ජනතා අදිකරණය (5);- රට වැසි පෙරමුණ නඩුව.

pic-1-0

මෙම නඩුව රට වැසි පෙරමුණ නඩුව යනුවෙන් හදුන්වමු. පෙත්සම්කරුවන් 16 කි. වගෞත්තරකරුවන් 07 කි. මෙහි විශේෂත්වය වන්නේ පෙත්සම්කරුවන් 16 දෙනා අතර වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු වන පාටලී චම්පික රණවක සහ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අතුරලියේ රතන හිමි සිටීමයි.

මෙම නඩුව ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන අමරසිංහ විනිසුරු ගුනවර්දන විනිසුරු සහ විජේතුංග විනිසුරුවරුන් ඉදිරියේ විබාග වූ අතර තීන්දුව ලබා දුන්නේ අමරසිංහ විනිසුරු විසිනි. ඔහු සමග අනෙක් විනිසුරු දේපල එකග විය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආර් කේ ඩබ්ලිවු ගුණසේකර, මනෝරි මුත්තෙට්ටුවේගම, සි සුවර්ණදිපති, ජේ සි වැලිඅමුණ, සුරන්ජිත් හෙවමන්නද, වගෞත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ඩි පි කුමරසින්හද පෙනී සිටින ලදී. 1994.06.17 දින තීරණය ලබා දෙන ලදී.

මුලික අයිතිවාසිකම් නඩුවකි. 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවේ එන 13 (1) වගන්තිය උල්ලංගනය වූ බව තීරණය කෙරිණි. එම වගන්තියෙන් කියවෙන්නේ කිසිදු පුද්ගලයෙකු නීතියෙන් ලබා දී ඇති ක්‍රියාදාමයට පටහැනිව අත්අඩංගුවට ගත නොහැකි බවයි. රට වැසි පෙරමුණ ආණ්ඩු විරෝදී සංවිදානයකි. ආණ්ඩුව, ජනාදිපති, ඇමතිවරු සහ මැතිවරණයකින් තේරී පත්වූ නියෝජිතයින් හෝ රාජ්‍ය නිලදාරීන් තියුණු ලෙස දෝෂදර්ශනයට ලක් කිරීම නීතිමය සුවරුපයෙන් නීතිවිරෝදී නැත.

රට වැසි පෙරමුණේ නායකයා වුයේ අතුරලියේ රතන හිමිය. 1992 පෙබරවාරි 27 වැනි දින ඔවුහු කවුදුදුව විහාරයේ රැස්වීමක් පැවැත්වුහ. වාද්දුව පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. ඒ ජනතා විමුක්ති පෙරමුණ ඉහත සදහන් පන්සලේ රැස්වීමක් පවත්වන බවත් එය චම්පික රණවකගේ නායකත්වය යටතේ කොලබ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ සහබාගිත්වයෙන් සිදුවන බවයි. ඒ අනුව පොලිසිය එහි ගොස් හොර රහසේ රැස්වීමට සවන් දීමෙන් පසුව රට වැසි පෙරමුණේ සාමාජිකයින්ව අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිසියට අනුව රට වැසි පෙරමුණේ සාමාජිකයින් දොරවල් ජනෙල් වැසු කාමරයක රවුමකට බිම වාඩිවී සිටි අතර එක පුද්ගලයෙක් නැගිට ඔවුන්ට දේශනයක් පවත්වන ලදී. පොලිසිය සදහන් කල ආකාරයට ඔහු කි දේ සරලව මෙසේය. “රටේ ඒකාදිපති පාලනයක් ක්‍රියාත්මක වේ. තව වසර විස්සක් යන්නට මත්තෙන් මුළු රටම විනාශ වනු ඇත. ප්‍රේමදාසගේ මෙම ඒකාදිපති පාලනය අවසන් කල යුතුයි. ප්‍රේමදාස ප්‍රබාකරන් සමග යුද්දය පවත්වාගෙන යයි. මෙය නැවැත්විය යුතුයි. දිස්ත්‍රික්ක පදනමින් විශ්ව විද්‍යාල පිහිටුවීම උපාදිදරින් අවතක්සෙරු කිරීමකි. අතරමන් කිරීමකි. විපක්ෂය තුල සිදුවන සුළු ආරවුල් නිසා ප්‍රේමදාසගේ බලය වැඩිවෙනු ඇත. මෙම බලයේ පුළුල් පැතිරීමට තරුණයින්ට ඉඩ දිය නොහැක. රට ඒකාදිපති පාලනයෙන් මුදා ගත යුතුයි. අපි රට වැසි පෙරමුණ යටතේ මෙම අරගලය දිගටම ගෙන යමු.”

විට්නි එරෙහිව කැලිෆෝර්නියා නඩුවේදී බ්‍රන්සිස් විනිසුරුගේ ප්‍රකාශයක් මෙහිදී උපුටා දැක්විණි. එනම් “මර්දනය වයිරය ඇති කරන අතර වයිරය ස්ථාවර ආණ්ඩුවට තර්ජනයකි. නිදහස් බාෂණයේ වටිනාකම එනම් එහි ආරක්‍ෂිත වටිනාකමට අදි අවදාරණය කල නොහැක. ”

මෙහිදී පෙත්සම්කරුවන් සෑම කෙනෙකුටම රජය විසින් රුපියල් 5000 ක මුදලක් ගාස්තු ලෙස ගෙවිය යුතු බවට නියම විය.

One thought on “ජනතා අදිකරණය (5);- රට වැසි පෙරමුණ නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )