th

මෙය අංක 700/2002 දරන මුලික අයිතිවාසිකම් නඩුවයි. ශ්‍රියානි එරෙහිව ඉද්දමල්ගොඩ නඩුවේ අබාෂය ලබා ඇත. ළමා හේවගේ ලාල් සිදුව පොලිස් නිලදාරීන්ගේ සහ මිගමු බන්දනාගාර නිලදාරීන්ගේ දරුණු වදහිංසා පැමිණවීම හේතුවෙන් මියයන ලදී. මෙම නඩුවේ පෙත්සම්කරුවන් වුයේ මැරුණු රැදවියගේ බිරිද දරුවන් සහ ඔවුන් වෙනුවෙන් බාරකරුවන් වූ එම බිරිද එනම් මවයි. වගයුත්තරකරුවන් වුයේ සිදුව පොලිසියේ නිලදාරීන්, පොලිස්පති, බන්දනාගාර කොමසාරිස් සහ නිතිපතිය.

ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ශිරාණි ඒ බණ්ඩාරනායක, ජේ ඒ එන ද සිල්වා සහ නිහාල් ජයසිංහ යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. තීන්දුව ලීවේ ශේෂ්ට්‍රදිකරන විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියයි. 2004.07.26 දින නඩුව තීරණය කෙරිණි. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුණ, එම ඒ සුමන්තිරන් සහ ශාන් එස් සේනානායක පෙනී සිටි අතර වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ අර්ජුන කුරුකුලසූරිය, කේ ඒ පි රණසිංහ (රජයේ නීතිඥ) සහ නීතිඥ ජේ එම් විජේබණ්ඩාර පෙනී සිටින ලදී.

මෙම නඩුවේදීද මියගිය පුද්ගලයාගේ බිරිදට සහ දරුවන්ට මුලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාහැකි බව තීරණය කෙරිණි. තවද ආණ්ඩු ක්‍රම විවස්ථාවේ ජිවිතයට ඇති අයිතිය පිළිබද වගන්තියක් ඇතුලත් නොවුවද එය හිමිවෙන බව තීරණය කෙරිණි. මියගිය පුද්ගලයා සම්බන්දයෙන් ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 12 (1), 13(2), 13(4) සහ 17 වන වගන්ති වල සදහන් මුලික කඩව ඇති බව අදිකරණය පැවසිය.

ඔහුගේ මරණය සිදුවුයේ සිදුව පොලිසියේදී සහ මිගමු බන්දනාගාරයේදී නිලදාරීන්ගේ කෘර අමානුෂික සහ පහත්කොට සැලකීම නිසාය. 2002.11.05 දින මියගිය පුද්ගලයාව සහ ෂෙල්ටන් නමත්තෙකුව සිදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. පොලිසිය තුලදී ඔහුට වදහිංසා පමුණුවා තිබිණි. ඥාතීන් ලබා දුන් තේ කෝප්පය පානය කිරීමටත් ඔහුට නොහැකි වුයේ පොලිස් වදහිංසා පැමිණවීම නිසා ඔහුගේ අත් දෙක ඉදිමි තිබීම නිසාය.

2002.11.06 දින ඔහුව සහ ශේල්ටන්ව රක්ෂිත බන්දනාගාර ගත කෙරිණි. ඒ මිගමු බන්දනාගරයේය. ඔහුව බැලීමට ගිය ඥාතීන්ට ෂෙල්ටන් කිවේ මියගිය අයට බන්දනාගාර නිලදාරීන් පහර දුන් බවයි. නඩුවේදී ශේල්ටන්ගේ දිවුරුම් ප්‍රකාශය තීරණාත්මක විය. මියගිය අය බන්දනාගාර නිලදාරීන්ගේ පහරදීමෙන් වැලකි සිටීමට අංක 01 වාට්ටුව වටා දිවූ බවත් පසුව ඔහුව යකඩ ගේට්ටුවකට තබා බැඳ තැබූ බවත් ෂෙල්ටන් හෙළිදරවු කළේය.

මිය ගිය අයව සහ ෂෙල්ටන් නමැති අයව අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසෙල් කැන් දෙකක් සොරකම් කිරීමට සැක කොටය.

පෙත්සම්කරුවන්ට එනම් බිරිදට සහ දරුවන්ට රුපියල් මිලියනයක වන්දි සහ ගාස්තු වශයෙන් හිමි විය. එයින් රුපියල් 925000ක් රජය විසින්ද 3 වන 4වන සහ 5 වන වගයුත්තරකරුවන් රුපියල් 25000 බැගින්ද ගෙවිය යුතු විය. දරුවන් තිදෙනා වෙනුවෙන් රුපියල් 250000ක් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කිරීමටද පොලිය දරුවන් නඩත්තුවට මවට ගෙවීමටද නියම විය. දරුවන් වැඩිවිය පැමිණි පසු ඔවුන්ට සම්පුර්න මුදල ගතහැකි විය. තීන්දුව දුන් දිනයේ සිට මාස 03 ක් ඇතුලත මෙම මුදල් ගෙවිය යුතු විය. අදිකරණයේ රෙජිස්ටර්ට නියෝග කෙරුනේ තීන්දුවේ පිටපතක් බන්දනාගාර කොමසාරිස් ජෙනරාල්ට යවන ලෙසයි

 

Advertisements