උසාවිය හරිහැටි මනුතාපය විනිශ්චය නොකරයි.

මේ කතාව අපට පුරුදුය. ඒ පොල් කෙස් එක ලෙසය. එයට එකල ඉමහත් ප්‍රසිද්දීයක්ද හිමි විය. නාමුත් මෙයට සම්බන්ද වූ දැරිය පිලිබදව අප්‍රකට කතාවක් ඇත. ඒ සදහා පහත ප්‍රකාශය කියවන්න.

කුකුළ කංකානම්ගේ චන්ද්‍රලතා, අවු: 40යි, විවාහක, දරුවන් 05යි (දෙනෛක් විවාහකයි*, 
බාලගේ ෙදාන් අබේවර්ධන, අවු: 52යි, රැුකියාව – කුලීවැඩ
ලිපිනය : 153 එ්, අරමනාගොල්ල, හොරණ.
2013.07.31 දිනදීය.
 
බාලගේ දෝන මහේෂිකා බුපුදුනී, අවු: 13යි, පාසල් ශිෂ්‍ය – කනන්විල සුගතපාල කිනිෂ්ඨ විද්‍යලය 8 වසර හි ඉගෙනුම ලබන – මාගේ දියණිය වේ.
 
පළමු ශ්‍රේණියේ සිට 2012 මැයි 19 දින දක්වා මාගේ දියණිය පාසල් ගියේ ක/ශ‍්‍රී මේධංකර මහා විද්‍යාලයටයි. එහි 08 වසර දක්වා ඉගෙනුම ලබමින් සිටියා.
 
2012 දෙසැම්බර් මසදී, පංති භාර ගුරුවරිය පවසා තිබෙනවා පංතියේ තීන්ත ගාන්න රු: 800/=ක් ගේන්න කියා. මුදල් නොමැති නිසා දුව දෙසැම්බර් මස පාසල් ගියේ නැහැ. ජනවාරි මස දින 3ක් පාසල් ගියා. එ් දිනවල මුදල් අහලා තියෙන නිසා අපිටවත් එ් ගැන නොකියා දුව පාසල් නොගිහින් හිටියා. මුදල් එකතු කිරීම බාරව සිටි මවක හා පියෙකු දිගටම දුවට බලපෑම් කරමින් මුදල් ලබාදෙන ලෙස දිගින් දිගටම පවසා තිබෙනවා. 
 
ඇය තම පියාගෙන් (මාගේ සැමියාගෙන්* මුදල් ඉල්ලූ විට සැමියා පැවසුවා මුදල් සොයා දෙන්නම් පාසල් යන්න කියා. 
 
එ් අතරදී එම පාසලේ පැළඳිය යුතු සපත්තු වෙනස් කළ නිසා, සපත්තු කුට්ටමක් ගැනීමට මුදල් නැති වුනා. ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාව ඇගේ පුතාගේ සපත්තු කුට්ටමක් ලබා දුන්නද, එය ලොකු නිසා එ් හේතුවත්, තීන්ත ගාන්න මුදල් දීමට නොහැකි නිසා සිදුවන බලපෑමුත් නිසා දුව පාසල් යාම ප‍්‍රතික්ෂේප කලා. 
 
එසේ සිටියදී 2013.02.04 දින මාගේ දියණීය  ඕවිටේ තිබී වේලිච්ච පොල්ගෙඩි 02ක් ගෙනවිත් තිබුනා. 
 
2013.02.05 දින හොරණ පොලිසිය අප නිවසට පැමිණියා. ඔවුන් සමග අප ප‍්‍රදේශයේම පදිංචිකරුවකු වන කරන්නාගොඩගේ චන්ද්‍රසේන යන අයද පැමිණ සිටියා. ඔහු විසින් ඔහුගේ  ඕවිටක තිබුනු පොල්ගෙඩි 08ක් මාගේ දුව ගසකට නැග කඩාගෙන ඇති බවට පැමිණිල්ලක් කර ඇති බැවින් එදින (05 දින* සවස 3.00ට පොලිසියට පැමිණෙන ලෙසට පැවසුවා. එ් අනුව එදින සවස 3.00ට පොලිසියට මා හා දියණිය ගියා. 
 
පැමිණිල්ල විභාග කරන අතරදී, පොල් අයිතිකරු කියන පුද්ගලයා සමථ වීමට අකමැතිවූ අතර, පොල්වල අලාභය රු: 320/ක් වන බව පැවසුවා. මා අලාභය ගෙවීමට සූදානම්වූ විට, අලාභය එපා උසාවි දාන්න කිව්වා. මාව හා දියණියව සවස 5.00 වන තෙක් පොලිසියේ රඳවා තබා ගත්තා. පසුව සවස 5.00ට පමණ පැවසුවා 2013.02.06 දින උදේ පොලිසියට පැමිණෙන ලෙසට.
 
මා හා දියණිය 2013.02.06 දින උදේ 8.00ට පොලිසියට ගියා. උසාවි දාන්න වාර්තා ටයිප් කරනවා කියා අපට වාඩිවී ඉන්න කිව්වා. පොල් අයිතිකරු සාක්ෂි සඳහා ඔහුගේ මස්සිනා වන ගලබඩගේ සිරිපාලව පොලිසියට ගෙනවිත් තිබුනා. පොල් අයිතිකරු ත‍්‍රී රෝද රථ 2ක් ගෙනවිත් තිබුනා. මා හා දියණිය සමග සාක්ෂිකරුත් පොලිස් නිලධාරියෙකුත් එක් ත‍්‍රී රෝද රථයකිනුත්, අනෙක් ත‍්‍රී රෝද රථයේ පොල් අයිතිකරු කියන පුද්ගලයාත් හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියා.
 
අධිකරණයේදී මහේස්ත‍්‍රාත්වරයා මාගෙන් ඇසුවා වරද පිළිගන්නවාද කියා. මා වරද පිළිගත්තා. එවිට නඩුකාරතුමා දරුවාව පරිවාසයට දැමිය යුතු බව පැවසුවා. මට හා දියණියට පොලිස් කාන්තාවක සමග ගොස් පරිවාස වාර්තාව ගෙන එන ලෙස පැවසුවා. මා හා දුව පොලිස් කාන්තාවක සමග හොරණ පරිවාස කාර්යාලයට ගොස් එම වාර්තාවද සමග පරිවාස නිලධාරී පුෂ්ප කුමාර මහතාද සමග නැවත අධිකරණයට පැමිණියා. 
 
පසුව දරුවා වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිවල මහතා හා තුෂාර ගුණරත්න මහතා නොමිළේ පෙනී සිටියා. රු: 50,000/= වටිනා ශරීර ඇපයක් මත දියණියව මුදාහැරියා. නැවත නඩුව 2013.02.22 බව දැනුම් දුන්නා.
 
2013.02.10 දින අප දැනගත්තා පොල් අයිතිකරු විසින් නඩුව ඉවත්කරගෙන තිබෙන බව.
 
2013 මාර්තු 09 දින මාගේ දියණිය වැඩිවිය පැමිණුනා. ප‍්‍රාදේශීය ලේකම්වරයා එය දැනගත් පසු, ප‍්‍රා.ලේ.කාර්යාලයේ සේවය කරන අයගේද සහයෝගයෙන් දුවගේ කටයුතු කර දුන්නා. එ් දිනවල 
මා සැත්කමකට භාජනය වීමට නියමිතව තිබූ හෙයින් දියණියව අනාරක්ෂිතව නිවසේ තැබිය නොහැකි බව පවසා, ප‍්‍රා.ලේ.වරයා මැදිහත්ව 2012.03.22 දින හුරුගල ළමා නිවාසයට දියණියව ඇතුලත් කලා. මා දියණිය බැලීමට 2013 අප්‍රේල් මස දිනකදී එම නිවාසයට ගිය විටදී එහි සිටීමට නොහැකි බවත්, ළමුන් බලන ආච්චී පහර දෙන බවත් පවසා දියණිය නැවත මා සමග නිවසට පැමිණියා. 
 
නිවාසය පාලනය කරන්නේ ක‍්‍රිස්තියානි පල්ලයකිනි. මාගේ දියණියට ආගමට හැරෙන්න කියා බලකර තිබුනා. ඇය එය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඇයට වේවැලකින් පහරදී තිබුනා.
 
නැවතත් සති දෙකකින් පමණ ප‍්‍රා.ලේ.කාර්යාලයේ තුෂාරි මිස් ඇවිත් දියණියව ළමා නිවාසයට රැුගෙන ගියා. අපට බලන්න යන්න එපා කියා ඇය පැවසුවා. අපට හොඳට ඇඳලා යන්න එපා, නැතිබැරිකම් කියලයි නිවාසෙට දැම්මේ, ආයිත් යන්න එපා කියා ඇය තර්ජණාත්මකව පැවසුවා. ඇය සමග ග‍්‍රාම නිලධාරීවරයාද සිටියා.
 
අප 2013 ජූලි 10 දින දරුවා බලන්න ගියා. එදිනත් ඇය ඉන්න බැහැ කියා අප සමග නිවසට පැමිණියා.
 
නැවතත් ප‍්‍රා.ලේ.කාර්යාලයේ තුෂාරි මිස් හා අතුරුලියා මිස් නිවසට පැමිණ මට බැණ වැදුනා ආපහු ළමයාව ගෙනාවා කියා.  දෙන ආධාරවත් දෙන්නෑ, ගේවත් හදලා දෙන්නෑ කියා බැණ වැදුනා.
 
පසුව ග‍්‍රාම නිලධාරී හා ප‍්‍රා.ලේකාර්යාලයේ තුෂාරි නැමැත්තිය බලහත්කාරයෙන් ළමයාව නැවත නිවාසයට ගෙන යාමට සූදානම්ව නිවසට පැමිණ තිබුනා. මා ගෙදර සිටියේ නැහැ. මාගේ දියණිය අසල නැටුම් පුරුදු කරන නිවසකට දුවගොස් තිබුනා. ඔවුන් දියණිය පසුපස පන්නා තිබෙන අතර, රබර් වත්තක් දිගේද එලවා ගොස් තිබෙනවා. අනතුරුව නැටුම් උගන්වන්න නිවසට ගොස් ඔවුන්ටද බැණවැදී තිබෙනවා මාගේ දරුවාව තබා නොගන්නා ලෙසට. 
 
පසුව මා පරිවාස කාර්යාලයට ගොස් සිද්ධිය පවසා සිටියා. ඔවුන් ළමයා සමග සාකච්ජා කලා. ළමයා නැවත නිවාසයට යාම ප‍්‍රතික්ෂේප කලා. එම නිලධාරීන් පැවසුවා ළමයාව බලෙන් යවන්න බැහැ, එහෙම ගෙනියන්න අයිතියක් නැහැ කියා. පරිවාස නිලධාරීන් මැදිහත්ව දරුවාව කනන්විල සුගතපාල කනිෂ්ට විද්‍යාලයට ඇතුලත් කර දුන්නා.
 
 
කේ.කේ.චන්ද්‍රලත
Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: