සවුදි අරබියාව;- ප්‍රථම කාන්තා නීති සමාගම.

සවුදි අරබියාව පාරම්පරික පුරුෂදිපත්ය පවත්නා රජ්ජයකි. එහි ප්‍රථම වරට කාන්තා නීති සමාගමක් බිහිව ඇත. එහි නිර්මාතෘවරිය තවත් කාන්තා නිතිඥවරියන් තිදෙනෙකු සමග එක්ව මෙම කාර්යේ නිරතව සිටි. ඔවුන්ට නීති වුර්තියේ යෙදීමට බලපත්‍ර ලැබී ඇත. මෙය දියත් කලේ සවුදියේ ප්‍රථම කාන්තා නීතිඥවරිය වූ බයන් මහ්මොඋඩ් අල් සහරනය. මේ නිසා දැන් සවුදි කාන්තාවන්ට ඔවුන්ගෙන් උදවු උපදෙස් සහ නීති ආදාර ලබා ගත හැකි වේ. මෙය පිහිටා ඇත්තේ ජෙඩා වලය. විශේෂයෙන් කාන්තා ප්‍රශ්න අයිතීන් ගැන සැලකිලිමත්වන ඔවුන් ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව නීති ප්‍රශ්න සම්බන්දයෙන් ක්‍රියා කරන බව පවසති. ඔවුන් අදිකරණයේදී විනිසුරන් ඉදිරියේ පෙනී සිටින විට හිජාබය පිළිබද සිමා කිරීම් වලට මුහුණ දීමට සිදුවන බවද පැවසේ. කෙසේ නමුත් ෂරියා නීතිය ක්‍රියාත්මක වන සවුදි අදිකරණ වලට මෙය වැදගත් අවස්ථාවක්ද වේ. මෙම සමාගමේ අනෙක් නිතිඥවරියන් තිදෙනා වන්නේ ජිහන් කුර්බං ,සර්රා අල් ඔමරි, සහ අමිරා කුඋන්කණිය.  සවුදියේ සැම වැඩිහිටි කාන්තාවකටම සංචාරය කිරීමේදී වියාපාරයක් අරම්බ කිරීමේදී සහ විශ්වවිද්‍යාලයක ඉගෙනීමේදී ඥාති පිරිමියෙකු බාරකරුවකු ලෙස තබා ගත යුතුය. සවුදියේ කාන්තාවන්ට රිය පැදවීමද තහනම්ය. මෙයට විරුද්දව ඔක්තෝම්බර් 26 දින කාන්තාවන් 60 දෙනෙකු රිය පැදවීම මගින් විරෝදතාවක්ද දක්වන ලදී. එක් මානසික විශේශ්ග්නවරයකු පැවසුවේ කාන්තාවන් රිය පැදවීම නිසා ඔවුන්ට උපදින දරුවන්ට මානසික ආබාද ඇති විය හැකි බවයි. බොහෝ සවුදිවරු මොහුගේ විකාරරුපි අදහසට සමාජ මාද්‍ය ඔස්සේ විරෝදය පල කළහ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )