දික්වැල්ල පොලිසිය 22 හැවිරිදි තරුණයා මානසික රෝගියෙකු කරයි.

පෙෂන් මාදව රංගික 22 හැවිරිදි තරුණයෙකි. මේ වන විට දික්වැල්ල පොලිසියේ නීතිවිරෝදී ක්‍රියාකලාපය ඔහුව මානසික රෝගියෙකු කර ඇත. ඔහුට විරුද්දව පවරා ඇති බොරු නඩු ගණන 11 ක් පමණ වේ. මේ සම්බන්දයෙන් මාතර මානව හිමිකම් කොමිසමට කල පැමිණිලි වලින් කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. අද 2014 නව වසර උදා විය. අද පටන් වත් මෙම පොලිස් නීතිවිරෝදී ක්‍රියා ගැන කුඩාවට හෝ සාකච්චා කිරීම අරබමු. ඒ සමගම අදිකරණයේ යුක්තිය පසිදලීම ගැන ද කතා කල යුතුව ඇත. එය අදිකරණයට අපහාසයක් වන්නේය යන මිත්‍යාව බිද හෙලමු. 

 
 
 
01. සභාපති,
    මානව හිමිකම් කොමිෂන් සභාව,
    165, කිංසි පාර,
    කොළඹ 08.
 
02. පොලිස්පති
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.
 
අල්ලස් හා අයුතු ලාභ ප‍්‍රයෝජන අපේක්ෂාවෙන්
අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට දරන උත්සාහය
 
තිරිමාධර පේෂන් මාධව රංගික, අවු: 22 යි, ජා.හැ.අ.912983900V, අවිවාහක, 
ලිපිනය  18/1, හේන පාර, ගල්කිස්ස.
 
2013.12.31 දින දීය.
 
මා දැනට, මාගේ මව වන – ආර්.බී.රේණුකා සමග ඉහත ලිපිනයේ පදිංචි සිටිමි.
 
මාගේ උපන්ගම දික්වැල්ලය. මා, කුඩා කල සිට හැදී වැඩුනේ මාගේ මව ගේ මව (ආච්චී) සමගය. ලිපිනය – දෙයියන්ගේ වත්ත, දික්වැල්ල වේ.
 
2008 වසරේදී, එවිට මාගේ වයස අවු: 17යි. දිනකදී මා දික්වැල්ල නගරයට යනවිට, දික්වැල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන, පොලීසියට ගෙන ගියා. මාව අත්අඩංගුවට ගත්තේ සැරයන් සුනන්ද. අත්අඩංගුවට ගත් වේලාවේ සිට පහර දෙමින් පයින්ම පොලීසියට ගෙන ගියා.
 
පොලීසියේදී මට පහර දෙන්නේ නිරුවත් කරලා. අත් දෙක ගැට ගහලා බාල්කයේ එල්ලලා, උඩ තට්ටුවේ තමයි මට පහර දුන්නේ. බෙල්ට් වලින් පහර දෙනකොට ඇහි බැම මැදින් පැලූනා. පිට පැලූනා. 
 
එසේ පහර දීමෙන් පසුව ? ජයනන්ද කඬේ අයිතිකරුගේ වෑන් රථයේ නංවාගෙන කාගිල්ස් පුඞ් සිටි එක ළඟට ගියා. ජයනන්ද කඬේ මුදලාලි පද්මසිරි කාගිල්ස් පුඞ් සිටි එකට ගොස් අරක්කු බෝතල් තුනක් ගෙනාවා. තව බයිට් අරන් ආවා. හුංගමට ගොස් එහි පාලම අසල නවතා අරක්කු කඩාගෙන බිව්වා. මට එතනදී අතින් පයින් පහර දුන්නා. මට බලෙන් බයිට් පෙව්වා. මගේ කටට තුවක්කු බටයක් එබුවා. මේ ආකාරයට මට වධ දුන්නේ දිකවැල්ල පොලීසියෙ සැරයන් සුනන්ද හා කොස්තාපල් මුතුමාලය. 
 
ඉන් පසු අම්බලන්තොටට ගියා. එසේ ගියේ රියා අද්මිරාල් අමරවීරගේ වත්තට. එ් වත්තේ සිටි අයෙක්ව අත්අඩංගුවට ගෙන පහහර දී වෑන් එකට දා ගත්තා. නැවත පොලීසියට ආවා. එවිට පසුදින අ`ඵයම 4.30 ට පමණ ඇති. ගෙන ආ පසු උඩ තට්ටුවේ කාමරයට ගෙන ගොස් නැවත නිරුවත් කොට බිම දමා පයින් පාගා නැවත අත්දෙකෙන් එල්ලා බෙල්ට් එකෙන් පහර දුන්නා. එසේ පහර දුන්නේ සැරයන් සුනන්ද. 
 
එදින උදේ 10.00 ට පමණ ත‍්‍රී විල් රථයක මාගේ අම්මාවත් නංවාගෙන සැරයන් සුනන්ද දික්වැල්ල නගරයේ වෛද්‍ය ආරියදාස නැමති අයගේ පුද්ගලික ඩිස්පැන්සරියට ගොස් බෙහෙත් අරන් දුන්නා.
 
නැවත පොලීසියට ගෙනවිත් ජීප් රථයේ අම්මාවද නංවාගෙන මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ගෙන ගියා. එසේ යන අතර පහර දුන් බව ප‍්‍රකාශ නොකරන ලෙසට බල කලා. මාව ඉදිරිපත් කළේ මහේස්ත‍්‍රාත් තුමාගේ කාමරයට. මා පොලීසිය පහර දුන් බව ප‍්‍රකාශ කළේ නෑ. මා වෙනුවෙන් නීතිඥ දසරාජ් දහනායක පෙනී සිටියා. ඔහුට මගේ මව පොලීසියෙන් මට පහර දී තිබෙන බව ප‍්‍රකාශ කළත් ඔහු එ් පිළිබඳ මහේස්ත‍්‍රාත් තුමාට පැවසූවේ නැහැ.  
 
එම තත්ත්වය තුල මට ඇප ලබාගැනීමට හැකිවුනා.
 
එදින පටන්, වරින් වර මාව අත්අඩංගුවට ගන්නා දික්වැල්ල පොලිසිය මට වධ දී, දින ගණන් රඳවාගෙන සිට, සොරකම් නඩුවලට පටලවා, බොරු නඩු දැමීම සිදුකරනවා.
 
මේ වන විට, මේ ආකාරට අත්අඩංගුවට ගෙන පවරන ලද නඩු සංඛ්‍යාව 11 කි. එ් අතර දික්වැල්ල පොලීසිය පුවත්පත් වාර්තාකරුවන් අල්ලාගෙන මා ප‍්‍රසිද්ධ සොරෙක් බවට වාර්තා පල කලා.
 
මාගේ මව මේ සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසියට ගොස් කරුණු විමසූ විට කියන්නේ, මාව අත්අඩංගුවට ගෙන වෙඩි තබා මරා දමන බවයි.
 
තවද මට නින්දා අපහාස වලටද මුහුණ දීමට සිදු වුනා.
 
මා අත්අඩංගුවට ගෙන, වධහිංසා පමුණුවා බොරු නඩු දැමීම ගැන, දකුණූ පළාත් නියෝජ්‍ය පොලිස්පති වෙත පැමිණිලි කලවිට ඔහු උපදෙස් දී තිබුනා, මට ගමෙන් පිටවී යන ලෙසට.
 
එ් අනුව, මා, 2013 ජූනි සිට ජීවත්වන්නේ ඉහත ලිපිනයේ බව අවධාරණයෙන් ප‍්‍රකාශ කර සිටිනවා.
 
මා, දැනට පවතින නඩුවලට මාතර උසාවියට යන්නේ මාගේ මව සමග බව ප‍්‍රකාශ කරමි. 2013 ජූනි මස සිට මා දික්වැල්ලට ගොස් නොමැත.
 
එසේ තිබියදීත්, නිරන්තරයෙන් දික්වැල්ල පොලිසිය මා අත්අඩංගුවට ගෙන බොරු නඩු දැමීමට උත්සාහ ගනු ලබනවා.
 
මෙහිදී, දික්වැල්ල පොලිසියේ අපරාධ අංශයේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග පැමිණ, රැයක් දවාලක් නැතිව මා අත්අඩංගුවට ගන්නට සූදානම් වනවා.
 
මෙම වසරේ, මෙම මාසයේ දෙවෙනි සතියේ දිනක, රාත‍්‍රියේ මා සොයා පැමිණි බටගොඩ නිලධාරියා, මා නොමැති බව ප‍්‍රකාශ කල විට, ගෙදර බල්ලා ට වෙඩි තබා මරා, මාව මරා දමන්නෙත් මේ ආකාරයට බව පවසා ගොස් තිබේ.
 
එමෙන්ම, 2013.12.30 වන මධ්‍යම රාත‍්‍රියේ මා සොයා, දික්වැල්ල පොලිසියේ බටගොඩ නැමැති නිලධාරියා තවත් නිලධාරීන් සමග මා සොයා ගොස් තිබෙනවා.
 
2008 වසරේදී මාහට පහරදීම නිසා, මා දැන් මානසික රෝගී තත්වයකට පත්ව තිබෙනවා.
 
මා, මසකට වරක්, ගාල්ල කරාපිටිය මහා රෝහලට ගොස් එහි – 3 කාමරයේ, මානසික විශෙෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාගෙන් ප‍්‍රතිකාර ගන්නවා. 
 
මේ සම්බන්ධයෙන් මාගේ මව වන ආර්.බී.රේණුකා දකුණු පළාත් බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කිහිප වතාවකක්ම වාචිකවද මාගේ මාමා වන ආර්.බී. දිලූම් කුමාර විසින් එම නියෝජ්‍ය පොලිස්පති වරයාට වාචිකවද පැමිණිලි කර තිබේ. තවද, මාගේ මව පොලිස්පතිවරයාට හා මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ශාඛාවටද පැමිණිලි කර තිබේ. නමුත් එ කිසිදු පැමණිල්ලකට ප‍්‍රතිචාරයක් පවා නොලැබූ බව ප‍්‍රකාශ කරමි.
 
මා ඉල්ලා සිටින්නේ,
 
2008 දී, මා අත්අඩංගුවට ගෙන මට වධ දී, මානසික රොගියකු බවට පත් කොට, එයින් සෑහීමකට පත් නොවී, දිගින් දිගටම දික්වැල්ල නගරයේ හා අවට සොරකම් වලට මා අත්අඩංගුවට ගෙන නැවත නැවත වධ දී බොරු නඩු දැමීම නවත්වා දමන ලෙසටය.
 
මෙය මට පමණක් නොව, මගේ මවට, මාගේ ඥතීන්ට මානසික වධයක් වී ඇත.
 
නඩුවලට මුහුණදීම නිසා මා මහමගට වැටී ඇති බව ප‍්‍රකාශ කරමි.
 
 
ටී. පේෂන් මාධව රංගික

One thought on “දික්වැල්ල පොලිසිය 22 හැවිරිදි තරුණයා මානසික රෝගියෙකු කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )