අශ්චර්යේ තවත් මිනීමැරුමක්?

Image

ශ්‍රී ලංකාවේ වර්තමානයේ අපරාද වැඩිද? දන්නේ නැත. ඒ සම්බන්දයෙන් යුක්තිය ඉටු වන්නේද? ඒ ගැන දනිමි. මේ එය සනාථ කරන තවත් එක් සිදුවීමක් පමණි. මෙවන් වාර්තා නොවන සිදුවීම් බොහෝ ගණනක් තිබිය හැක. අපේ සමාජය උදේට සවසට පන්සිල් ගනී. පිරිත් අසති. පුජාවල් පවත්වති. පාන තියා අනාවැකි කියති. මෙවන් උදවිය මෙවන් අපරාද ගැන කෙල පිඩක් සොලවන්නේ නැත. හැබැයි ඒ වෙනුවට ඔවුන්ට පිළිතුරක් ඇත. එනම් මේ ගොදුරුවූවන්ගේ කර්මය කරුමය හෝ ගෙනා ආයුෂ ඉවර බවටයි. මේ මිත්‍යාව දුරලමු. යුක්තිය පසිදලීමේ ක්‍රියාදාමය පිරිසිදු කරමු. එවිට සිදුවෙමින් පවත්නා සන්වර්දනයද නව අරුතක් ගනු ඇත. චයාරුපයේ සිටින්නේ මරා දමන බවට සැක කරන පුද්ගලයාය.

එන්.කේ.ඉලංගකොන් මහතා

පොලිස්පති,

පොලිස් මූලස්ථානය,
කොළඹ.

මිලියන 35කට වැඩි දේපල හිමිකරගෙන, සිදුකරන ලද මරා දැමීමක්.

ගුරුගේ චන්ද්‍රා නන්දනී පෙරේරා, අවු: 57යි, ජා.හැ.අ.575580025v, විවාහක දරුවන් 03යි.
ලිපිනය : අංක 09, මැද පටුමග, උතුරු තල්පිටිය, වාද්දුව.
දු.අ. 0778639907
2014.02.19 දිනදීය.

මදුරප්පෙරුම ආරච්චිගේ ෙදාන් පේ‍්‍රම පුෂ්ප කුමාරසිරි මදුරප්පෙරුම – මාගේ විවාහක ස්වාමි පුරුෂයා වේ.

2014.02.13 සවස 6.00 ට පමණ,
01. මාගේ සොහොයුරියක් වන චන්ද්‍රලතා පෙරේරා, මට දැනුම් දුන්නා, ස්වාමියා මිය ගිහිල්ලා කියා, නෝනා අක්කා කිව්වා කියා. මම ඇයගෙන් කාරණය තහවුරු කරගන්න විමසූ විට කිව්වා, අමාරුවෙලා නාගොඩ ගෙනහිල්ලා එහිදී මිය ගිහිල්ලා තියෙන්නේ කියා.

02. එ් අනුව, මා ක`ඵතර නාගොඩ මහා රෝහලට ගියා. එවිට වේලාව රාත‍්‍රී 8.00 පමණ ඇත. රෝහලේ ලෙඩුන් ඇතුලත් කිරීමේ නාම ලේඛණය පරික්ෂා කර, මාගේ සැමියා 2014.02.12 වන දින ඇතුලත් කල බව හා ඇතුලත් කර ඇත්තේ රුවන් ගුණසේකර නැමැත්තා බවද, ඔහු බණ්ඩාරනායක මාවත, පිංවල, පානදුර ලිපිනයේ බවත් ප‍්‍රකාශ කලා.

03. රෝහලේදී, විමසූ විට, මට හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගිහිල්ලා බලන්න කිව්වා.

04. මා හදිසි ප‍්‍රතිකාර එ්කකයට ගොස් විමසූ විට, එතැනින් මට දැනුම් දුන්නා මදුරප්පෙරුම (සැමියා* මිය ගිය බව හා මෘත දේහය ගෙනිච්ච බව.

05. මා ගෙනිච්ච වෙලාව හා විස්තර විමසූවිට මිය ගියේ, දහවල් 1.20 ට පමණ බව කියා, ඉන් එහාට කිසිම විස්තර දීමක් ප‍්‍රතික්ෂේප කලා.

06. ඉන් අනතුරුව රෝහල් පොලිසියට ගොස් විමසූ විට, එහි කිසිම විස්තරයක් නැති බව ප‍්‍රකාශ කලා.

07. ඉන් පසු, රෝහලේ ආරක්ෂක මුර පොලෙන් සැමියාගේ මෘත දේහය පිට කිරීම පිළිබඳව විමසුවා. එවිට ඔවුන් දැනුම් දුන්නා, ප:ව:3.40 ට රෝහලින් පිටත්කර ඇතිබව හා ලයනල් මල් ශාලාවට ගෙන ගිය බව.

08. රෝහලේදී, එහි සේවකයින් අපට කියා සිටියා, සැමියාගේ මෘත දේහය රැුගෙන යෑමට පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇඳුමින් පැමිණ සිටි බව.

09. එම තොරතුරු මා, 119 අමතා කතාකර දැනුම් දුන්නා. ඔවුන් විස්තර අසා දැනගත්තා.

10. එයින් අනතුරුව, මා ලයනල් මල් ශාලාවට ගොස් මෘත දේහය පිළිබඳව විමසා සිටියා.

11. ලයනල් මල් ශාලාවේ අයිතිකරු කියා ඉදරිපත් වූ පුද්ගලයා කිව්වා, දැන් අපි බොඩිය ගෙන යන්න ලැහැස්ති වෙන්නේ කියා.

12. මම ඔහුට කිව්වා, නැතිවෙලා තියෙන්නේ මගේ මහත්තයා, පොලිසිය දැන් එනවා කිව්වා, එ් නිසා මෘත දේහය ගෙනියන්න එපා කියා.

13. එවිට, එම අයිතිකරු වශයෙන් ඉදිරිපත් වූ අය, මට කිව්වා, බොඩිය බාර දීපු අයට දැනුම් දෙනන් ඕනි කියා. ඔහු යම් අයකුට දුරකථනයෙන් කතා කලා.

13. නමුත්, මාගේ විරෝධතාවය නොසලකා පොලිසියේ පැමිණීමට පෙර, මෘත දේහය රැුගෙන ගියා.

14. එසේ රැුගෙන යන විට, කලූතර දකුණ පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් පැමිණියා.

15. ඔවුන් දෙන්නා අපගෙන් විස්තර අසා, දැන් ”බොඩිය” ගෙන ගිහිල්ලා අපිට කරන්න දෙයක් නෑ, ඔයගොල්ලෝ අයිති වාද්දුව පොලිසියට, එහාට ගිහිල්ලා පැමිණිලි කරන්න කියා කිව්වා.

16. එ් අනුව, මා වාද්දුව පොලිසියට ආවා. එවිට රාත‍්‍රී 10.00 ට පමණ ඇත.

17. විස්තර අසා, පැමිණිල්ල ලියා ගත්තා. නමුත් එහි මා ප‍්‍රකාශ කල පරිදි, මරණය පිළිබඳව සැක බව සඳහන් කර තිබුනේ නෑ.
(පැමිණිලි අංකය ක්‍ෂඊ සසස 238රැු108-14රැු12රැු13*

18. එයින් අනතුරුව, ස්ථානාධිපති අපට ප‍්‍රකාශ කලා, උදේ 9.00 ට පොලිසියට එන ලෙසට හා මෘත දේහය රැුගෙන ගිය අයටද පැමිණෙන ලෙසට දැනුම් දෙන බව.

19. 2014.02.14 (පසු දින* උදේ 9.00 ට මා වාද්දුව පොලිස් ස්ථානයට ගියා. මා සමග මාගේ පුතුන් දෙන්නා වන ප‍්‍රියන්ත කාරියවසම් හා සුනන්ද කාරියවසම් ද ගියා.

20. නමුත් මෘත දේහය රැුගෙන ගිය රුවන් ගුණසේකර හා නිර්මලී යසස්ශ‍්‍රී පොලිසියට පැමින සිටියේ නැහැ.

21. ඔවුන් වෙනුවට, මිතුරන් දෙදෙනෙකු එවා තිබුනා. ඔවුන් – ඩන්ස්ටන් හා ජනක ගුණතිලක අය වේ.

22. මේ අවස්ථාවේ, ස්ථානාධිපති, මෘත දේහය රැුගෙන යෑම ගැන නොව, මාගේ කසාද සහතිකය ඇතුලූ පුද්ගලික විස්තර අසමින් මා දැඩි අපහසුතාවයට පත්කරනු ලැබුවා.

23. මට, මාගේ සැමියාගේ මෘත දේහය මාහට ලබා දෙන මෙන් ඉල්ලීමක්කල මුත්, මෘත දේහය මාගේ නිවසට ගෙන යාම පවා තහනම් කරමින් සීමාවන් පැනවූවා.

24. එමෙන්ම, වාද්දුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින්, මෘත දේහය බැලීමට පු`ඵවන් දින 2ක් පමණක් බවත්, මෘත දේහය අසලට මිස, නිවසේ වෙනත් ස්ථානවලට යාමට නොහැකි බවට ද සීමා පණවා, මාගෙන් හා මාගේ පුතුන් දෙදෙනාගෙන් පොතකට අත්සන් ගනු ලැබුවා.

25. එ් අතර, ඔහු නිලධාරියෙකුට නියම කලා, මගේ ගෙදරට ගොස්, නිර්මාලි යසස්ශ‍්‍ර‍්‍රී යන අයගෙන් අත්සනක් ගන්න, මා ඇතුලූ මා සමග එන අයට මෘත දේහය බලාගන්නට ඉඩ දෙන ලෙසට.

26. තවද, එම පොලිස් ස්ථානාධිපති ප‍්‍රකාශ කලා – ආදාහනය කරන්න සූදානම් කරලා තියෙන්නේ කියා.

මා එයට විරුද්ධ වුනා. නමුත් එ් ගැන පිළිතුරක් දුන්නේ නැහැ.

27. එම පොලිස් නිලධාරියා මට කිව්වා, ඔහු එන්න කියනකං එන්න එපා කියා.

28. දෙන ලද උපදෙස් අනුව, මෘත දේහය බලන්න මට ඉඩ ලැබුනේ 2014.02.14 දහවල් 12.00 ට පමණය.

29. මෘත දේහය, ආදාහනය කිරීමට නියමිත කර තිබුනේ 2014.02.15 දිනය.

30. පසුදින, 2014.02.15 දින උදේ මා නීතිඥවරයෙකු සමග පානදුර සහකාර පොලිස් අධිකාරීවරයා හමුවී, කරුණු වාර්තා කලා. එ් අනුව, පානදුර මහේස්ත‍්‍රාත්වරයාට, වාර්තා කොට, මෘත දේහය පොලිසිය බාරයට ගෙන, පානදුර මූලක රෝහල වෙත, අධිකරණ වෛද්‍ය පරික්ෂණය සඳහා ගෙන එනු ලැබුවා.

31. 2014.02.16 වන දින, දැනුම් දීම අනුව, පානදුර මූලික රෝහලට ගෙන ගිය විට,අපට දැනුම් දුන්නා පශ්චාත් මරණ පරීක්ෂණය 2014.02.17 වන දින සිදු කරන බව.

32. 2014.02.17 වන දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කලා.

33. 2014.02.18 වන දින, පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගොස්, මාගේ අනන්‍යතාවය ඔප්පු කොට, මෘත දේහය අවසන් කටයුතු කිරීමට මා බාරගනු ලැබුවා.

34. එ් අනුව, අධිකරණයේ නියෝග වලට අනුකූලව, එදිනම (2014.02.18* පස්වරු 2.00 ට පමණ, පානදුර රෝහලේ මෘත ශරීරාගාරයෙන්, මෘත දේහය රැුගෙන, වාද්දුව පොදු සුසාන භූමියට රැුගෙන ගොස්, භූමදානය සිදුකරනු ලැබුවා.

මෙයට පසුබිම
මා මරණකරුගේ නීත්‍යානුකූල විවාහක බිරිඳ වේ.

2013 ඔක්තොම්බර් මස දිනයක, මාගේ සැමියාගේ වැඩිමහල් සොයුරිය රමණි මදුරප්පෙරුම මිය හා ඇගේ දියණිය වන නිර්මලී යසශ‍්‍රී පැමිණියා.

නිර්මලී යසශ‍්‍රී විවාහක ස්ත‍්‍රියක් වන අතර, ඇය විවාහ වී සිටින්නේ රුවන් ගුණසේකර නැමැති අය සමගය.

රමණි මදුරප්පෙරුම හා නිර්මලී යසස්ශ‍්‍රී අප නිවසට පැමිණියේ, නිර්මලී යසස්ශ‍්‍රී හා ඇගේ සැමියා වන රුවන් ගුණසේකර අතර ඇති කරගෙන තිබූ ආරවුලක් මූලික කරගෙනය.

ඔවුන් දෙපල, අප නිවසේ පදිංචිවීමට උත්සාහ ගත්තා. එ් අතර. ඔවුන් හා මා අතර පෙර සිට පැවති මතභේද අමනාපකම් ඉස්මතු වුනා.

එම තත්වය තුල මා තාවකිලාකව, මීට මාස හතරකට පමණ පෙර මාගේ පුතාගේ ගෙදරට ගොස් නතර වුනා.

මේ අතර තමයි, 2014.02.13 වන දින මාගේ සැමියාගේ මරණය පිළිබඳව දැනගැනීමට ලැබුනේ.

මට මෙම මරණය පිළිබඳව බරපතල සැකයක් පවතින බව ප‍්‍රකාශ කර සිටින්නේ-
1. 2014.02.14 දින – ඩන්ස්ටන් නැමැති අය වාද්දුව පොලිසියේදී, මාගේ සැමියාට අයත් රුපියල් මිලියන තිස්පහකට වැඩි නිශ්චල හා චංචල දේපල සියල්ලම, නිර්මලී යසස්ශ‍්‍රී විසින් ලියාගෙන ඇති බව ප‍්‍රකාශ කර සිටීම.

2. මාගේ සැමියා මිය යන විට වයස අවුරුදු 64ක් වන අතර, හිදිසියේ මිය යෑමට තරම්, රෝගී තත්වයක් තිබුනේ නැත.

3. තවද, රෝහල් ගත කර පැය 24ක් යෑමට පෙර, මිය ගිය මාගේ ස්වාමි පුරුෂයා පිළිබඳ, කිලෝමීටරයක් පමණ දුරින් පදිංචිව සිටි මට නොදන්වා, ඉතාමත් රහසිගත ආකාරයට මරණ කටයුතු කිරීම (පශ්චාත් මරණ පරීක්ෂණයක් නොකර*.

4. මේ ආකාරයට, මාගේ සැමියාගේ මුල් විවාහයෙන් සිටින එකම පුතාට කිසිදු දේපලක් නොදීම.

5. සියලූ දේපල ලියවා ගන්නා ලද නිර්මලී යසස්ශ‍්‍රී, පානදුර උසාවියේ සිටින නීතිඥවරියක් වන අතර,

6. ඇගේ ස්වාමි පුරුෂයා වන රුවන් ගුණසේකර – සහකාර පොලිස් අධිකාරීවරයෙකු බවද, ජනාධිපති විමර්ශණ අංශයේ සේවය කරන බවද දැනගන්නට තිබේ.

මේ සියලූ කරුණු සලකා බැලීමේදී මාගේ සැමියාට හිමි රුපියල් මිලියන තිස්පහකට අධික නිශ්චල චංචල දේපල ලියවාගෙන, ඔහුව මරා දැමීමට ක‍්‍රියා කර තිබෙන බවයි.

එම නිසා මා ඉල්ලා සිටින්නේ, මෙම මරණය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර යුක්තිය ඉටු කරනා ලෙසටයි.

ගුරුගේ චන්ද්‍රා නන්දනී පෙරේරා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )