ජනතා අදිකරණය (15) ;- චන්ද්‍රසේනගේ නඩුව.

Chandrasenaමේ අංක 258/2007 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. පෙත්සම්කරු යු ඒ චන්ද්‍රසෙනය. ඔහු නෙලුකෙටිය කෙලින්කන්ද අගලවත්ත පදිංචිව සිටි. ඔහු කම්කරුවෙකි. පවුලක් නැත. ඥාතියෙකුගේ නිවසේ පදිංචිව සිටි. වගයුත්තරකරුවන් වන්නේ බදුරලිය පොලිසියේ අපරාද අංශයේ උප පොලිස් පරීක්ෂක, පොලිස් ස්ථානදිපති, පොලිස්පති සහ නිතිපතිය.

නඩුව ඇසුනේ ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ශිරාණි ඒ බණ්ඩාරනායක, ජගත් බාලපටබැදි කේ ශ්‍රීපවන් යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරිපිටදීය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ශාමෙන් ගුණරත්නද වගයුත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ පි මුනසින්හද පෙනී සිටින ලදී. 2009.05.13 තීරණය කෙරුණු මෙම නඩුවේ තීන්දුව ලබා දුන්නේ විනිසුරු ශිරාණි ඒ බණ්ඩාරනායක මහත්මියයි. එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය හිමි විය.

මෙම නඩුවේදීද වයිද්‍ය සාක්ෂි තීරණාත්මක විය. පෙත්සම්කරුව 2007.06.27 දින උදේ 11.30 ට පමණ බදුරලිය පොලිසියේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ ඔහු නෙලුකටිය ප්‍රදේශයේ අවමගුලකට සහබාගි වන්නට යමින් සිටියදීය. වගයුත්තරකරුවන් ඔහුගෙන් කසිප්පු පිලිබදව විමසා තිබේ. චන්ද්‍රසේන පොලිස් නිලදරින්ට පැවසුවේ තමන්ට නීතිවිරෝදී මත්පැන් පෙරීම පිළිබද සම්බන්දයක් නොමැති බවයි. වගයුත්තරකරුවන් ඔහුව වොලිබෝල් පිට්ටනියක් අසලට රැගෙන ගොස් ලයිට් කනුවකට හේත්තු කර පහරදී තිබේ. පහරදීමට යොදා ගත්තේ පොල්ලකි. ඔවුන් පෙත්සම්කරුගේ අත් විශේෂයෙන් දකුණු අතට උරහිස් වලට කකුල් තට්ටම් සහ හිසට අකණ්ඩව පහර දී තිබේ.

පෙත්සම්කරුට මෙම පහර දීමෙන් පසුව ක්ලාන්ත ගතිය, කරකැවිල්ල සහ හිසේ අමාරුව සැදී ඇති අතර එවිට ඔහු වගයුත්තරකරුවන්ගෙන් ඉල්ලා ඇත්තේ තමාව රෝහලකට රැගෙන යන ලෙසයි. එවිට වගයුත්තරකරුවන් ඔහුට තනිවම රෝහලකට යන ලෙසත් පහරදීම ගැන සදහන් නොකරන ලෙසත් පවසා තිබේ. තවදුරටත් මෙම පොලිස් නිලදාරීන් ඔහුට තර්ජනය කර ඇත්තේ පහරදීම ගැන කියා ඇති බව ආරංචි වුවහොත් ඔහුව ගංජා හෝ හෙරොයින් දමා හිරේ යවන බවයි.

ඉන්පසුව චන්ද්‍රසේන සහ තවත් පුද්ගලයින් තිදෙනෙකුව බදුරලිය පොලිසියට රැගෙන විත් දවල් 1.30 ට පමණ පොලිස් කුඩුවට දමා ඇත. පොලිසිය ඔවුනට ආහාර, වතුර හෝ වයිද්‍ය පහසුකම් ලබා දී නැත. රාත්‍රී 9 ට පමණ ඔවුන් සියලු දෙනාව පොලිස් ඇප මත නිදහස් කර තිබේ.

2007.06. 29 දින මතුගම මහේස්ත්‍රාත් අදිකරණයේ චන්ද්‍රසේනට විරුද්දව ගොඩා ලග තබා ගැනීමට පවරා තිබු නඩුවට ඔහු නිවැරදිකරු බව කියන ලදී.

පෙත්සම්කරු සම්බන්දයෙන් 11 වන වගන්තියේ සදහන් එනම් කෘර අමානුෂික වදහිංසා පැමිණවීම සහ අවමන් සහගත සැලකිලි වලින් මිදීමට ඇති අයිතිය උල්ලංගනය වී ඇති බවත් රජය ඔහුට රුපියල් 75000 ක් ගෙවිය යුතු බවත් තීරණය කෙරිණි. තීන්දුවේ පිටපතක් පොලිස්පතිට යවන ලෙස අදිකරණයේ රෙජිස්ටර්ට නියෝග කෙරිණි. නඩුවේදී පොලිස් නිලදාරීන් කවුද යන්න හදුනා ගත නොහැකි වුවද රජයට සිය වගකීමෙන් ගැලවිය නොහැකි විය.

Advertisements

One thought on “ජනතා අදිකරණය (15) ;- චන්ද්‍රසේනගේ නඩුව.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: