සැබෑ බන්දනාගාර ;- සුව පහසු තැන්පතුව රුපියල් 2000යි.

Untitled-1

ඔහු නම ගම හෙළිකිරීමට අකමැතියි. චායාරුපයක් ලබා දීමටත් අකමැතියි. අපි ඔහුව X කියා හදුන්වමු. X , 2013 වසරේ මැයි 14 සිට මාස 05ක් ගාල්ල බන්දනාගාරයේ සැකකරුවෙකු ලෙස සිටින ලදී. ඒ හෙරොයින් ලග තබා ගැනීමේ චෝදනාවටය. එහි පුස්තකාල පහසුකම් තිබී නැත. මුළු හිරගෙදරටම තිබී ඇත්තේ එක පත්තරයකි. ඔවුන් හිටපු වාට්ටුවේ කවුරුත් පොත් පත්තර බලා නැත. ඔහු බලා ඇත්තේද බත් ඔතා ගෙන ආ පත්තර පිටුවයි. ඔහු බන්දනගාරයෙන් දෙන කෑම ලබා ගෙන නැත. ඒවා කැමට නොහැක. ගෙදරින් ගෙනෙන දේ කැමට ගෙන ඇත. නාන්න වතුර ගන්නේ බාස්කට් වලට අරන්ය . නාන්න ගන්න වතුර වලට අච්චු අයට සල්ලි දෙයි. නාන්න මාසෙකට රුපියල් 2000/= ක් දෙනවා. ඒගොල්ලෝ නොම්බරයක් දෙනවා ඒ එකවුන්ට් එකට දානවා. කාමරයක 08 දෙනෙක් ඉන්නවා නිදා ගන්න අමාරුයි. කාමරය ප්‍රමාණවත් 04 කට 05 කට වගේ. බිම නිදා ගන්නේ. පදුරුත් නැහැ. ටොයිලට් පහසුකම් අන්තිමයි. වැස්ස කාලෙට ටොයිලට් උතුරනවා. ඒ ටොයිලට් වලට දොරවල් නැහැ. බිත්ති උසට බැදලා තියෙනවා. නිලදාරීන් රැදවියන්ට ගහනවා. හේතුවක් නැතිවත් ගහන වෙලාවල් තියෙනවා. ඇතුලේ නිලදාරීන් දැනුවත්ව කුඩු ගංජා ආදී නීතිවිරෝදී දේවල් තියෙනවා. ෆෝන් ඇතුලට ගේන්නෙත් මහත්වරුය. ඔහුට අනුව ඔහු සියල්ල ගෙන ඇත්තේ සල්ලි වලටය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )