ඇෆ්ගන් කාන්තාවන්ට එරෙහි තිරිසන්කම වාර්තා ගත මට්ටමකට ඉහළ ගොස් ඇත. ඒ 2013 වසරේදීය. මේ අතර ඇෆ්ගනිස්ථානයේ පවතින ඇමෙරිකාව මෙහෙයවන සබාගය ඉල්ලා අස්වීමට නියමිතය. කාන්තාවන්ට එරෙහි මෙම තිරිසන් කම නාස තොල් කන් කැපීමේ සිට ප්‍රසිද්දියේ දුෂණය කිරීම දක්වා වර්දනය වී තිබේ. ගෝත්‍රික ප්‍රදේශ වල කාන්තාවන් වඩාත් අනාරක්ෂිත බවද පැවසේ. දඩුවමක් නොමැති බැවින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් මරා දැමීම වඩාත් පහසු වී තිබේ. මේ අතර ඇෆ්ගන් යුක්තිය පසිදලීමේ අමාත්යංශය අලුත් දණ්ඩ නීති සංග්‍රහයක් කෙටුම්පත් කරමින් අනාචාරයට දඩුවම ලෙස ගල් ගසා මරා දැමීම යෝජනා කෙරුණු අතර එයට හියුමන් රයිට් වොච් ඇතුළු මානව හිමිකම් සංවිදාන සහ ක්‍රියාදරයන්ගේ බලවත් විරෝදය එල්ල විය. ටලිබන් ආණ්ඩුව බිද වැටී අවුරුදු 12 කට පසුව කර්සායි පාලනය ගල් ගසා මරා දැමීම නමැති දඩුවම නැවත ගෙන ඒමට උත්සාහ දැරීම කම්පනය ඇති කරන්නක් බව හියුමන් රයිට් වොච් හි අසියා අද්‍යක්ෂ බ්‍රෙඩ් ඇඩම්ස් ප්‍රකාශ කළේය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනාදිපති කර්සායි මෙම යෝජනාව ප්‍රතික්ෂේප කල යුතු බවයි. 1990 සිට 2001 දක්වා පැවති ටලිබන් ආණ්ඩුව ගල් ගසා මරා දැමීම ක්‍රියාත්මක කළහ. නමුත් අලුත් ආණ්ඩුව ජාත්‍යන්තර සම්මුති ගණනාවක් අත්සන් කරමින් විශේෂයෙන් කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කරන බවට පොරොන්දු විය. ගල් ගසා මරා දැමීම සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබද ජාත්‍යන්තර සම්මුතිය උල්ලංගනය කිරීමක් වේ. එම සම්මුතිය ඇෆ්ගනිස්ථානය අනුමත කර ඇත. 

Advertisements