Image

වී අයි ලෙනින් මරණයට පත්වී වසර 90කට පසුව ඔහුගේ සොහොන සදහා සුදුසු ස්ථානයක් ලැබී ඇති බව වාර්තා වේ. දැනට ලෙනින්ගේ සිරුර මොස්කවූ නගරය කේන්ද්‍ර කරමින් තබා ඇත. රුසියානු මන්ත්‍රීන් මෙන්ම මානව හිමිකම් නිලදාරින්ද එය එම ස්ථානයෙන් ඉවත් කල යුතුබව නැවත වරක් කියා සිටිති. එය නගර සිමාවෙන් බැහැරව තැන්පත් කලයුතු බවට යෝජනා වී තිබේ. ඔවුන්ගේ අදහස වී ඇත්තේ රතු චතුරශ්‍රය සුසාන බුමියකට සුදුසු නොවන බවයි. මෙම සොහොන්බිම ගැන ගැටළු කාරී තත්වය උද්ගත්වුයේ පෙරස්ත්රෝයිකා සමග සහ සෝවියට් දේශයේ බිදවැටීමත් කොමියුනිස්ට් පක්ෂයේ එකාදිකාරිය අවසන් වීමත් සමගයි. ගෙවීගිය වසර වල බෝල්ෂෙවික් නායකයාගේ එම්බාම් සිරුර මිහිදන් කිරීමට වැඩි ජනප්‍රියත්වයක් හිමි විය. 2013 අප්‍රියල් මත විමසුමේදී එයට පක්ෂ වූ  රුසියානුවන්ගේ ප්‍රතිශතය 60% ක් විය. එහෙත් එම මත විමසුමේදීම 57% ක් කියා සිටියේ ඔක්තෝම්බර් විප්ලවයේ නායකයා එලෙසම සිටිය යුතු බවකි. 

Image

 

Image

Advertisements