cocaine-breasts-implants-madrid-.si

ස්පාඥ පොලිසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගත්තේ කොකේන් කිලෝ 1.7 ක් පියයුරු වලට බද්ද කර සගවා ගෙන යාමේදීය. ඇය පැමිණියේ කොලොම්බියාවේ සිටය. මද්රිඩ්ස් බරජස් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනිණි. පළමුව පොලිසියට සැක සිතිනි. පසුව මත්ද්රවිය අංශය මැදිහත් විය. ඇගේ බඩු බාහිරාදිය තුල කිසිවක් නොතිබිණි. පසුව කාන්තා නිලදාරීන් ශරීරය පරික්ෂා කිරීමේදී පියයුරු වල අසමනතාවක් දැක ඇත. පසුව රෝහල් ගත කෙරුණු අතර මත්ද්රවිය ශල්‍ය කර්මයකින් පියයුරු වලට බද්ද කර ඇති බව සොයා ගැනිණි. මේ ආකාරයට කාන්තවක් මත්ද්රවිය ජාවාරම් කර ස්පාඥ පොලිසියට හසුවූ පළමු අවස්ථාව මෙය නොවේ. මෙම කාන්තාව 43 හැවිරිදි වෙනිසුලනු ජාතිකයෙකි.

Advertisements