ඉඩමට කෑදර වී පොලිසිය පුතාට වද දි බොරු නඩු දැමීමේ තැතක්.

 ඇය ජයසිලිද සිල්වාය. ඇය පානදුර කන්දසාමි කෝවිලේ මිදුල අතුගා ජීවත්වේ. ඇගේ 29 හැවිරිදි පුත්‍රයා වන නුවන් පුෂ්පකුමාර ලොරියක ක්ලිනර් කෙනෙකු ලෙස සේවය කරයි. ඔහුව දැනට පානදුර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වදහිංසා පමුණුවනු ලැබේ. මංජුල නමැති නිලදාරියා කුඩු ඉල්ලමින් ඔහුට අතින් පයින් පහර දි තිබේ. 2007 පැවරු වියාජ කුඩු නඩුවට ඔහු නිවැරදිකරු බව කියා ඇප මත නිදහස්ව සිටියේය. තවද පොලිස් නිල්දාරියෙකු නිතර නිතර ඔවුන්ගේ නිවසට පැමිණ පානදුර මහවිල ඇති පර්චස් 26ක ඉඩම සහ එහි ඇති කොස් ගස් කැපීමට ඉල්ලන අතර මේ මවත් පුතාත් එයට විරුද්දය. අද 2013.09.04 මානව හිමිකම් කොමිසමට කල ලිකිත පැමිණිල්ල පහතින් දැක්වේ. 
 
ජයසීලි සිල්වා
10, මිරිස්වත්ත
මහවිල
පානදුර
2013.09.04
 
01. සභාපති
     මානව හිමිකම් කොමිෂන් සභාව
     අංක 165
     කිංසි පාර
     කොළඹ 08
 
 
අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිට, වධහිංසා පැමිණවීම හා බොරු නඩු දැමීමට දරන උත්සාහය
 
මා විසින් ඊයේ (2013.09.03* සවස 15.57 ට ඔබ වෙත එවන ලද ෆැක්ස් පණිවුඩය හා සම්බන්ධය.
 
ප‍්‍ර‍්‍රමාද දෝෂයකින් එම ෆැක්ස් පණිවිඩය එවනු ලැබූ දිනය 2013.09.02 ලෙස සටහන්ව ඇති බව කරුණාවෙන් සලකන්න. එය 2013.09.03 විය යුතුයි.
 
හිතාදුර නුවන් පුෂ්පකුමාර (අවු: 29* වන මාගේ පුතාව පානදුර දකුණ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ නිවසේදීය.
 
එවිට වේලාව පස්වරු 1.00 වේ.
 
ඊයේ රාත‍්‍රියේ මාගේ පුතාට අතින් පයින් පහර දී තිබේ. එසේ පහර දී ඇත්තේ මංජුල නැමැති නිලධාරියා බව පුතා මට පැවසීය.
 
ඔහුට පහර දෙන්නේ ”කුඩු” ඉල්ලමින්ය. මීට පෙර එනම් වසසර 2007 දී, ඔහුව ”කුඩු” පිළිබඳව බොරු නඩුවක් පවරා, වසර 5 ක් රිමාන්ඞ් බාරයේ සිට, ගිය වසරේ ඇප මත නිදහස් වූ අයෙකි.
 
මෙම නඩුව, අංක 83893, යටතේ මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතී. මෙම මස එම නඩුව කැඳවීමට නියමිතය.
 
මෙසේ මාගේ පුතාව, අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා, බොරු ”කුඩු” නඩුවකට පටලවා  නැවත ”රිමාන්ඞ්” බාරයට පත්කිරීමට උත්සාහ ගන්නේ, ඉහත සඳහන් නඩුවට නිවැරදිකරු බව ප‍්‍රකාශ කිරීම නිසාය.
 
මාගේ වයස අවු: 65 කි. මා, පානදුර කන්දසාමි කෝවිලේ මිදුල අතුගා ජීවත් වෙමි. මාගේ පුතාද ලොරියක ක්ලීනර් කෙනෙකි.
 
මා සතුව, ඉහත ලිපිනයේ පර්චස් 26 ක ඉඩම හා පැල්පත තිබේ. එය බලපත‍්‍ර සහිත ඉඩමකි. පානදුර පොලීසියේ නිලධාරියෙකු නිරන්තරයෙන් පැමිණ ඉඩම හා එහි කොස්ගස් කපා ගැනීමට ඉල්ලයි. මම හා පුතා එයට අකමැති වීම නිසා, මෙසේ මාගේ පුතාව බොරු නඩු දමමින් හිරිහැර කර, ඔහුව සිර ගත කොට මාව මහ පාරට දැමීමට උත්සාහ ගනී. අපි ඉතා දුගී අයයි. ඇප ලබා දුන්නේ නීතිඥ මහත්මියක් නොමිළේ ඉදිරිපත් වීමෙනුයි . මට හා පුතාට නඩු කීමට නොහැක. මෙය සත්‍ය බව ප‍්‍රකාශ කරමි.
 
මා ඉල්ලා සිටින්නේ,  මාගේ පුතාව නිදහස් කරන ලෙසයි.
 
 
 
ජයසීලි සිල්වා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑