ජනතා අදිකරණය (1) ;- ජන ගොෂා නඩුව.

laconventionsimplifiee_libertedexpression
මේ අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය එනම් ජනගොෂා නඩුවයි. ශ්‍රී ලංකා නීති වාර්තා 1993 Vol 264 හි දැක්වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය මගින් සහතික කර ඇති බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිලිබදව – ආණ්ඩුව විවේචනය කිරීම මේ මගින් සකච්චා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ ක්‍රියාවන්ට විරුද්දව සිය නොසතුට පල කිරීමට තීරණය කළහ. ඔවුන් මිනිත්තු 15 ක ශබ්ද කිරීමක් එනම් ජන ගොශා නම්වූ විරෝදතාවක් පැවැත්වුහ. එයට සීනු හැඩවිම, වාහන වල නලා ශබ්ද කිරීම, බෙර ගැසීම, සහ උපකරණ වලට ගැසීමෙන් ශබ්ද ඇති කිරීම ඇතුලත් විය.

මෙම නඩුවේ පෙත්සම්කරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයකු මෙන්ම හොරණ ප්‍රාදේශීය සබාවේ සාමාජිකයකු වූ අතර ඔහු ඉංගිරියේදී විරෝදතාවයට සහබාගි විය. ඔහු බෙරයක් ගසමින් විරෝදතාවයට එක් විය. පොලිසිය එය නවත්වන්නයි නියෝග කළහ. එයට ඇහුම්කන් නොදීමේ ප්‍රතිපලය වුයේ පොලිසිය ඔහුගේ බෙරය කඩා දැමීමයි. ඉන්පසුව ඔහු අත්පුඩි ගැසීමට පටන් ගන්නා ලදී. එවිට හෙතෙම පොලිසියේ පහරකෑමට ලක්විය. නමුත් රැස්ව සිටි පිරිස දිගටම ආණ්ඩුවට එරෙහිව සටන් පාට කියමින් කැගසුහ. ඔවුහු මහා පාරද අවහිර කළහ. සෙනග විසිර වීමට කදුළු ගැස් ගැසූ අතර බැටන් පොලු ප්‍රහාරයක්ද දියත් කළහ.

මෙහිදී ශේෂ්ට්‍රදිකරන විනිසුරු මාක් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී ජිවන රටාවකට ආණ්ඩුව, දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති, වැඩසටහන් වලට සහය දැක්වීම මෙන්ම විවේචනය කිරීම මුලික අවශ්‍යතාවක් බවයි. මේ අනුව බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බැහැර කල නොහැක. 14 (1) (අ) වගන්තියේ එන බෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට ආණ්ඩුව දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්තීන් විවේචනය කිරීම ඇතුලත් වන බව විනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කර ඇත.

පෙත්සම්කරුට පහරදුන් පොලිස් නිලදාරීන් ඉංගිරිය පොලිසියට අනුයුක්තව සිටි අයයි. එවකට බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුක විපක්ෂය ආණ්ඩුවේ ජිවන බර ඉහල දැමීම, පවුද්ගලිකරණය, අල්ලසට සහ දුෂණයට, පැහැර ගැනීම්, මරා දැමීම සහ උතුරු නැගෙනහිර යුද්දයටද මෙම ජන ගෝෂා මගින් සිය විරෝදය පල කර සිටියහ.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාගේ තර්කය වුයේ පොලිසිය පෙත්සම්කරුගේ විරෝදයට බාදා කලේ සරලව එය ආණ්ඩුවට විරුද්දව සිදුකල එකක් බැවින් බවයි.

විනිසුරු ප්‍රනාන්දු මහතා පෙත්සම්කරුගේ 14 (1) (අ) වගන්තියෙන් සහතික කර ඇති අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව තීරණය කළේය. වගෞත්තරකරුවන්ගේ ප්‍රකාශය වූ මෙම විරෝදය කැරැල්ලකට හේතුවන නිසා එය මැඩපැවැත්වූ බව යන්න මෙහිදී ප්‍රතික්ෂේප කෙරිණි. පෙත්සම්කරුට රුපියල් 50,000 ක වන්දියක් ගෙවීමට නියෝග කෙරිණි. එය රජය විසින් ගෙවිය යුතු විය. පොලිසිය පුරවැසියන්ගේ මුලික අයිතියක් වන බාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහතික කොට, ගරු කොට, ආරක්ෂා කල යුතු බවටත් පැවසිනි. මේ පිලිබදව පොලිස්පති සියලුම පොලිස් ස්ථාන වල ස්ථානාදිපතිවරුන්ව දැනුවත් කල යුතු බව එනම් ආණ්ඩුව සහ දේශපාලන පක්ෂ සහ ප්‍රතිපත්ති විවේචනය කිරීම බෂණයේ හා ප්‍රකාශනයේ නිදහස 14 (1) (අ) වගන්තිය මගින් අවසර දිය හැකි බවිතාවක් බවයි.

ශේෂ්ට්‍රදිකරන විනිසුරුවරුන් වන දිරරත්න මහතා සහ රාමනතන් මහතා ශේෂ්ට්‍රදිකරන විනිසුරු මාක් ප්‍රනාන්දු මහතාගේ තීරණය සමග එකග විය.

One thought on “ජනතා අදිකරණය (1) ;- ජන ගොෂා නඩුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )