යසර් අරඵට්ට වස දුන්නද?

හිටපු පලස්තීන ජනාදිපති යසර් අරඵට්ගේ පවුද්ගලික දේවල විකිරණ ද්රවිය තිබු බව සුවිස් විද්‍යාඥයින් විසින් සොයා ගෙන තිබේ. මේ නිසා ඔහුව ඉස්රයාලය වස දි මරා දැමු බව තවදුරටත් තහවුරු වේ. මේ බව ගිය වසරේ ප්‍රසිද්දියට පත්විය. ගිය නොවැම්බර් මාසයේදී ඔහුගේ සිරුර ගොඩ ගැනිණි. එය සුවිස් ප්‍රංශ සහ රුසියානු විද්‍යාඥයින් විසින් පරික්ෂා කරන ලදී. නමුත් එහි ප්‍රතිපල කිසිවක් නිල වශයෙන් හෙලිදරුවූ කලේ නැත. අරඵට්ට අයත් උපකරණ 38 ක් පරික්ෂාවට ලක්වූ අතර එහි යට ඇදුමක් සහ දත් බුරුසුවක්ද විය. මේවා 2004 දි ඔහු මියයාමට පෙර බාවිතා කල දේ වේ. සොයාගෙන ඇති විකිරණ ශීලි ද්රවිය පොලෝනියම් 210 වේ. නමුත් රුසියානු විද්‍යාඥයින් මෙය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරති. 2004 නොවැම්බර් මාසදී අරඵට් මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 ක් විය. 2006 දි අලක්සන්ඩර් ලිටිවින්කෝ නමැති හිටපු රුසියානු කේ ජි බි නියෝජිතයා මරමුවට පත්වූ අතර ඔහුව මරා දැමීමට පොලෝනියම් 210 යොදා ගෙන ඇත. 

One thought on “යසර් අරඵට්ට වස දුන්නද?

  1. තම මතවාදයට වාසි ප්‍රවෘත්ති සඳහා පමණක් ප්‍රසිද්ධියක් ලබාදෙන බහුතර සංවිධාන සියළු තොරතුරු ජනතාව හමුවේ තබන්නේ නැහැ. උදාහරණයක් හැටියට ෆ්ලොරීඩාවේ ට්‍රෙවොන් මාටින්ට වෙඩි තැබීමෙන් සිද්ධ වූ මරණය ගැන කතා කරන්න සෑහෙන කාලයක් වැය කරපු ඇමෙරිකන් මාධ්‍යය චිකාගෝ නුවර කළු ජාතිකයන් 80% ක් වෙඩි තැබීම් වලින් මිය යන බව ගැනට ප්‍රසිද්ධියක් දෙන්නෙ නැහැ. 2013 දී දැනට වෙඩි තැබීම් නිසා මිය ගිය සංඛ්‍යාව 295 ක්. එය පුද්ගලික තුවක්කු අයිතියට වැඩියෙන්ම සීමා බාධක ඇති නගරයක් වීමත් තවත් සාධකයක්. තමන්ට පුතෙක් හිටියා නම් එයා ට්‍රෙවොන් මාටින් වගේ යැයි කියුවාට චිකාගෝ කළු අය උනුන් මරාගෙන මැරෙන හැටි ගැන කතා කරන්න චිකාගෝ වල community organizer වෙච්ච සහ එහි සෙනෙට් සභිකයෙක් වූ ඔබාමාවත් ඉදිරිපත් වෙන්නෙ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )