“කාචය කුඩු වෙන්න ඇසට පහර දේ.”

Image

මේ තෙලිකඩ පොලිසියේ තවත් අමානුෂික වදහිංසා පැමිනවිමකි. තෙලිකඩ පොලිසිය ඇතුළු සියලුම පොලිසි වල පාලනය ඇත්තේ ජනාදිපති මහින්ද රාජපක්ෂ යටතේය. එහෙයින් අපි පොලිසියට පමණක් දෝෂාරෝපණය කර වැඩක් නැත. මානව හිමිකම් කොමිසමද රාජපක්ෂ පාලනය යටතේ පවතින පොලිසියට දෙවෙනි නැත.මා මේ පිළිබඳව පැමිණිලි කිරීමට මාතර මානව හිමිකම් කොමිෂන් සභාවට ගිය විට(2014.01.06) දින* එහි ප‍්‍රධාන නිලධාරියා මගෙන් විස්තර අසා, රු: 6000/=ක් අරගෙන නේද ඉන්නේ, තව කීයක් හරි ඉල්ලගෙන නිකන් ඉන්න කියා පැවසුවා.”සියල්ල වෙනස් විය යුතු නොව වෙනස් කල යුතුය. එහි පළමු පියවර හෙලිදරවූ කිරීමයි. දෙවැනි පියවර සාමාන්‍ය ජනයා බල ගැන්වීමයි. බල ගැන්වීම මිලියන ගණන් වියදම් කරන සෙමිනා සමුළු වැඩමුළු සම්මන්ත්‍රණ වලින් ඔබ්බට යායුතුය. සම්ප්‍රදායික ක්‍රම වෙනුවට විකල්ප ක්‍රම සොයා යායුතුව ඇත. සුමිත් කෝසල පහත පැමිණිල්ල ලියන්නේ ජනසන්සදයේ සහය ඇතිවයි. ජනසන්සදයේ ලිපිනය අංක 81/2 ආතර් වී දියෙස් මාවත පානදුර වන අතර දුරකථන අංකය 0382231419 වේ.

01. සභාපති,

මානව හිමිකම් කොමිෂන් සභාව,

165, කිංසි පාර,

කොළඹ 08.

02. පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

කාචය කුඩුවෙන්න ඇසට පහර දී, බාල වයස්කාර දරුවන් තිදෙනා සමග
අත්අඩංගුවට නෙ, හිංසාකිරීම.

අගම්පොඩි සුමිත් කෝසල මෙන්ඩිස් ගුණසේකර, අවු: 48යි, 650860870V විවාහක, දරුවන් 03යි, භාර්යාව විදේශ ගතව සිටී.
ලිපිනය : 49, රෙජ්ජිපුර, බූස්ස.
2014.01.08 දිනදීය.

2013.12.01 දින, තෙලිකඩ පොලිසියෙන් උදේ 9 -9.30 පමණ, තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියා ඇතු`ඵ 5 දෙනෙක් පමණ මාගේ නිවසට පැමිණීයා. කෝ කෝසල කියා කෑගැසුවා. මා ඔවුන් ළඟට යනකොට ඉංදික නැමැති නිලධාරියා මාගේ ෂර්ට් කොළරයෙන් අල්ලා බෙල්ලටයි, පිටටයි ගැහුව්වා. මාගේ වම් ඇසේ ලෙන්ස් එකක් දමා තිබුනේ. ඔහු මගේ එම ඇසට ද ගැහුව්වා. ලෙන්ස් එක කැඞී ගියා. පහරදීම් නිසා මගේ පාදයක් ද තුවාල වුනා.

ගහන්න හේතුව ලෙස ප‍්‍රකාශ කළේ – මා මගේ දරුවන්ට පහර දී වධහිංසා කරන බවට අසල්වැසියන් පැමිණිලි කර ඇති බව යි.

පසුව මාවත් දරුවන් තුන් දෙනාවත් පොලිසියට ගෙනගිහින් දරුවන්ව අක්කට බාර දුන්නා.

දහවල් 12ට පමණ මාව කරාපිටිය රෝහලට ගෙන ගියා. කරාපිටිය රෝහලේ 32 වාට්ටුවේ නවත්වා ගත්තා. ඇහේ තිබුනු ලෙන්ස් එකේ කැබලි ඉවත්කර ප‍්‍රතිකාර කලා. දින 06ක් රෝහල් ගතව සිටියා. රෝහල් පොලිසිය කටඋත්තර ගත්තා. අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා පරීක්ෂා කලා.

අද වන තුරුත් කකුලේ තුවාලය තිබෙනවා.

මේ සම්බන්ධයෙන් 2013.12.12 දින මා – ගාල්ල නියෝජ්‍ය පොලිස්පති වරයා වෙත පැමිණිලි කලා. එතැනින් මාව ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත යොමු කලා.

එදිනම සවස මා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී වෙත ගියා. එදින මාගෙන් විස්තර ඇසුවා පමණයි.

පසු දින එනම් 2013.12.13 දින මාගෙන් ප‍්‍රකාශයක් ලබා ගත්තා.

මේ දක්වා පහරදීම අදාලව පියවරක් ගත්තේ නැහැ. මට දිගින් දිගටම තෙලිකඩ පොලිසියේ ඉංදිකට විරුද්ධව කරන ලද පැමිණිලි ඉවත් කරන ලෙසට බලපෑම් ආවා.

පසුව දිනක් තෙලිකඩ පොලිසියේ මට පහර දුන් ඉංදික නැමැති නිලධාරියා, ඔහුට විරුද්ධව ඇල්පිටියේ දැමූ පැමිණිල්ල ඉවත්කර ගන්න එන්න කිව්වා. මා එය ප‍්‍රතික්ෂේප කලා.

පසුව මගේ ගෙදරට පොලිස් කාන්තාවන් 2කු පැමිණ දරුවන් තිදෙනාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගත්තා.

පසුව නැවතත් නිලධාරියෙක් පැමිණ මට විරුද්ධව පැමිණිල්ලක් ඇතිබව පවසා එය විභාගය සඳහා 2013.12.29 දින පොලිසියට පැමිණෙන ලෙසට දන්වා ගොස් තිබුනා.

ගමේ ලයනල් නැමැති පොලිසියට ඔත්තු සපයන පුද්ගලයා පැමිණ පැමිණිල්ල ඉවත්කර ගන්නා ලෙසට බලපෑම් කලා.

28 දින පොලිස් නිලධාරීන් විටින් විට පැමිණ මාව සොයා තිබුනා.

28 දින සවස ලයනල් නැමැත්තා පැමිණ පොලිසියට යන්න ඕනා නැහැ,ගලතොට පංසලට විභාගය සඳහා 29 දින එන්න කියා පැවසුවා.

2013.12.29 දින ගලතොට විහාරයට ගියා. ඉංදික නැමැති නිලධාරියා ඇතු`ඵ නිලධාරීන් කිහිප දෙනෙක් පැමිණියා. එහිදී හාමුදුරුවන් – කෝසල කියන්නේ අහිංසක මිනිහෙක් කියා, පොලිසියට බැණවැදී, පසුව මට කිව්වා පොලිසිය ඔහොම තමයි, මමත් පොලිස් යුනිෆෝම් එකක් ඇඳලා හිටියානම් මමත් ගහලා තමයි කතා කරන්නේ, එ්ක තමයි රාජ ඌෂ්නේ, දැන් ඉන්න එවුන් වැඩක් නැහැ, පොලිසියෙ ඉන්නේ කොලූ චව්වො, කිසිම වැඩකට නැහැ, දෙයක් දැක්කත් අහක බලන් ඉන්නවා කියා පැවසුවා.

එහිදී තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියා මට ලෙන්ස් එක දාගන්න කියා රු: 6000/=ක් දුන්නා.

ඊට පසුවදා පොලිසියෙන් නිලධාරීන් දෙන්නෙක් ඇවිත්, උදේ 8 – 9 විතර තෙලිකඩ පොලිසියට ගෙන ගියා. එතැනින් ජීප් රථයෙන් ඇල්පිටිය ස.පො.අධිකාරී කාර්යාලයට ගෙන ගියා. දුවත් මා සමග ගියා.

එහිදී ඉංදික නැමැති නිලධාරියා මට රු:100/=ක් දී තේ බොන්න කිව්වා.

පැය 2ක් පමණ පොලිස් අධිකාරි කාර්යාලයේ අපව රස්තියාදු කලා. පසුව පොලිස් කාන්තාවක් විසින් කොළ 2කට මගෙන් අත්සන් ගත්තා. අත්සන් ගත්තේ කුමකටද යන්න තේරුම් කර දුන්නේ නැහැ.

පසුව මාවත්, දුවවත් ජීප් රථයෙන් ගෙදර ගෙනියන්න පිටත් වුනා. අතර මගදී බත් පාර්ෂල් 3ක් අරන් දුන්නා. තෙලිකඩ පොලිසිය ලඟදී ඉංදික නැමැති නිලධාරියා බැස්සා. අපව ගෙදරට ගෙනහින් දැම්මා.

මට මෙසේ පහර දීමට හේතුව වූයේ – පොලිසිය සමග කිට්ටු සම්බන්ධකම් පවත්වන නන්දන නැමැත්තා විසින් ප‍්‍රදේශයේ පාසල් දරුවන් එකතුකර, මුදල් ඔට්ටුවට විවිධාකාර සූදුවල යොදවයි. ඬේ කාඞ් හා හෙඞ් ගැසීම් සිදුකරනු ලබයි.

මාගේ ළමයිනුත් එ්වාට යොදවා ගැනීම නිසා, මා එම පුද්ගලයාට දෝෂා රෝපනය කිරීම මෙයට හේතුව බව විශ්වාස කරමි.

මොහු පොලිසිය සමග එකතුව, මා දරුවන්ට හිංසා කරන බවට මට එරෙහිව ව්‍යාජ පැමිණිලිකර ඇත.

මෙම සිද්ධියෙන් පසුව, තෙලිකඩ පොලිසියේ නන්දන නැමැති පුද්ගලයා යොදවා, මට විරුද්ධව ව්‍යාජ පැමිණිලි ලියවාගෙන ඇති බවද දැන ගන්නට තිබේ.

මා මේ පිළිබඳව පැමිණිලි කිරීමට මාතර මානව හිමිකම් කොමිෂන් සභාවට ගිය විට(2014.01.06) දින* එහි ප‍්‍රධාන නිලධාරියා මගෙන් විස්තර අසා, රු: 6000/=ක් අරගෙන නේද ඉන්නේ, තව කීයක් හරි ඉල්ලගෙන නිකන් ඉන්න කියාපැවසුවා.

මා ඉල්ලා සිටින්නේ,

මට පහරදුන් තෙලිකඩ පොලිසියේ ඉංදික නැමැති නිලධාරියාට එරෙහිව නීතිමය හා විනායනුකූල පියවර ගන්නා ලෙසට,

2. පහර දීම නිසා, මාගේ ඇස් පෙනීම නැති වූ අතර, මා නිතර රෝගී වේ. ජිවත් වීමට මාර්ගයක් නැති වී ඇත.

3. එබැවින් මට සිදු කල අපරාධයට වන්දියක් අවශ්‍ය බවත්,

4. ඉදිරියටත් මට මෙවැනි හිරිහැර නොවීමට ආරක්ෂාව සලසන ලෙසටත් ඉල්ලමි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )