Image

මෙය එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුවයි. මෙම වාර්තාව බදාදා ප්‍රසිද්දියට පත්කර තිබේ. ලොව මිලියන 650 ක් වන ප්‍රාථමික පාසල් සිසුන්ගෙන් අවම වශයෙන් මිලියන 250 කට කියවීමට ලිවීමට හෝ මුලික ගණිතය කල නොහැක. වාර්තාවට අනුව ප්‍රාථමික පාසල් වල සිටින මිලියන 130 ක් මුලික ඉගෙනීමේ මට්ටම් වලට පැමිණ නොමැත. මිලියන 120 ක් පමණ එක්කෝ ඉතා අඩුවශයෙන් හෝ නැතිනම් පන්තිවල ගැවසෙන්නෙම  නැත. ඉන්  සිසුන් මිලියන 57ක්  පාසල් එන්නෙම නැත. ලොව පුරා මෙම අඩු වශයෙන් ඉගෙනුම ලබන මිලියන 250 ක් ළමුන් වෙනුවෙන් ආණ්ඩු වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 129 ක් වැය කරයි. එක්සත් ජාතීන්ගේ අද්‍යාපන විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිදානයට අයත් සුවාදින පර්යේෂණ කණ්ඩායමක් මෙම වාර්තාව සකස් කොට තිබේ.

Advertisements