ප්‍රජාතන්ත්‍රවාදය;- විසම්මුතිය ඉවසිමද? උනන්දු කිරීමද?

Press-Freedom
ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන්නේ රාජපක්ෂට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ වන විට බ්ලොක් කර ඇති වෙබ් අඩවි සංකයාව 8කි. මෙය ශ්‍රී ලංකාවේ උත්තරීතරම නිතිය වන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මුලික අයිතිවාසිකමක් වන බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අමුඅමුවේ උල්ලංගනය කිරීමකි. විදායක ජනදිපතිවරුන් අතින් මානව හිමිකම් සුරැකෙයි යයි සිතීමද උගහටය. බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ගැන සැලකීමේදී අමතක කල නොහැකි මුලික අයිතිවාසිකම් නඩු තීන්දු දෙකක් ඇත. මේ නඩු තීන්දු දෙකම අසහාය මාක් ප්‍රනාන්දු විනිසුරුතුමන්ගේය. ඒ ජනගොෂා නඩුව සහ දේශප්‍රිය එරෙහි නුවරඑලිය නගර සබා නඩුවයි. මේ නඩු දෙකම පැවරුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේය. ජනගොෂා නඩුවේදී එවකට වීපක්ශය විනාඩි 15ක් විවිද ශබ්ද කරමින් විරෝදතා දැක්වුහ. ඒ අතර ගන්ටාර ගැසීම වාහන වල නලා ශබ්ද කිරීම වෙනත් බාන්ඩ වලට ගැසීමද විය. මෙම නඩුවේ පෙත්සම්කරුවූ හොරණ නගර සබා සාමාජික බෙරයකට ගැසූ අතර පොලිසිය පැමිණ ඔහුගේ බෙරයද කඩා ඔහුට පහර දුන්හ. ඔහු ශේෂ්ට්‍රදිකරණයේ පැවරු මුලික අයිතිවාසිකම් නඩුව දිනු අතර එය ජන ගෝෂා නඩුව නමින් ප්‍රසිද්දියට පත්විය. දේශප්‍රිය මුලික අයිතිවාසිකම් නඩුවේදී පෙත්සම්කරුගේ පුවත්පත් 450 ක් අත්අඩංගුවට ගෙන ඒවා ජනතාව අතට පත්වීම වලක්වන ලදී. මෙම නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කිවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී විසම්මුතිය ඉවසීම පමණක් නොව එය උනන්දු කිරීමද සිදුවිය යුතු බවයි. රාජපක්ෂ පාලනය යටතේ සිදුවන්නේ මේ දෙකම නොව එය අමුඅමුවේ විනාශ කිරීමයි. මර්දනය කිරීමයි.

One thought on “ප්‍රජාතන්ත්‍රවාදය;- විසම්මුතිය ඉවසිමද? උනන්දු කිරීමද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )