Image

 

හෙතෙම සිය දිවිය තුල මතබෙදකාරී විය. එනම් අරියල් ශේරෝන් 85 වැනි වියේදී පිරිහිණු සවුකය තත්වය හේතුවෙන් මිය ගියේය. ඔහු මිය ගියේ ඉස්රයලයේ තෙල් අවිවිහි ටෙල හස්හොමෙර් රෝහලේදීය. හෙතෙම 2006 ජනවාරි මාසයේ සිට කොමා තත්වයකින් පෙලිනි. සදුදා අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය. ඔහු ඉස්රයලයෙන් බිහිවූ ප්‍රසිද්ද ජෙනරාල් වරයෙකි. ඔහුගේ ප්‍රතිපත්ති අදටත් මතබෙදකාරිය. දේශපාලඥයකු ලෙස ඔහුට පටබැදි නාමය වුයේ බුල්දොසරයයි. එනම් මේ මිනිසාට ඕනෑම කටයුත්තක් නිමා කිරීමේ හැකියාව තිබිණි. 2001 දි හෙතෙම ඉස්රයෙල් අගමැති විය. ඔහු 2005 දි ගාසා තිරයේ 38 අවුරුද්දක හමුදා පාලනය අවසන් කර දැමුවේ ඉස්රයෙල් හමුදා සහ පදිංචිකරුවන් ආපසු කැදවා ගැනීමෙන් පසුවය. මෙය බොහෝදෙනෙක් තුල කම්පනයක් ඇති කිරීමට හේතු විය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් ශේරෝන් අගය කලේ ජනතාවගේ වීරයා යන විරුදවලියෙනි. රුසියානු ජනපති පුටින් මෙන්ම ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමාද මෙම සුවිශේෂ රජතන්ත්රිකයාගේ වියෝව සම්බන්දයෙන් සිය ශෝකය ප්‍රකාශ කළහ.

 

Advertisements