DSC_0285

එම් ඒ සුනිල් වයස අවුරුදු 50යි. 24 කණුව ගලගෙදර අසල උඩුගම ගාල්ල පදිංචිව සිටි. මම ගාල්ල බන්දනාගාරයේ මාස දෙකක් සුළු දඩුවම් වින්දා. මුලින්ම ගියහම ජම්පරයක් දුන්නා අදින්න. එක ඇන්දහම එකේ සත්තු ඉදලා මුළු පසසම කුණු වුනා. බන්දනාගාර රෝහලින් බෙහෙත් ගත්තා. මාව උන ලෙඩ්ඩු ඉන්න කාමර වලට දැම්මේ. මාසයක් විතර ලැට් හේදුවා. කුණු කෑම අදින්න කිවුවා. දවස් 50 ක්ම නින්ද ගියේ නැහැ. එක තුදෙනෙක් ගේ ඔලු එක පැත්තකට අනික් තුන්දෙනාගේ ඔලු අනික් පැත්තට එහෙමයි නිදා ගන්න වුනේ. ටොයිලට් තියෙනවා යන්න අමාරුයි. නිලදාරීන් ගහන්නේ නැහැ හැබැයි පරණ සිරකරුවන්ට කියලා ගස්සනවා. අතින් පයින් කොහු වලින් ගහනවා. කෑම තුන්වේල හම්බ වුනා. නාන්න ලැබෙන්නේ බාල්දි තුන හතරක්. ඇදුම් හෝදලා වේලන්නේ නැතිව ඒවම ඇද ගන්න ඕන. මට ලිංගික අතවර වුනේ නැහැ. හැබැයි මම ඇස් දෙකට දැක්කා එහෙම වෙනවා. අහිංසකයින්ට ඒ දේවල් සිද්ද කරනවා පරණ සිරකරුවෝ මහත්වරුන්ගේ අනුදැනුම ඇතිව. පුස්තකාල පහසුකම් තිබ්බා. මමත් පොතක් දෙකක් කියෙවුවා. එන්න කිට්ටුව සුදු නැෂනල් එක අදින්න දීලා ගේට් පටියට දැම්මා. සිල් ගන්නත් පුළුවන් වුනා. හැබැයි රෑට නින්ද යන්නේ නැහැ. ලයිට් නිවුවහම රෑට බිත්ති දිගේ මකුණෝ බැහැලා ඇවිල්ලා කනවා.

Advertisements