Image

ඔහු නමින් පැස්කල් සිම්බිකන්ගාවය. හිටපු ජෙෂ්ට බුද්දි අංශ නිලදාරියෙකි. 1994 දි සිදුවූ යුද අපරාද වලට ඔහුට වසර 25ක සිරදඩුවමක් හිමිවිය. මෙම දඩුවම ලබා දුන්නේ ප්‍රංශ අදිකරණයක් විසිනි. ඒ 1994 රුවන්ඩාවේ සිදුවූ මනුෂ්‍ය සංහාර සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාද වෙනුවෙනි. ඔහුට අවුරුදු 54කි. සිකුරුදා දඩුවම හිමිවූ අතර ඔහු ඔහුට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ලේ වැගිරේමේදී 800,000 සුළු ජාතික ටුට්සිවරු සහ දේශපාලනිකව මැදිහත් හුටු ගෝත්‍රිකයින් මරණයට පත්විය. මොහුව ඉන්දියන් සාගරයේ මයෝටි නම් ප්‍රංශ දුපතකදී 2008දි අත්අඩංගුවට ගැනිණි. ඒ යුද අපරාද සම්බන්දයෙනි. නැතිව පුද්ගලිකව මිනිසුන් ගාතනය කිරීම ගැන නොවේ. රුවන්ඩාවේ වර්තමාන අදිකරණ ඇමති මෙම දඩුවම හැදින්වුයේ යුක්තියේ සංදිස්ථානයක් ලෙසයි.

Advertisements