අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.

alliedgang-vs-germany

මේ ශ්‍රී ලංකාවේ සැබෑ සුවරුපයයි. නීතිය මත පාලනය බිද වැටී තිබේ. සංවර්දනය ඇත. ජාත්‍යන්තරය අප රට සලකන්නේ මද්යම පන්තික අදායම් උපයන රටක් ලෙසයි. මෙය කොතරම් සත්‍යක්ද? යුක්තිය නොමැති සංවර්දනයෙන් පලේ කුමක්ද?

01. පොලිස්පති
පොලිස් මූලස්ථානය,
කොළඹ.

02. සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ.

අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම

දිනයාදුර තිලකාවතී, අවු: 57යි, විවාහක, දරුවන් 04යි.
ලිපිනය : හලවාගොඩ පාර, ගොඩැල්ල, බේරුවල.
0778461331
2014.04.03

2014.03.28 සිකුරාදා, ප:ව:6.30 ට පමණ, මට මගේ දුව දුරකථනයෙන් අමතා කිව්වා – තාත්තාට (දිනයාදුර රත්නසිරි සිල්වා* කඩුවකින් කපලා, ඉස්පිරිතාලෙට ගෙනිච්චා කියා.

මා එ් වෙලාවේ සිටියේ කොස්ගොඩ. මා වහාම ගෙදර ඇවිත් සැමියාව බලන්න බේරුවල රෝහලට යන්න ත‍්‍රී රෝද රථයකින් පිටත් වුනා.

නිවසේ සිට මීටර් 100ක් විතර යන විට, හේමසිරි යන අයත් නිවස ඉදිරිපිට මාර්ග බාධකය අසලදී, ත‍්‍රීරෝද රථයේ සිටි මාව, දිනයාදුර නන්දසීලි මාගේ අතින් ඇද, බිමට ගත්තා. එ් සමගම දිනයාදුර දීපා දර්ශනී මගේ කොණ්ඩෙන් කරකවා අල්ලා ගත්තා. දිනයාදුර නන්දසීලී ඇය අතේ තිබූ පොල්ලෙන් මට පහර දුන්නා. එසේ පහර දෙන අතර, වෙත්තමුනි සුමනදාස සිල්වා මා වෙත පැමිණ ඔහු අත තිබූ පිහියෙන් මගේ ඇලපතට ඇන්නා. මේ අතර මාගේ දුව, දිනයාදුර රූපිකා නිල්මිණි එතැනට දුවවිත්, මට පිහියෙන් ඇනීම වලක්වා ගත්තා.

ඔහු – වෙත්තමුණි සුමනදාස සිල්වා ඇයටද පිහියෙන් ඇන්නා.

වෙත්තමුණි සුමනදාස – කිමිදී මා`ඵ අල්ලන අයෙක්. ඔහු මට හා දුවට ඇන්නේ, එ් සඳහා භාවිතා කරන පිහියකින්. මට අනින ලද පිහිය වර්ගය දුටුවොත් හඳුනාගන්න පු`ඵවන්.

මාව යමෙක්, අ`ඵත්ගම පොලිසියට ත‍්‍රී රෝද රථයකින් ගෙන ගියා. පොලිසියේදී මාව නාගොඩ රෝහලට ගෙනයන ලෙසට දැනුම් දුන්නා. මාව නාගොඩ රෝහලට ගෙන ආවා.

නාගොඩ රෝහලේ, 1 වාට්ටුවට ඇතුලත් කලා. 2014.03.29 වන දින ශෛල්‍ය කර්මයකට භාජනය කලා. 2014.03.31 රෝහලෙන් පිටත් කලා.

රෝහලේ ඉන්නා විට, රෝහල් පොලිසියෙන් ඇවිත් කිව්වා, අලූත්ගම පොලිසියෙන් කටඋත්තර ගනීවී කියා. නමුත් ආවේ නැහැ.

2014.04.02 වන දින සවස 4.00 ට පමණ මා අ`ඵත්ගම පොලිසියට ගියා. එහිදී මගෙන් කටඋත්තරයක් ගන්න, නිලධාරීන් බැහැ කිව්වා. මම කිව්වා මට අමාරුයි , නැවත එන්න බැරිවෙයි කිව්වා. එවිට අතුල නැමැති සැරයන්වරයා ප‍්‍රකාශය සටහන් කර ගත්තා. ප‍්‍රකාශය කියවා තේරුම් කර දුන්නේ නැහැ. මගෙන් අත්සන් ගත්තා.

2014.03.28 වන දින, වෙත්තමුණි හරෝෂ් චමින්ද හා වෙත්තමුණි අමිත් යන දෙන්නා, මගේ සැමියාව කපා තිබුනා.

ඔහුව බේරුවල රෝහලට ඇතුලත් කලා. එම සිද්ධිය පිළිබඳව – වෙත්තමුණි හරෝෂ චමින්ද හා වෙත්තමුණි අචින්තව එදින රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන පසු දින අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත මුදාහැරියා. එම නඩුව සමථ මණ්ඩලයට යොමු කර තිබෙනවා.

මගේ දියණිය, දිනයාදුර රූපිකා නිල්මිණි දින 3ක් ප‍්‍රතිකාර ලබා ගත්තා.

මට හා මගේ දියණියව දිනයාදුර රූපිකා නිල්මිණිට පිහියෙන් ඇන තුවාල කල, වෙත්තමුණි සුමනදස සිල්වා මේ දක්වා අත්අඩංගුවට ගෙන නොමැත.

අලූත්ගම පොලිසි අපට කියන්නේ ඔහුව අල්ලා ගස් බැඳ, ඔවුන්ට දන්වන ලෙසටයි.

අලූත්ගම පොලිසිය, අපරාධකරුවන්ව බේරීමට කටයුතු කරනු ලබන බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිමි.

මා ඉල්ලා සිටින්නේ – නොපමාව අපරාධකරුවන්ට එරෙහිව සාධාරණ නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටයි.

මේ අපරාධය පිලිබඳව – අලූත්ගම පොලිසියෙන් සාධාරණ පරීක්ෂණයක් ඉටුවේදැයි යන්න පිළිබඳව සැක බව ප‍්‍රකාශ කරමි.

ඞී. තිලකාවත

2 thoughts on “අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑