DSC_0210
ඔහු ජි වී ඉන්ද්‍රසිරිය. වයස අවුරුදු 44කි. විවාහක. දරුවන් සිවුදෙනෙකි. ජිවත් වන්නේ බෙන්තොටගේ වත්ත, පිටිවැල්ල, බුස්ස, ගාල්ලේය. රැකියාව දිවර වඩු කාර්මිකය. 2013 ජුනි 31 සිරගත විය. ගාල්ල බන්දනාගාරයේ සැකකරුවකු ලෙස මාස 05 යි දවස් 05 ක් ගත කොට තිබේ. ඔහුට ගිනි අවි පනත යටතේ චෝදනා නගා තිබිණි. බන්දනාගාරයේ පුස්තකාල පහසුකම් තිබුනද කියා ඔහු දන්නේ නැත. පත්තරේ විතරයි. එත් ලංකාදීප විතරයි. එකත් සමහර දේවල් කපලා එවන්නේ. එහෙමත් කෙනෙක් ගෙදරින් පොත් ගෙනහල්ලා බලනවා. කෑම කන්න බැහැ . ලුණු නැහැ. මිරිස් නැහැ. වතුර වගේ. වහිනකොට නාන්න වතුර තියෙනවා. පායන කොට නැහැ. නාන තැනම තමයි ටොයිලට් තියෙන්නේ. වහින කාලෙට උතුරනවා. ගදගහනවා. යන පාරේ ඉදන් උතුරලා තියෙනවා. බිත්ති බාගෙට බැදලා තියෙන්නේ. දොරවල් නැහැ. ඉන්ද්‍රසිරි ඉන්නකොට 200 ගානකට හදපු බන්දනාගාරයේ 998 ක් සිට ඇත. නිදා ගන්නේ කකුල් එක පැත්තක ඔලු එක පැත්තක. පොල් අඩුක් කරනවා වගේ. නිදා ගන්නේ බිම. පැදුරු නැහැ. ඔහුට බන්දනාගාර නිලදාරීන් පහර දී නැත. අනෙක් රැදවියන්ට පහර දී තිබේ. ෆෝන් අහුවුණාම ගසා ඇත. ඇතුලේ කුඩු ගංජා අබින් සිගරට් ඇත. ඒවා ගේන්නේ මහත්තුරුය. මහත්තුරුන්ට රුපියල් 10,000/= ක් දුන්නම කුඩු අවශ්‍යතාවය ඉටු කර දෙයි.

Advertisements