kandy_home

මේ මැක්සිමස් ඩනි එරෙහිව අයි පි සිරිනිමල් සිල්වා සහ තවත් අය නඩුවයි. මුලික අයිතිවාසිකම් නඩුවකි. ශේෂ්ට්‍රදිකරන විනිසුරු දිරරත්න, පෙරේරා සහ ශිරාණි බණ්ඩාරනායක යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ විබාග විය. තීන්දුව ලබා දුන්නේ විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වන අතර එයට අනෙක් විනිසුරු දෙපලගේ එකගතාවය ලැබුණි. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ ජේ සි වැලිඅමුනද වගයුත්තරකරුවන් වෙනුවෙන් ඒ එච් එම් ඩි නවාස් ද පෙනී සිටින ලදී.

1998.07.22 පෙත්සම්කරු සහ වැන්දබුවක වන තනිව සිටින ලීලා පෙරේරා දන්කොටුව සිරිසෙවන තානායම් පලට ගියේ රාත්‍රිය සන්සුන්ව ගත කිරීමටය රාත්‍රී 10.30 ට පමණ කිසියම් පිරිසක් ඔවුන්ගේ කාමරයේ දොරට ගැසූ අතර ඔවුන්ගේ නිදහස බිද වැටුණි. නිල ඇදුමින් සිටි පොලිස් නිලදාරීන් 06 දෙනෙකු කාමරයට ඇතුල්ව ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලදී. ඉන්පසුව ඔවුන් දෙදෙනාව පළමුව දන්කොටුව පොලිස් ස්ථානයටත් එතනින් හලාවත පොලිස් ස්ථානයටත් ගෙන ගියහ. ඔවුන්ව අත්අඩංගුවේ තබා ගෙන ඉන්පසුව මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කල අතර ඇප ප්‍රතික්ෂේප කෙරිණි. පෙත්සම්කරුට 1998.07.29 දක්වා රක්ෂිත බන්දනාගාර ගතව සිටීමට සිදුවූ අතර පසුව නිදහස් කෙරිණි.

පෙත්සම්කරුගේ මෙම මුලික අයිතිවාසිකම් නඩුව විබාගයේදී වගයුත්තරකාර පොලිසිය කිවේ තමන් සිරිසෙවන නවාතැන් පොළ වැටලුවේ එහි එල් ටි ටි ඉ සැකකරුවන් සිටින බවට ලැබුණු තොරතුරක් මත බවයි. ඔවුන්ට චෝදනා නගා තිබුනේ ගණිකා නිවාස ආඥා පනත යටතේය. ඒ යටතේ ලිංගික සබදතා පැවැත්වීම වරදක් නොවේ. වරද වන්නේ ගණිකා නිවාසයක් නඩත්තු කර පාලනය කර පවත්වා ගෙන යාමයි.

මෙහිදී මහානාම තිලකරත්න ඒ. බන්දුල වික්‍රමසිංහ (1999, 1 SLR 372) නඩුව උපුටා දක්වමින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීම පිලිබදව සාකච්චා විය. එහිදී මෙසේ සදහන් කෙරිණි. මහේස්ත්රත්වරු විමර්ශකයකු හෝ නඩු පවරන්නාගේ පරිපිඩක සතුට වෙනුවෙන් රක්ෂිත බන්දනාගරගත කිරීමේ නියෝග නිකුත් නොකළ යුතුය. පුද්ගලයකු රක්ෂිත බන්දනාගාර ගත කිරීම අදිකරනමය ක්‍රියාවකි. පුද්ගලයකුගේ නිදහස අහිමි කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයකු තම අදිකරනමය මනස ඒ සදහා යොමු කල යුතුය.

තවද මෙම නඩුවේදී කියවුනේ මහේස්ත්රත්වරු පොලිසියේ උවමනාවට යාන්ත්‍රිකව රක්ෂිත බන්දනාගාර ගත කිරීමේ නියෝග නිකුත් නොකළ යුතු බවකි.

පෙත්සම්කරුට රුපියල් 25,000 ක වන්දියක් ගෙවීමට නියම වූ අතර අදාල ගාස්තුව රජය විසින් ගෙවිය යුතු විය. 1 සිට 6 දක්වා වගයුත්තරකරුවන් වෙන් වෙන්ව පුද්ගලිකව රුපියල් 5000 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු වේ. ඒ අනුව වන්දි සහ ගාස්තු වශයෙන් රුපියල් 55,000 ක මුදලක් ලැබීමට පෙත්සම්කරුට අයිතිය ඇත. මෙම මුදල අද සිට මාස 03 ක් ඇතුලත ගෙවීමට පියවර ගත යුතු බව නියෝග කෙරිණි.

තවද ශේෂ්ට්‍රදිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවේ මෙම නඩු තීන්දුවේ පිටපතක් පොලිස්පති වෙත යැවිය යුතු බවයි.

Advertisements