මානව හිමිකම් කඩන පාලකයින්ට චන්දය දෙන්න එපා.

Image

සාමාන්‍ය මිනිසාගේ මානව හිමිකම් කඩවන විට ඔවුන් වෙනුවෙන් හඩක් නොනගන විට ඔවුන් ලොක්කන්ගේ මානව හිමිකම් කඩවන විටද සංවේදී වන්නේ නැත. සාමාන්‍ය මිනිසුන් බිය නැත. ඔවුන් ඉදිරියට එයි. නමුත් නිවැරදි නායකත්වයක් අවශ්‍යව ඇත. රටේ හරිහමන් විපක්ෂයක් නැත. එළබෙන පළාත් සබා චන්දයේදීද මෙම සාදකය ඉදිරියට එනු ඇත. ආණ්ඩුව අනිවාර්යෙන් දිනනු ඇත. නමුත් විශාල බහුතරයකින් නොවේ. ජෙනරාල්ට ද සැලකිය යුතු චන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇත. ඒ ප්‍රදාන විපක්ෂයේ චන්ද කැඩියාම නිසාය. ශ්‍රී ලංකව වැනි රටක කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් ඔවුන් සාමාන්‍ය ජනයාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීද යන්න සැක සහිතය. කල යුත්තේ කුමන ආකාරයෙන් හෝ සාමාන්‍ය ජනයා බල ගැන්වීමයි. ඒ සදහා ඔවුන් අතරට යාමට විකල්ප ක්‍රම සොයා යා යුතුය. මේ තවත් පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාවන් පිළිබද සිද්දියකි.

01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

නීති විරෝධී ලෙස නිවසට ඇතු`ඵ වී, අලාභ හානි සිදුකිරීම හා
නීති විරෝධීව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම.

සුදුවා දේවගේ සම්පත්, අවු: 30යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව: රියදුරු
ලිපිනය: රොක්ලන්ඞ් පාර, මාගල්කන්ද, මග්ගොන.
2014.03.19 දිනදීය.

01. සුදවා දේවගේ පේ‍්‍රමරත්න – අවු: 70යි – මාගේ පියා වේ.
02. සුදුවා දේවගේ මංගල ප‍්‍රියන්ත – අවු: 42යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : රියදුරු- මාගේ සොහොයුරා වේ.

මා ඇතු`ඵ මාගේ පවුලේ උදවිය- රා කොන්ත‍්‍රාත්කරුවන් බව ප‍්‍රකාශ කර සිටිමි.

2014.03.14 දින පෙරවරු 9.10 පමණ, බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ හා පොලිස් පරීක්ෂක ප‍්‍රියංකර යන දෙදෙනා මාගේ පියාගේ නිවසට පැමිනි අතර, ප‍්‍රියංකර යන නිලධාරියා මාගේ පියාට කතාකර, ”ලොකු මහත්තයා එන්න කිව්වා” යනුවෙන් ප‍්‍රකාශ කලා. මාගේ පියා ස්ථානාධිපතිවරයා වෙත ගිය පසුව, ස්ථානාධිපතිවරයා මාගේ පියාගෙන් රු: 50,000/=ක මුදලක් ඉල්ලා සිටියා.

මීට පෙරද පොලිස් නිලධාරීන් පැමිණ එ් ආකාරයෙන් මුදල් ලබාගත් අතර, මේ අවස්ථාවේ මාගේ පියා ඊට එකඟ නොවූ හෙයින්, ස්ථානාධිපතිවරයා මාගේ පියාට ”එහෙමද, පස්සේ බලාගමු” කියා පිටව ගියා.

පසුව එදිනම, පෙ:ව:10.30 – 11.00 පමණ, විදේශිකයෙකු හා තවත් පුද්ගලයකු මාගේ පියාගේ නිවසට පැමිණ, විදේශීකයා රා බීමට ආසයි කියා රා ඉල්ලා සිටියා. විදේශිකයා සමග පැමිණි පුද්ගලයා ඔහුට මග පෙන්වන්නා ලෙස පෙනී සිටියා. එ් අනුව අප විදේශිකයාට රා වීදුරුවක් දුන් අතර, ඔවුන් දෙදෙනා එම රා වීදුරුවෙන් ටිකක් පානය කලා.

පසුව විදේශීකයා, අපගේ සේවකයින්ගේත්, මාගේ මව වන සීලවතී මියගේත්, රා පීප්ප, රා ප‍්‍රවාහනය කරන ලොරි , අවට පරිසරය ආදියේ ඡුායාරූප ගත්තා. විදේශිකයා සේවකයින්ට මුදල් ද ලබා දුන්නා. පසුව ඔවුන් දෙදෙනා පිටව ගියා.

නැවත එදින (14 දින* සවස 5.00 – 5.30 පමණ, බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ, පොලිස් පරීක්ෂක ප‍්‍රියංකර, උ.පො.ප.සිල්වා, උ.පො.ප.රත්නායක, සැරයන් රාජවසම් ඇතු`ඵ නිලධාරින් 20 -25 ක් පමණ ජිප් රථ 3කින් හා යතුරු පැදි වලින් නිවසට පැමිණියා.

ස්ථානාධිපතිවරයා ඇතු`ඵ කිහිප දෙනෙක් සිවිල් ඇඳුමින් සිටි අතර, නිල ඇඳුමින් දෙදෙනෙක් පමණක් සිටියා.

එම නිලධාරීන් ද, පෙර පැමිණි විදේශීකයා මෙන්ම – අප ගෙවත්ත සහා නිවස ඇතුලත ද, රා එකතු කරන ස්ථානය, සේවකයින්ව ඇතු`ඵව සිය`ඵම ස්ථාන වීඩියෝ ගත කලා. නිවසේ බඩු මුට්ටු පවා වීඩයෝ ගත කලා.

එ් අවස්ථාවේ මාගේ පියා හා සොහොයුරා එසේ වීඩියෝ කිරීමට හේතුව ඇසූ විට, ”උඹලට වැඩක් නැහැ, මේක අපේ වැඩක්, පස්සේ කරන දේ බලාගන්න පු`ඵවන්” යනුවෙන් එම නිලධාරීන් පවසා සිටියා.

පොලිස් නිලධාරින් රැුගෙන ආ අප නොදන්නා තවත් පිරිසක්ව රා බැරල් අසල තබා වීඩියෝ ගත කලා. එ් අවස්ථාවේ මාගේ සොහොයුරා හා පියා ඊට විරුද්ධ වුනා. එසේ විරුද්ධ වීමේදී ස්ථානාධීපති ඇතු`ඵ නිලධාරීන් මාගේ පියාට හා සොහොයුරාට අමානුෂික ලෙස පහර දෙන්නට වුනා. පහර දෙන විට මාගේ සොහොයුරාගේ ඇඳ සිටි සරම ගැලවී ගියා. නැවත සරම ඇඳ ගැනීමට ඔහුට ඉඩ දුන්නේ නැහැ. ඔහු සිටියේ යට ඇඳුම පිටින්.

පසුව ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ, ”කියපු වැඬේ කරන්න” කියා අනෙක් නිලධාරින්ට පැවසුවා. එවිට අනෙක් නිලධාරින් නිවසේ බඩු භාණ්ඩ පොඩි කරනු ලැබුවා. මදින මන්නය ආදිය දමන පෙට්ටිය පොඩි කර දැමුවා. ලබු ගෙඩිය, රා මුට්ටි, බැරල් පොලවේ ගසා පොඩි කරනු ලැබුවා. එ් අවස්තාවේ මාගේ අනෙක් සොහොයුරා වන එස්.ඞී.චමින්ද ඊට විරුද්ධ වීම නිසා, පො.ප.ප‍්‍රියංකර පිස්තෝලයක් දිගුකර ”උඹටත් මැරෙන්න ආසද” කියා මාගේ සහෝදරයාගේ කම්මුලටගැසුවා. ඔහුට අසභ්‍ය වචන කියා බැණ වැදුනා.

අනතුරුව එකී නිලධාරීන් මාගේ පියාව හා සොහොයුරු ප‍්‍රියන්තව අත්ඩංගුවට ගෙන, ඔවුන් පැමිණි ජීප් රථයට දමාගෙන ගෙන ගියා. එ් වන විට වේලාව සවස 5.30 – 5.45 පමණ වේ. පොලිස් නිලධාරීන් මල් කපන මන්නය හා රා වක්කිරීමට යොදා ගන්නා හිස් බකට් එකක් රැුගෙන ගියා.

ඔවුන් පිට ගිය විටම, අප ක`ඵතර සහකාර පොලිස් අධිකාරීවරයාට දුරකථනයෙන් සිද්ධිය දනුම් දුන්නා. සවස 6.30 මණ වන විට ස.පො.අධිකාරීවරයා අප නිවසට පැමිණ පරීක්ෂා කර, කැඞී බිඳී ගිය දේවල් අස්කරගන්නා ලෙසට උපදෙස් දුන්නා. එ් අනුව අප එ්වා අස්කලා.

පසුව ස.පො.අධිකාරීවරයා – ජීප් රථ දෙකකින් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුව රාත‍්‍රීයේ අප නිවසට එවා තිබුනා. එම නිලධාරීන් අතරින් නිසට පැමිණියේ – බේරුල පොලිසියේ රංජන් නැමැති නිලධාරියා හා තවත් නම නොදන්නා බේරුවල පොලිසියේම නිලධාරියකු ඇතු`ඵ, නිලධාරීන් 5 දෙනෙකුය.

එම නිලධාරින්ද එම ස්ථානයේ ඡුායාරූප ලබා ගත්තා.

එසේම අප විසින් මානව හිමිකම් කොමිෂමේ ක්ෂණික දුරකථන අංකයටද එ් අවස්ථාවේම සිද්ධිය දැනුම් දුන්නා.

මාගේ පියාව හා සොහොයුරාව රැුගෙන ගිය පසු – එ් අවස්ථාවේම මාගේ මව වන ඞී.කේ.සීලවතී ද පොලිසියට ගියා. එවිට වේලාව ප:ව:7.00 පමණ වේ. එ් වන විට ඔවුන් දෙදෙනා පොලිස් කූඩුව තුල සිට ඇත. මාගේ මවටද ”පලයන් වේසි යන්න” කියා ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ විසින් බැණවැදී එලවාගෙන තිබෙනවා.

මාගේ මව පොලිසියට යන විට සොහොයුරාට දීමට සරමක් ගෙන ගියද, එය සොහොයුරාට ලබාදෙන්න නිලධාරීන් ඉඩ දී තිබුනේ නැහැ.

මාගේ සොහොයුරා රෝගියකු වන අතර, මාගේ මව පොලිසියට යනවිට, ඔහු කූඩුව තුල බිම වැටී ඉඳ තිබෙනවා. මාගේ මව ඔහුට ප‍්‍රතිකාර ඉල්ලා හඬන විට නිලධාරින් දෙදෙනෙකු ඔහුව ජිප් රථයේ දමාගෙන බේරුවල රජයේ රෝහලට ගෙන යන බව කියා ගෙනගොස් තිබෙනවා.

පැය බාගයකින් පමණ නැවත ඔහුව පොලිසියට ගෙවිත් තිබෙන අතර, ඔහු මව සමග පවසා තිබෙනවා, රෝහලින් බෙහොත් නොදුන්න බවත්, ඔහුව රෝහලේ නවත්වන ලෙස වෛද්‍යවරු පැවසූවද, නවත්වන්නේ නැතුව නැවත පොලිසියට ගෙන ආ බව.

අනතුරුව ස්ථානාධිපතිවරයා හා තවත් නිලධාරීන් දෙදෙනෙකු විසින් බලහත්කාරයෙන් හිස් කොල කිහිපයකට මාගේ පියාගෙන් හා සොහොයුරාගෙන් අත්සන් ගෙන තිබෙන අතර, ”මේ උඹලගේ අවසාන අත්සන, උඹලාව අපරාධ ලැයිස්තුවට දානවා” කියා ස්ථානාධිපතිවරයා තර්ජණය කර තිබෙනවා.

නැවත එදින රාත‍්‍රී 10.30 – 11.00 පමණ, මාගේ පියාව හා සොහොයුරාව ජීප් රථයේ දමාගෙන, නඩුකාර බංගලාවට ගෙන යන බව මාගේ මවට පවසා ගෙන ගොස් තිබෙනවා. එ් වන විට මා හා පවුලේ අනෙක් අයද පොලිසිය අසලට වී සිටි අතර, පියාව හා සොහොයුරාව ගෙන යනවා දුටුවා.

එ් අවස්ථාවේ මාගේ මව හා ඥතීන් ක`ඵතර උතුර පිහිටි මහේස්ත‍්‍රාත්වරයාගේ නිල නිවසට ගියද, එහි ගෙන ගොස් තිබුනේ නැහැ. ක`ඵතර පලාතොට පාරෙහි පිහිටි මහේස්ත‍්‍රාත් නිල නිවසට ද, ක`ඵතර උතුර ෂෙඞ් එක අසල පිහිටි මහේස්ත‍්‍රාත් නිල නිවසට ගිය ද එම ස්ථානයන්හී ද සිට නැත.

පසුව ක`ඵතර දකුණ පොලිසියට ගොස් සිද්ධිය පවසා මාගේ පියා හා සොහොයුරා පිළිබඳව විමසූ විට, එහි නිලධාරියෙකු බේරුවල පොලිසියෙන් විමසන්නම් කියා මාගේ මව ඇතු`ඵ පිරිසට එළියට වී සිටිනා ලෙසත්, බේරුවල පොලිසියෙන් විමසන බවත් දන්වා තිබෙනවා.

එසේ මව ඇතු`ඵ පිරිස එළියට වී සිටිනා විට, බේරුවල පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතු`ඵ නිලධාරින් කිහිප දෙනක් ක`ඵතර දකුණ පොලිසිය අසලට පැමිණ ඇති අතර, මාගේ මව ඇතු`ඵ පිරිස ඔහු වෙත ගොස් මාගේ පියාව හා සොහොයුරාව විමසීමේදී, ”කරන්න ඕනා වැඬේ කරා, 24 වෙනිදාට ඇප ගන්න උසාවියට එන්න” කියා ස්ථානාධිපතිවරයා පිටව ගොස් තිබෙනවා.

එම ප‍්‍රකාශය අනුව අප අනුමාන කලා, පියාව හා සොයුරාව බන්ධණාගාර ගත කරන්නට ඇති බව.

පසුව මාගේ මව හා සොහොයුරියන් දෙදෙනා 2014.03.15 දින ක`ඵතර බන්ධනාගාරයට ගියා.

මාගේ පියා හා සොහොයුරා ක`ඵතර බන්ධනාගාරයේ සිටි අතර, මාගේ සොහොයුරා හා පියා පවසා තිබෙන්නේ මහේස්ත‍්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් නොකොට බන්ධනාගාරයට ගෙන ආ බවයි. ඔවුන් දෙදෙනාට එරෙහිව නඩු 2ක් පවරා ඇති බව දැනගන්නට ලැබුනා.

2014.03.17 දින මෝෂමක් මගින් ඇප අයදුම් කලද, පොලිසිය විරුද්ධවීම නිසා ඇප ගන්න හැකියාවක් ලැබුනේ නැහැ.

නැවත නඩුව 2014.03.24 දින බවද, නඩු අංක 0782 හා 0783 බව දැනගත්තා.

මීට වසර කිහිපයක සිටම, බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් අපට මරණ තර්ජණ කරනු ලැබන අතර, අපට බෝම්බ දමා බන්ධනාගාර ගත කරවන බවටත්, කුඩු දාන බවටත්, සිය`ඵ දෙනාවම ගෙට දමා ගිණි තබන බවටත්, මරා දමන බවටත් තර්ජණය කරනු ලබයි.

ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ නිරන්තයෙන් ප‍්‍රකාශ කරන්නේ ඔහු 12 දෙනෙකු පමණ මරා දමා ඇති බවත්, ඊළඟ ටාගට් එක අප බවත්ය.

මා ප‍්‍රකාශ කර සිටින්නේ, බේරුවල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් නිරන්තරයෙන් අපට හිරිහැර කරදර කරන ලද බවත්, අපට තර්ජණය කරනු ලබන බවත්ය. එසේ කිරීමට හා මෙලෙස මාගේ පියාට හා සොහොයුරාව අත්අඩංගුවට ගෙන, පහර දී, බන්ධණාගාරගත කරවන ලද්දේ ඔවුන් නිරන්තරයෙන් ඉල්ලන කප්පම් ලබා නොදීම නිසා බවද ප‍්‍රකාශ කරමි.

මා ඉල්ලා සිටින්නේ,
1. නීත විරෝධී ලෙස මාගේ පියාව හා සෙහොයුරාව අත්අඩංගුවට ගෙන, පහරදී, ව්‍යාජ චෝදනා මත බන්ධනාගාරගත කරන ලද – බේරුවල පොලිසියේ ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ, පො.ප.ප‍්‍රියංකර, උ.පො.ප.රත්නායක, උ.පො.ප.සිල්වා, සැරයන් රාජවසම් ඇතු`ඵ නම් නොදන්නාමුත් දුටුවොත් අඳුනාගතහැකි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනායුනකූල පියවර ගන්නා ලෙසටත්,

2. ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ විසින් නිරන්තරයෙන් අපට සිදුකරනු ලබන මරණ තර්ජණ සම්බන්ධයෙන් අවධානය යොමු කර- අපට මොනයම් හෝ අවස්ථාවක ඔහුගෙන් හිරිහැරයක් සිදුවීමට ඉඩ ඇති හෙයින්, එය වලක්වාලන ලෙසත්,

3. අප පවුලේ උදවියට ආරක්ෂාව සලසන ලෙසත්,

4. දැනට බන්ධණාගාරගත කරවා සිටින මාගේ පියාට හා සොහොයුරාට සාධාරණය ඉටු කරනා ලෙසටත්ය.

එස්.ඞී.සම්පත්

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )