Capture

සිරියාවේ වදහිංසා පැමිණවීම් පිළිබද චායාරුප රැසක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සාමාජිකයින්ට දැක ගැනීමට සලස්වා ඇත. එම බයානක චායාරුප දුටු ඔවුන් නිහඩතාවයට පත්ව තිබේ. එම චායාරුප වලට අන්තර්ගත වුයේ සිරියාවේ ආණ්ඩුවේ හමුදා තම සිරිකරුවන්ට වදහිංසා පැමිණවූ ආකාරයයි. ඒවාට අතවර කිරීම්, පහරදීම්, එල්ලිම්, විදුලි සැර ලබාදීම සහ කුසගින්නේ තැබීම අන්තර්ගත විය. සාමාජිකයින් 15 දෙනාට මෙම චායරුප 55000 දැක ගැනීමට සලස්වුයේ ප්‍රංශය විසිනි. මේ අපරාද වලට වගවීම සිදුකල යුතු බවත් ජාත්‍යන්තර ප්‍රජාව මෙම බියකුරු බවට එරෙහිව එක්සත් විය යුතු බවත් නිරීක්ෂකයින්ගේ අදහස විය. විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු මෙම තත්වය උපමා කලේ නාසි ජර්මානුවන් තම රැදවියන්ට වද දීමට යොදා ගත් ඔස්ටිවිච් කදවුරටයි. මෙම චායරුප ගත් පුද්ගලයා හැදින්වෙන්නේ සීසර් යනුවෙනි. එම චායාරුප ඩිජිටල් තාක්ෂනයට හසු කර තිබුනේ නැත. සීසර් විසින් සිරියාවේ ආණ්ඩු විරුද්ද හමුදා සිදු කරන අපරාද වාර්තා ගත කර නොතිබිණි. නමුත් මෙම චායරුප සිරියානු ආණ්ඩුවේ යුද අපරාද පිළිබද පැහැදිලි සාක්ෂියක් විය. ඒවා රුවන්ඩාවෙන් පසු දුටු බයානකම දර්ශන විය. සීසර් මෙම චායරුප රටින් බැහැරට හොර රහසේ ප්‍රවාහනය කලේ මෙමරි කාඩය සපත්තුවේ සගවා ගෙනය. සීසර් සිරියානු හමුදාවේ ජෙෂ්ට සජන්වරයකු වන අතර ඔහු අවුරුදු 13 ක් එහි අදිකරණ විද්‍යා කටයුතු පිළිබද චායරුප ශිල්පියා ලෙස සේවය කොට තිබේ. 2011 සැප්තැම්බර් සිට 2013 අගෝස්තු දක්වා ඔහු හමුදා රෝහලක සේවය කර ඇත. සමහරු දක්වන්නේ සිසර්ගේ මෙම වැයම හොලිවුඩ් සිනමා පටයක් හා සමාන බවයි. සීසර් ව සිරියාවෙන් පිට කර ගැනීම පිලිබදව වූ සැලැස්ම ඒ තරම් අපුරුවටම සිදුකර තිබිණි.

Advertisements