විග්නේශ්වරන් Go ahead.

is

අපි ඔබට ගවුරව කරමු. ඒය රටේ ජානදිපතිට නොදෙන දෙයකි. මක්නිසාද ඔබ ලේ තැවරුණු නායකයකු සමග හවුලේ ඉන්දියාවට ගොස් එරට අරට අගමැති පදවි ප්‍රාප්ති උත්සවයට සහබාගි නොවීමට තීරණය කිරීම ගැනයි. බොහෝ දේ කණපිට පෙරලුනු රටක ජනතාවට ඔබ ලබාදී ඇත්තේ හොද ආදර්ශයකි. ඉදිරියටම යන්න. ඔබට ලේ වැගිරීමට අකමැති යුද අපරාද වලට සාදාරන යුක්තියක් අපේක්ෂා කරන සිංහල දෙමල මුස්ලිම් ජනයාගේ සහයෝගය ලැබෙනු ඇත.

“මෝදිගේ උත්සවයට යන්න විග්නේෂ් බැහැ කියයි

අනුර බාලසූරිය සහ දිනසේන රතුගමගේ

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අගමැති ලෙස දිවුරුම් දීමේ නිල උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගිවීමට තීරණය කර ඇත.

නව අගමැති වශයෙන් තමන් දිවුරුම් දීමේ අවස්‌ථාවට එක්‌වන්නැයි නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ද ආරාධනා කළේය.

නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය නව අගමැතිවරයා ලෙස දිවුරුම් දෙන අවස්‌ථාවට තමන් සමඟ එක්‌වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා උතුරු පළාතේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතාට ද ඇරයුම් කර ඇතත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‌ෂේප කර ඇත.

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දිවුරුම් දීමේ උත්සවය ලබන 26 වැනිදා නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී පැවැත්වෙයි.

අගමැති ධුරය භාරගන්නා ලෙස ඉන්දීය ජනාධිපතිවරයා දැනුම් දීමෙන් පසු දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වන ලෙස සාර්ක්‌ කලාපීය රටවල රාජ්‍ය නායකයන්ට නරේන්ද්‍ර මෝදි මහතා ඇරැයුම් කළේය. – දිවයින.”

One thought on “විග්නේශ්වරන් Go ahead.

  1. billy පවසයි:

    එක ඈත්ත විග්නෙශවරන්ට රාජපක්ස එක්ක එක රටක් ලෙස සවාරි ගනවට වඩා වෑදගත් වෑඩ නෑද්ද ..අහින්සක කුබියකුටවත් වරදක් නොකරපු කොටි සමරන එක , දමල ජාතිවාදි වර්ග්වාදය එදිරියට ගෙනයන්න රටින් පිට අනිසක කොටි එක්ක ගනු දෙනු කිරිම , වර්ගවාදය පෑතිරවිම..වගෙ දවල් ඉට වඩා වෑදගත් නෑද්ද …නෙද

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )