝසා මහතාගේ තීන්දුවට අනෙක් විනිසුරු දේපල වන රත්වත්තේ මහතාගේ සහ කොලින් තොමි මහතාගේ එකගතාවය හිමිවිය.

මෙම තීන්දුවට එරෙහිව කොල්ලුපිටිය පොලිසියේ ස්ථානදිපති විනයාගම් ගනේෂනතන් ශේෂ්ට්‍රදිකරණයට ප්‍රතිශෝදනයක් ඉදිරිපත් කරන ලදී. විවියන් ගුනවර්දන මහත්මිය එහි පෙත්සම්කර වගයුත්තරකාරිය විය. එම නඩුවේ අංකය 6/83 විය. එය විබාග වුයේ සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටදීය. අවසානයේ මෙම නඩුව ශේෂ්ට්‍රදිකරණය විසින් ඉවත දමන ලදී.

Advertisements