ජනතා අදිකරණය (9) ;- යෝගලිංගම් විජිතා නඩුව.

rape

මේ මුලික අයිතිවාසිකම් නඩු අංක 186/2001 යි. පෙත්සම්කාරිය යෝගලිංගම් විජිතාය. නඩුව කියන අවස්ථාවේ ඇය මිගමු රක්ෂිත බන්දනාගාරයේ සැකකාරියකි. නඩුව විබාග වුයේ ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන ප්‍රනාන්දු විනිසුරු, ගුණසේකර විනිසුරු සහ ඉස්මයිල් විනිසුරු ඉදිරිපිටදීය. තීන්දුව ලීවේ ගුණසේකර විනිසුරු වන අතර එයට අනෙක් ශේෂ්ට්‍රදිකරන විනිසුරු දෙපලගේ අනුමැතිය හිමිවිය. තීරණය ලබා දුන්නේ 2001.08.23 දිනය.එනම් ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 11, 13 (1) සහ 13 (2) වගන්ති වල දැක්වෙන මුලික අයිතිවාසිකම් උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ වී එස් ගනේෂලිංගම් සමග වී යෝගේශ්වරන්ද වගයුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥ සාලිය පිරිස්, උපුල් කුමාරප්පෙරුම, රජයේ නීතිඥ එම් විජේසුන්දර නීතිඥ සේනුයිදින් පෙනී සිටියහ.

ඇයට වන්දි සහ ගාස්තු වශයෙන් රුපියල් 2,50,000ක් ලබාදීමට ශේෂ්ට්‍රදිකරණය නියෝග කල අතර එයින් පළමු තෙවන සහ නමවන වගයුත්තරකරුවන් සමාන කොටස් වශයෙන් රුපියල් 1,50,000 ක් ද රජය රුපියල් 1,00,000 ක් ද ගෙවිය යුතු බවට නියම විය.

පෙත්සම්කාරියට එවකට වයස අවුරුදු 27 කි. ඇය කයිට්ස් හි පදිංචිකාරියක් වූ අතර යුද්දය නිසා 1990 දී සහ 1995 දී අවතැන් විය. ඇය හමුදා මෙහෙයුම් නිසා කිලිනොච්චියට පැමිණියාය. ඇගේ මව මැදපෙරදිග රැකියාවට 1989 දී ගිය අතර පියා පවුල අතහැර ගොසිනි. කිලිනොච්චියේදී ඇය පාසලක ප්‍රථමික සුවෙච්චා ගුරුවරියක ලෙස සේවය කළාය. ඇගේ නැන්දනිය ඇයට විවාහ යෝජනාවක් ගෙනා අතර ඔහුව බාබු යනුවෙන් හැදින්වූ අතර ඇය මීගමුවේ පදිංචියට ආවාය. එම බාබු නැමැත්තාද ඇගේ මුලික අයිතිවාසිකම් පෙත්සමේ 8 වන වගයුත්තරකරු විය.

ඔහු ඇයට හින්දු චාරිත්‍ර අනුව විවාහය සිදුකර එකට වාසය කිරීමට යෝජනා කළේය. කෙසේනමුත් ඔහු විවාහක දෙදරු පියෙකු බව පෙත්සම්කාරියට දැන ගන්නට ලැබුණි. ඒ හේතුව නිසා ඇය ඔහු සමග විවාහවීම ප්‍රතික්ෂේප කල අතර ඉන්පසු ඇයට ඔහු විසින් නොයෙක් හිරිහැර සහ තර්ජන කරන ලදී. ඔහු කියා සිටියේ සිය බලපෑම් උපයෝගී කරගෙන ඇයව එල් ටි ටි ඉ සංවිදානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක් ලෙස පොලිසියට අල්ලා දී වදහිංසා පමුණුවන බවයි. මේ තත්වය මත ඇය නැවත ත්‍රිකුණාමලයට පැමිණියාය.

2000.06.21 දින පෙරවරුවේ ඇයව ත්‍රිකුණාමලය මහජන බැංකුව ඉදිරිපිටදී සිවිල් ඇදුමින් සිටි පොලිස් නිලදාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. ඇයට මාංචු දමා වැන් රථයකින් මිගමුව පොලිසියට රැගෙන එන ලදී. එහිදී ඇයව ගරාජයකට දමන ලදී. ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක බව චෝදනා කරමින් ශරීරයේ සෑම ස්ථානයකටම පොලු වලින් පහර දෙන ලදී. ඉන්පසුව ඇයව කුඩුවට දමා කරාබු ගලවා කම්මුල් පහරවල් ගසන ලදී. අගේ මුහුණ මිරිස් කුඩු සහ පෙට්‍රල් මිශ්‍ර කර දැමු ෂොපින් බැගයකින් ආවරණය කළහ. ඇයට දැනුනේ ඇගේ මුළු ඇගම ගිනි ගන්නාක් මෙනි. ඉන්පසු ඇයට මේසයක දිගා වන්නට කියා පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු එයට තදකර අල්ලා සිටියදී තවත් පොලිස් නිලදාරීන් සිවු දෙනෙකු ඇගේ අත්වල සහ කකුල්වල ඇගිලිවල නියපොතු වලට අල්පෙනෙති එබ්බවුහ. ඇයට පොලු වලින් සහ වයර් වලින් පහරදුන් අතර බුට් සපත්තු වලින් බිමට වැටුණු ඇයව පැගුහ.

2000.06.25 වන දින ඇයට ප්‍රකාශයකට අත්සන් තබන්න කීවිට ඇය එය ප්‍රතික්ෂේප කළාය. එවිට පොලිස් නිලදාරීන් සිවුදෙනෙකු ඇයව මේසයක් මත තබා තදකර අල්ලා සිටින විට ඇගේ මුහුණ ආවරණය කර මිරිස් කුඩු තැවරු කෙසෙල් මුවයක තුඩ විනාඩි 15 ක පමණ කාලයක් ඇගේ යෝනියට වරින් වර එක පොලිස් නිලදාරියකු විසින් ඇතුල් කළේය. ඇයව ඉන්පසුව පොලිස් කුඩුවට ගෙනවිත් දැමුවේ කිසිවිටකත් සෝදා ගැනීමට ඉඩ නොතබන බවට දැඩි උපදෙස් පිටය. රාත්‍රියේ ඇගේ කෑගැසීම ඇසි කාරුණික පොලිස් නිලදාරියකු ඇයට වැසිකිලිය බාවිතා කිරීමට ඉඩ දුන්නේය.

ඇයව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කලවිට මෙම වදහිංසා පැමිණවීම ගැන ප්‍රකාශ කිරීමට නොහැකි වුයේ පොලිසියේ දැඩි බලපෑම නිසාය. ඇයව අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට අයත් ත්‍රස්ත විමර්ශන එකකයේද රදවනු ලැබිණි. ඇයව රෝහල් ගත කෙරිණි. ඇයට ශාරීරික තුවාල වලට අමතරව විෂාදය, නින්ද නොයාම, බඩගිනි නොවීම, සිතේ එකගතාවක් නොමැතිවීම, සහ චකිතය වැනි මානසික රෝග ලක්ෂණද තිබිණි.

වයිද්‍ය මතය ඇගේ මෙම ශාරීරික සහ මානසික අබාද සමග ගැලපිනි. මෙහිදී සුදත් සිල්වා එරෙහිව කොඩිතුවක්කු 1987 2 SLR 119 හි අතුකෝරල විනිසුරුගේ ප්‍රකාශයක් අදාල කරගෙන ඇත. එනම් පොලිසිය සැකකරු සම්බන්දයෙන් ම්ලේච්ච තිරිසන් සහ අමානුෂික ආකාරයට ක්‍රමවේද යොදා ගෙන ඇති බවයි. මෙවන් කාලයක එනම් මානව හිමිකම් ආරක්ෂාව සහ ප්‍රවර්දනය ගැන කථා කරන විට මේවා ඉතා ගරුත්වයක් සහ විනිතකමක් නැති දේ ලෙසය.

තීන්දුව ලිවූ ශේෂ්ට්‍රදිකරන විනිසුරු ගුණසේකර මහතා නීතිපතිවරයාට නියෝග කරමින් කියා සිටියේ පෙත්සම්කරු සම්බන්දයෙන් 1994 අංක 22 දරන පනත එනම් කෘර අමානුෂික හෝ පහත්කොට සැලකීම හෝ දඩුවම් යන සම්මුතිය යටතේ එන පියවර ගත යුතු බවය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )