සැබෑ බන්දනාගාර ;- දවස් 07 ක් නැවේ නැහැ.

DSC_0238
මම එච් ඩබ්ලිවු නුවන් කුමාර. වයස අවුරුදු 20 යි. විවාහක දරුවන් එකයි. රැකියාව කුලී වැඩ. පදිංචිය කාලවිල, බේරුවල. කළුතර බන්දනාගාරයේ සැකකරුවෙකු ලෙස දවස් 19 ක් සිටියා. ඇතුලට ගියේ 2014.06. 22. බන්දනාගාරයේ කෑම කන්න බැරි හින්දා කෑවේ නැහැ. ගෙදරින් ගෙනාපුවා කැවා. කුඩුවේ ඉන්න කොට නාන්න පහසුකන් තිබ්බා. එකෙන් අයින් කරලා වෙන ශාලාවකට දැම්මා. එකේ ඉන්න කොට දවස් 07 ක් නැවේ නැහැ. ලිටරේ වතුර බෝතලේ බාගයක් කපලා එකෙන් කෝප්පයක් හදලා එකෙන් වතුර කෝප්ප හතක් විතරක් දෙනවා ඇග හෝදගන්න කියලා. සබන් මොකුත් දෙන්නේ නැහැ. ටොයිලට් පහසුකම් හොදයි හැබැයි දොරවල් නැහැ. මට ගැහුවේ නැහැ. මම අනික් අයට ගහනවා දැක්කෙත් නැහැ. ලිංගික අතවර තිබුනේ නැහැ. පුස්තකාල පහසුකම් පොත් මොකුත් නැහැ. මුළු ශාලාවටම එක පත්තරයක් තියෙනවා. එකත් බලන්නේ පරණ අය. කුඩු ගංජා සිගරට් තියෙනවා දැක්කේ නැහැ. දුම්කොළ බොන කට්ටිය නම් හිටියා. මම ඔහේ වාඩි වෙලා කල්පනා කර කර හිටියා කවදා එලියට යන්න ලැබෙයිද කියලා.

One thought on “සැබෑ බන්දනාගාර ;- දවස් 07 ක් නැවේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )