ව්‍යාජ චෝදනා නගා නඩු පවරා වධහිංසාවට පත් කිරීම.

බොරු නඩු දැමීම අපරාදයකි. එමෙන්ම පුරවැසියෙකු මානසික වදහින්සාවට පාත්‍ර කිරීමකි. නමුත් ශ්‍රී ලංකා පොලිසිය මෙය දිගින් දිගටම සිදු කරන අතර අදිකරනයද ඒ පිලිබදව ගැබුරින් සොයා බලන්නේ නැත. අපට කිව හැක්කේ පොලිසිය විසින් අදීකරණය රබර් මුද්‍රාවක් කරගෙන ඇති බවයි. මිට මාස කිහිපයකට උඩදී මොරටුව මහේස්ත්‍රාත් අදිකරණයේ එකල සිටිය මහේස්ත්‍රාත්වරයා මේ බව වියාජ නඩුවක් ඔප්පු වූ විට තීන්දුවේම ලීවේය. නමුත් අයුක්තියට තිත තැබීමක් සිදුව නැත. අද නන්දික ඇල්ලේපොල හෙට ඔබ විය හැකියි. 

 
 
 
01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08
 
02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01
 
03. නීතිපති
     නීතිපති දෙපාර්තමේන්තුව
     කොළඹ 12
 
ව්‍යාජ චෝදනා නගා 
නඩු පවරා වධහිංසාවට පත් කිරීම.
 
හරිශ්චන්ද්‍ර ගම්නායක ආරච්චිලාගේ නන්දික රොන්ස්කි ඇල්ලෙපොල, අවු: 26 යි,
 
(ජා.හැ.අංක 872461060V) අවිවාහක, රැකියාව: ව්‍යාපාරික ලිපිනය: 55, ෙදාඹවෙල, මහවෙල, මාතලේ. දුරකතන අංකය: 072 3948260
2014.01.01 වන දින දීය.
 
2013.10.09 වන දින, මා මාගේ සහයක අසංක නුවන් තිලකරත්න සමග ඊ්ඛ – 6459 යතුරුපැදියෙන්, මා විසින් නිවෙස් වලට වාරික ක‍්‍රමයට ගෙවීමට අලෙවි කරන ලද ‘වූස්ලි ක්‍ත්‍ඛ. බල්බ් වලට මුදල් එකතු කිරීමට, යටවත්ත පොලිස් බල ප‍්‍රදේශයට අයත් ‘වාලවෙල’ ගමට ගියා. 
අප දෙන්නා, ක්‍ත්‍ඛ බල්බ් අලෙවි කොට, අලෙවි කරන ලද ‘ක්‍ත්‍ඛ. බල්බ් වාරික එකතු කරගෙන සවස 4.30 ට පමණ, නිවෙස් බලා එමින් සිටියා.
 
එසේ එමින් සිටියදී, යටවත්ත පොලීසියෙන් අපව නවත්වා, රියදුරු බලපත‍්‍ර පරීක්ෂා කළා.
 
මා සතුව තිබුණේ, ”ලර්නර්ස් පර්මිට්” එකක් බැවින්, අපව අත්අඩංගුවට ගනු ලැබුවා.
 
අප අත්අඩංගුවට ගන්නා ලද්දේ යතුරු පැදියෙන් පැමිණි, යටවත්ත පොලීසියේ රථවාහන අංශයේ උ.පො.ප. වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ය.
 
ඔවුන් පොලීසියට ඇමතුමක් ලබා දී, ජීප් රථය ගෙන්වා ගත්තා. අප දෙන්නාව ජීප් රථයට නංවා, යතුරුපැදිය පොලිස් නිලධාරියෙක් රැගෙන ආවා.
 
මා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ළඟ තිබූ ‘ක්‍ත්‍ඛ බල්බ්. හා බල්බ් අලෙවි කොට උපයා ගත් රු: 7000 කට ආසන්න මුදල උ.පො.ප. වික‍්‍රමරත්න ලබා ගත්තා. 
 
පොලීසියට ගෙන ගිය අපව, කූඩුවට දමනු ලැබුවා. පසු දින එනම් 2013.10.10 වන දින, අපගෙන් ප‍්‍රකාශ ගෙන, මාතලේ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
 
අප දෙන්නාට ගංජා ළඟ තබාගෙන සිටියායි චොදනා කොට නඩු දෙකක් දමා තිබුනා. මා ලඟ ගංජා ග‍්‍රෑම්ස් 790 ක්  තිබු බවට චෝදනා කර තිබුනා.
 
මා නිවැරදිකරු බව ප‍්‍රකාශ කර සිටියා. 
 
රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරියා. මී ළඟ නඩු දිනය 2014.09.04 දිනය වේ.
 
මා සහ මාගේ සහයකව, එකම අවස්ථාවේ, එනම් එකම තැන, එකට සිටියදී අත්අඩංගුවට ගෙන මට, නඩු අංක 17422 යටතේ ද මාගේ සහයකට, 17423 අංකය යටතේ නඩු දෙකක් පවරා අපව දැඩි හිංසාවකට පත් කර ඇත. 
 
මා ඉල්ලා සිටින්නේ,
 
2013.10.04 වන දින රථවාහන වැරැද්දකට අත්අඩංගුවට ගෙන, යටවත්ත පොලිස් ස්ථානයට ගෙනවිත්, නීති විරෝධීව රඳවා තබාගෙන ගංජා තබා ගත් බවට ව්‍යාජ චෝදනාවක් මත නඩු පවරා මාගේ අයිතීන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් යටවත්ත පොලිස්ථානයේ, රථවාහන අංශයේ උ.පො.ප. (වැඩ බලන) වික‍්‍රමරත්න හා එම අංශයේ සැරයන් 2885 වසන්ත නැමති නිලධාරීන්ට එරෙහිව නීතිමය හා විනයානුකූල පියවර ගන්නා ලෙසට හා මෙම ව්‍යාජ චෝදනා නැගීම පිළිබ`දව පොලිස් මූලස්ථානය මගින් පරීක්ෂණයක් පවත්වන ලෙසටය.
 
තවද මෙම බොරු නඩුව ඉවත් කරන ලෙසටද ඉල්ලමි.
 
එච්.ජී.එ්. නන්දික ඇල්ලේපොල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )