DSC_0157

මම රසික විරාජ් ලොකුහෙට්ටි. වයස අවුරුදු 40 යයි. ළමයින් තුන්දෙනෙක් ඉන්නවා. පදිංචිය කුරහන්කොරටුව, වැලිපිටිය, වැලිගම. මිට අවුරුදු 04 කට කලින් මාතර බන්දනාගාරයේ සැකකරුවකු ලෙස මාස 06 ක් හටියා. බන්දනාගාරයේ නැමේ පහසුකම් තියෙනවා. කැමට බත් එළවලු හම්බ වෙනවා. කන්න පුළුවන් කමක් නැහැ. නිදා ගැනීමේ පහසුකම් හොද නැහැ. මාළු අඩුක් කරන විදියට තමයි නිදා ගන්නේ. අඩි 1 1/2 ක ප්‍රමාණයක් තමයි නිදා ගන්න හම්බ වෙන්නේ. 600 ක පමණ පිරිසකට තියෙන්නේ ටොයිලට් 10 ක පමණ ප්‍රමානයක්. එක කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒවාට තියෙන්නේ බාග දොරවල්. බිත්තිත් බාගෙට බැදලා තියෙන්නේ. නිලදාරීන් රැදවියන්ට පහර දෙනවා. 50% කට වඩා නිලදාරීන් මෙසේ පහරදීම් කරනවා. බන්දනාගාර නිලදරින්ගෙන් 90% ක් රැදවියන්ගේ බිරින්දෑවරුන් සමග අනියම් සම්බන්දතා ඇති කර ගන්නවා. විස්ට් ආවහම කතා කරන ඒවා ඇහෙන්නේ නැහැ. මුණට කතා කරන්න විදියක් නැහැ. මොකද පිරිස වැඩිය. කුඩු ගංජා ෆොන් ඇතුලට යන්නේ මහත්තුරු අතින්. හැබැයි ඒවා අල්ලන්නෙත් මහත්තුරු තමයි.

Advertisements