DSC_0235

මම ශාන්ත ප්‍රසාද් ප්‍රනාන්දු. අංක 22, තොටුපලවට්ට, කෙසෙල්වත්ත, පානදුර. වෙළදාමක් කරනවා. ගාමන්ට් වලට කෑම දෙනවා. විවාහක දරුවන් 02 යි. දවස් 14 කට රිමාන්ඩ් කළා. කළුතර බන්දනාගාරය. 2008.12.04 සිට 2008.12. 18 දක්වා. අපිව බන්දනාගාරයේදී නිරුවත් කර පරික්ෂා කරා. හැමෝටම තැටියකට බත් ගෙනාවා. බත් ගෝවා පරිප්පු දාලා කන්න කිවුවා. එක දැලි තැටියක්. මට අප්පිරියයි. මම කෑවේ නැහැ. එදා දවසටම හිටියේ බිස්කට් එකක් කාලා. තේ එකක් බිලා. ඊලග දවසේ දවල් කැමට පෝලිමට නොගිහින් පරක්කු වෙලා ගියා කියලා මට කෑම දුන්නේ නැහැ. මම හවස බේත් ගෙන්න ගියා. ස්පිරිතලේ හිරකාරයෙක් හිටියා. දොස්තරලා හිටියේ නැහැ. ජේලර්ලා කාමරයට ඇවිත් සිගරට් ඉල්ලුවහම ඒවා දෙන්න ඕන. මොකක් හරි වුනොත් ජේලර්ලා අපිව එලියට අරන් ගහනවා. හුගක් අයට ජෙලර්ලගෙන් හිරිහැර සිද්ද වුනා. අඩි 50 ක් දිග අඩි 30 ක් පළල කාමරේ 300ක් විතර ඉන්නවා. නිදා ගන්න ඉඩක් නැහැ. දර සැයක දර අඩුක් කරා වගේ බිම නිදා ගන්නවා. සමහරු ටොයිලට් එකෙත් බුදි. සමහර අය නාන කාමරේ ටැංකි උඩ නිදි. බුදිය ගත්තට පස්සේ ආපසු නැගිටලා ටොයිලට් එකටවත් යන්න බැහැ. ඒ තත්වයට සෙනග ඇතුලේ පිරිලා ඉන්නවා. දවසක් ඇප දීලා කියලා මගේ නම කතා කරා. මම ජේලර් ලගට ගියා. මට ඇඩ්රස් එක අමතක වුනා. මට කුණුහරුපෙන් බැන්නා. පස්සේ කිවුවා. මට මතක් වනා ඒ ජේලර් මහත්තයා අපේ ගමේ කෙනෙක් කියලා. මම කිවුවා මම දිග්ගල පාරේ කියල. ඊට පස්සේ ජේලර් මගේ මුණ බැලුවා. ඊට පස්සේ ක්නුහරුප කිවුවේ නැහැ. ඊළගට ඇප දීලා හිටපු මට මාංචු දැම්මා. අපිව බස් එකක දාලා පානදුරේ ගෙනාවා. බස් එකේදී දෙන්නෙක්ව මරන්න ඉන්නවා කියපු හින්දා බස් එකට ගාඩ් එක දැම්මා. පසුව නඩුකාරතුමා කුඩුවට නගින්න විනාඩි 05 කට පමණ පෙර මාව කුඩුවෙන් එලියට ගෙන මට යන්න කිවුවා.

නායකයන්ට බිඩි මිටියක් දුන්නහම හිරගෙදර නාන්න වතුර ලැබෙනවා. ටොයිලට් එකට යන්නත් බිඩි මිටියක් දෙන්න ඕන. ඇදුම් හෝදන කොටත් බිඩි මිටියක් දෙන්න ඕන. මම බිඩි මිටි බණ්ඩලයක් වගේ ගෙනත් තියාගෙන ඉන්නවා. මම නෝනට කියලා ගෙන්න ගත්තා. බිඩි, සිගරට් ඇතුලට ගෙන්න ඉඩ දෙනවා.

මම ගෙදරින් ගෙන කෑම කැවා. මේගොල්ලෝ පෝලිමේ ඉන්න අයට කන්න දෙන්නේ ටිකයි. ඊලග දවසේ ඉතුරුවන කෑම ඇත්ටක්ටරයක පුරවලා අරන් යනවා. මම එක්කෙනෙක්ගෙන් ඇහුවා කොහාටද ගෙනියන්නේ කියලා. එතොකට කිවුවා උරන්ට කන්න දෙන්න කියලා. මිනිස්සු බඩ ගින්නේ ඉන්නේ ඒගොල්ලෝ ඉල්ලුවට කන්න දෙන්නේ නැහැ. උරන්ට දීලා සල්ලි ගන්නවා. මේවා ඔක්කොම කරන්නේ ජේලර් මහත්තුරු.

ජේලර්ලා දෙකේ දෙකේ පොලු තියාගෙන ඉන්නවා. ඒගොල්ලන්ට ඉහලින් කතා කලොත් ගහනවා. මටත් පාරවල් දෙකක් ගැහුවා. ඇතුලේ සල්ලි තියෙනවනම් ආරක්ෂාව තියෙනවා. පෝලිම පැන්නත් ගහනවා. කාමරයට දෙන්නා දෙන්නා ඇතුල් වෙන්න ඕන පිටවෙන්න ඕන එහෙම නොවුනූත් ගහනවා. ඒගොල්ලන්ගේ පිළිවෙලට සකස් වුනේ නැත්නම් ගුටි කන්න සිද්ද වෙනවා. ඒගොල්ලන්ගේ ලොකුම ගතිය පහරදීමයි කුණුහරුප කීමයි.

පුස්තකලයක්වත් පොතක් පත්තරයක්වත් බලන්න නැහැ. රැදවියෝ ගෙදරින් පොත් ගෙනහල්ල බලනවා දැක්කෙත් නැහැ.

සමහර තරුණ අයට ලිංගික අතවර වෙනවා. ඒවා ජේලර්ලා අතිනුත් සිද්ද වෙනවා. සාමාන්‍ය පෙනීමක් තියෙන කෙනෙක්ව දැක්කහම මෙයාව අද අපිට ඕන කියලා ඉල්ලනවා. ඒ වෙනුවට වෙන කෙනෙක්ව කාමරයට දාලා එයාව අරන් යනවා. කුස්සියේ වැඩට කියලා රැ 1 ට 2 ට අරන් යනවා. මට එවැනි අත්දැකීමක් අවුරුදු 20 ක විතර ළමයෙක් කිවුවා.

මගේ කාමරේ 360 ගානක් හිටියා. එක ප්‍රමාණවත් 50 කට 60 කට.

වරදක් කරලා ගියා නම් මේ දුක දැනෙන්නේ නැහැ. වරදක් නොකළ නිසා තමයි මේ දුක මේ වේදනාව දැනෙන්නේ. එකයි අදටත් මේවා මට කියවෙන්නේ. බන්දනාගාරය සම්පුර්ණයෙන්ම සසර කලකිරෙන තැනක්. අපි හිතන් හිටියට පොලිසිය තිරිසන්නු වගේ කියලා ඒවගේ දෙගුණයක් තමයි ජෙලර්ලගෙන් ලැබෙන සැලකිලි. රිමාන්ඩ් වෙලා බන්දනාගාරයට ගියාම අපි අතවර වලට ලක්වෙනවා. අපිට වචනයක්වත් ඒගොල්ලන්ට ඉහලින් කතා කරන්න බැහැ. සර් කියලා කතා කරන්න ඕන. එහෙම නැති වුනොත් ඒවාට පහර වදිනවා. ඒවගේ අසරණ තත්වයකට වැටිලා තමයි අපි එතන ඉන්නේ.

Advertisements