මවක් තම පුතුට ගහන්න එපැයි පොලිස්පතිට කියයි.

 
අදින් 2013 වසර නිමයි. එහෙත් ශ්‍රී ලංකා පොලිසියේ නීතිවිරෝදී දහජරා වැඩ වලට නිමක් නැත. මේ පානදුර පොලිසියේ එවන් නීතිවිරෝදී ක්‍රියාවක් පිලිබදව මවකගේ දුක්ගැනවිල්ලකි. ඇය අද උදැසන ජනසංසදයට පැමිණියාය. ජනසන්සදයේ දුරකථන අංකය 038 2231419 වේ. ලිපිනය 81/2, ආතර් වී දියෙස් මාවත, පානදුර වේ. 
 
 
01.  සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08
 
 
02. පොලිස්පති
     පොලිස් මූලස්ථානය
     කොළඹ 01
 
ලිඛිත පැමිණිල්ල
 
හෙල්ලාකල ගමගේ කරුණාවතී, අවු: 65 යි, විවාහක, දරුවන් 05 යි.
ලිපිනය: 52/9, හොරණ පාර, මෝදරවිල, පානදුර.
 
2013.12.31 වන දින දීය. 
 
මාවතගමගේ සමන් අනුර කුමාර රත්නායක, අවු: 32 යි, විවාහක, දරුවන් 02 යි, රැුකියාව: කම්කරු, මාගේ පුතා වේ.
 
2013.12.30 වන දින රාත‍්‍රී නවයට පමණ, අප නිවසේ හා අවට බල්ලන් බුරන ශබ්දයට, මාගේ පුතා ඉස්සරහ ෙදාර ඇර බලන විට, හතර දෙනෙක් දුවනවා දැක ඇත.
 
ඔහු ඔවුන් පසුපස, කව්දැයි බලන්න යන විටම, පොලීසියද පැමිණ ඇත. ඔහු පොලීසියට කරුණු පවසා තිබේ.
 
නමුත් දුවන ලද්දේ කවුරුන්දැයි අඳුනා ගැනීමට හෝ අල්ලා ගැනීමට නොහැකිව පොලීසිය ආපසු යන ලදි.
 
පොලීසිය ගිය පසු, හතර දෙනෙක් අප නිවසට පැමිණ, අපි තමයි දිව්වේ කියමින්, කෑ ගසා, අපි ඔත්තු දුන්නා යැයි තර්ජනය කරමින් සිට, ඔවුන් මාගේ නිවසේ ෙදාර ජනෙල් වලට පහර දී, මාගේ පුතා අල්ලා දෙන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.
 
පුතා එ් අවස්ථාවේ පානදුර පොලීසියට දුරකතනයෙන් කතා කර දුන්නා. පානදුර දකුණ පොලීසියෙන් පැමිණ, පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නා. එමෙන්ම අනෙක් පාර්ශවයටද පොලීසියට  එන්න කිව්වා.
 
පුතා පොලීසියට ගියා. එවිට ඔහුට පහර දී, කූඩුවට දමන ලදි. මාගේ පුතාට පොලීස් නිලධාරීන් පහර දී තිබෙනවා. 
 
දැනට ඔහු පානදුර දකුණ පොලීසියේ තබාගෙන සිටිනවා.
 
මට පුතාව බලන්න ඉඩ දුන්නේ නැහැ. මට බැන පලවා හැරියා.
 
මා ඉල්ලා සිටින්නේ, පොලීසියට ගිය මාගේ පුතාට පහහර දී, රඳවා තබාගෙන සිටීම හා ඔහුට විරුද්ධව බොරු චෝදනා නැගීමට තිබෙන අවස්ථාව වලක්වන ලෙසයි.
 
හෙල්ලාකල ගමගේ කරුණාවතී

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )