ජනතා අදිකරණය (8) ;- හිටපු මහාදිකරන විනිසුරු නඩුව.

n01

මේ මහානාම තිලකරත්න එරෙහිව බන්දුල වික්‍රමසිංහ ජෙෂ්ට පොලිස් අදිකාරී, සහ තවත් අය නඩුවයි. මුලික අයිතිවාසිකම් නඩුවකි. වරෙන්තුව අවලංගූ කර ඇප ලබා දී සිටියදී සැකකරුව නැවත පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම සහ රදවා ගැනීම සාකච්චා වේ. ශේෂ්ට්‍රදිකරන විනිසුරු දිරරත්න, විජේතුංග විනිසුරු සහ බණ්ඩාරනායක විනිසුරු යන ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුව විබාග විය. පෙත්සම්කරු වෙනුවෙන් ජනාදිපති නීතිඥ රන්ජිත් අබේසුරිය නීතිඥ ගිතක ගුනවර්දන, සහ ප්‍රියදර්ශනී ඩයස් ද වගයුත්තරකරුවන් වෙනුවෙන් ඩෙන්සිල් ගුණරත්න බුද්දික ජයසිංහ උදයන්ති සෙනෙවිරත්න සහ ජනාදිපති නීතිඥ සොලිසිටර් ජෙනරාල් කේ සි කමලසබේසන් නීතිඥ ජයන්ත ජයසූරිය සහ ජෙෂ්ට රජයේ නීතිඥ උදිත ඉහලහේවා පෙනී සිටින ලදී.

වගෞත්තරකරුවන් විසින් පෙත්සම්කරුගේ මුලික අයිතිවාසිකම් එනම් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 13 (1) සහ 13 (2) වගන්ති වල සදහන් උල්ලංගනය කරමින් පෙත්සම්කරුව නීතිවිරෝදී අත්අඩංගුවට ගැනීමක් සහ රදවා ගැනීමක් සිදුවූ බව තීරණය කෙරිණි. පළමු සහ තෙවන වගයුත්තරකරුවන්ට වෙන් වෙන්ව පෙත්සම්කරුට පුද්ගලිකව රුපියල් 50,000 ක් ද රජයට රුපියල් 2,00,000 ක් වන්දි වශයෙන්ද ගාස්තු ලෙස රුපියල් 50,000 ක් ද ගෙවීමට නියම වූ අතර ඒ අනුව රුපියල් 3,50,000 ක් මුළු මුදල ලෙස පෙත්සම්කරුට ගෙවීමට නියම විය.

මෙහිදී දිරරත්න විනිසුරුවරයා වැදගත් ප්‍රකාශයක් කළේය. “එනම් වරෙන්තුවක් නිකුත් කිරීම අදිකරනමය ක්‍රියාවකි. එයට පුද්ගලයකුගේ නිදහස පිළිබද කරණය ඇතුලත් වේ. මහේස්ත්‍රාත්වරයෙකු විසින් නඩු පවරන්නාගේ හෝ විමර්ශකයාගේ අවශ්‍යතාව පමණක් සලකා බලා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් නොකළ යුතුය. ”

පෙත්සම්කරු 1968 දී නීති වුර්තියට බැදුණි. 1978 සැප්තැම්බර් මස අදිකරණ සේවයට සම්බන්ද විය. ඔහු මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු ලෙස ප්‍රදේශ කිහිපයකම සේවය කළේය. 1994 දී ඔහුව මහදිකරන විනිසුරුවරයකු ලෙස පත්කරන ලදී. මෙම සිද්දිය වන විට ඔහු කොලබ මහදිකරන අංක 07 හි මහදිකරන විනිසුරුවරයා ලෙස කටයුතු කළේය. ඔහු එවකට සිය පවුල සමග තලගල, කිරිවත්තුඩුවේ පදිංචිව සිටියේය.

පෙත්සම්කරුගේ පුතා, සේවකයකු සහ තවත් අයකු සෝමචන්ද්‍ර නැමැත්තෙකුට පහරදීම සම්බන්දයෙන් මෙම සිද්දිය උද්ගත විය. සෝමචන්ද්‍ර සිය පුතාව පාසල් වැන් රථයට ඇරලීමට පැමිණි අවස්ථාවේ පෙත්සම්කරුගේ නිවස ඉදිරිපිට මෙම පහරදීම සිදුව ඇත. පෙත්සම්කරු විසින් සෝමචන්ද්‍ර දෙසට වෙඩි කිහිපයක් තැබූ බවටද චෝදනා එල්ල විය.

පෙත්සම්කරුට දැන ගැනීමට ලැබුනේ කැස්බෑව මහේස්ත්‍රාත් තමාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් සහ නිවස පිලිබදව සෝදිසි වරෙන්තුවක් නිකුත් කර ඇති බවකි. ඔහු එවිට අදිකරණයට නීතිඥවරුන් සමගින් බාර විය. ඒ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අවලංගු කර පෙත්සම්කරුව ඇප පිට මුදා හළේය. මේ බව අපරාද විමර්ශන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස මහේස්ත්‍රාත් උසාවි රෙජිස්ට්‍රර්ට නියෝග කළේය. පෙත්සම්කරු මහේස්ත්‍රාත් නියෝගයේ සහතික පිටපතක්ද ලබා ගත්තේය.

පෙත්සම්කරු එදින සවස නිවසේ සිටියදී අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරීන් විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගත් අතර මහේස්ත්‍රාත් නියෝගය පෙන්වා සිටියද එයින් වැඩක් වුයේ නැත.

One thought on “ජනතා අදිකරණය (8) ;- හිටපු මහාදිකරන විනිසුරු නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )