15 හැවිරිදි ප්රෝබෝද  තමා මුහුණ දුන් සිද්දිය පිළිබද අත්දැකීම ජනසංසදය හා බෙදා ගත්තෙය .ඔහුගේ ප්‍රකාශය පහතින් පලවේ.

 
ප‍්‍රකාශය
 
කලූආරච්චිගේ ඔෂාන් ප‍්‍රබෝධ සම්පත්, අවු: 15යි (1997.06.05*,)
ශ‍්‍රී මේධංකර මහා විද්‍යාලයේ, 11 වසර එ් හි ඉගෙනුම ලබමි. මෙම පාසලේ පළමු ශ්‍රේණියේ සිටම මම ඉගෙන ගන්නවා.
 
2013.06.21 සිකුරාද සීල ව්‍යාපාරය තිබුනා. මමත්, මල්ලීත් දානයට ඉඳි ආප්ප 250ක්, අල කිලෝ 
1 1/2 තෙල්දාලා හා කොළ මිටි 05ක මැල්ලූමක් දෙන්න පොරොන්දු වී තිබුනා. එම දානය අරන් මමත්, මගේ යාලූවෝ වන සමීර, තාරක හා තිලාන් සමග දානය ගෙන ගියා. මට අම්මා කිව්වා වරද්දන්නේ නැතිව භාජන අරන් එන්න කියලා.
 
අපි හතර දෙනා දානය ගෙන ගියාම, ඉස්කෝලේ ගේට්ටුවේ ඉන්න මුරකරු පෙරේරා කිව්වා ඇතුලට යන් දෙන්න බෑ, පාට ඇඳුම් ඇඳලා තියෙන නිසා කියා. මුරකරු පෙරේරා, කෑම භාජන අරගෙන, වෙනත් ළමයින් අත ඉස්කෝලෙට යැව්වා. 
 
මුරකරු පෙරේරා, උඹලා මෙතන ඉන්න එපා, ගෙවල්වලට පලයල්ලා කිව්වා. මම කිව්වා භාජන අරගෙන යන්න  ඕනා, එ් නිසා ඉන්නවා කියා. ඔහු නැවත උඹලාට පාසල් සීමාවෙ ඉන්න බෑ, පලයල්ලා කිව්වා. අපි එහාට වෙලා හිටියා. පැය දෙකකටත් වඩා එතන හිටියා. එ් අතර, ඔහු නිතර නිතර අපිට පලයල්ලා පලයල්ලා කියමින් තර්ජණය කලා. විදුහල්පතිට කියනවා පොලිසියට කියනවා කියලා තර්ජණය කලා. උඹලා ආයෙත් ඉස්කෝලේ වරෙල්ලා කියා බැන්නා. 
 
මේ අවස්ථාවේ පාසලේ රාත‍්‍රී මුරකරුද එහි සිටියා.
 
දහවල් 1.15ට විතර භාජන ගෙනත් දුන්නා. එ්වා අරන් අපි ගෙදර ආවා. 
 
මම සුපුරුදු පරිදි සඳුදා 24 දා, අගහරුවාදා 25, පාසලට ගියා. එදින (25* උදේ 7.30 ට පාසලට ගියා. පළමු බෙල් එක ගැහුව්වා. එ්ක ගහන්නේ උදේ 7.30 ට. මම පංති කමරයට ගියා. 11 වසර ඞී පංතියේ රසික් නැමැති ළමයා මට ඇවිත් කිව්වා ගෙදරට වාසනා කියන ඔෂාන් ප‍්‍රබෝධට ප‍්‍රිව්සිපල් එන්න කිව්වා කියා.
 
මම යනවිට ප‍්‍රින්සිපල් හිටියේ ගේට්ටුව ලඟ. මම එතැනට ගියා. එතන රාත‍්‍රී මුරකරු (චූටි මාමා* හිටියා. එතන තව ගුරුවරු ගුරුවරියන්ද හිටියා. මාව දැක්ක ගමන් ඇහුව්වා උඹද, ගෙදරට වාසනා කියන්නේ කියා. මම ඔව් කිව්වා.
 
ඇත්තද උඹ සිකුයුරිට බැනලා තියෙන්නේ කියා ඇසුවා. මම නෑ කිව්වා. නෑ උඹ බැනලා තියෙනවා කියලා මගේ බඩට දණහිසෙන් ඇන්නා. ඊලඟට කණට වැරෙන් පාරක් ගැහැව්වා. දණහිසෙන් තව පාරවල් ගැහැව්වා. මම පස්සට උනා. මට කිව්වා ඔෆීස් එකට පලයන් කියා. මම බොට හොඳ වැඩක් දෙන්නම් කිව්වා. 
 
මම විදුහල්පති ඔෆීස් එක ලඟට ගිහිල්ලා එහි පඩිවෙළ ළඟට වෙලා හිටියා. ඉස්කෝලේ ගාථා කියලා ඉවර වෙලා, පැයක් පමණ ගියාට පස්සේ විදුහල්පති ඔෆීස් එකට ආවා. ඔහු ඔෆීස් එකට ඇතුල් වෙන ගමන්, උප විදුහල්පතිගේ කාමරයේ ඉන්න වජිරා නැමැති ”මිස්” ට කිව්වා ”මූට හාෆ්ෂීට් එකකුයි, පෑනකුයි දෙන්න” කියා. 
 
වජිරා ”මිස්” මට අඬගහලා හාෆ්ෂීට් එකකුයි, පෑනකුයි දුන්නා. විදුහල්පති කිව්වා සිද්ධිය  ඕකේ ලියපන් කියා.
මම වෙච්ච සිද්ධිය ලියා විදුහල්පතිට දුන්නා. ඔහු හිටියේ විදුහල්පති පුටුවේ වාඩි වෙලා. එය ඔහු කියෙව්වා. එදා මෙහෙම නෙවෙයි වෙලා තියෙන්නේ කියා, මේසේ උඩ තිබුන ඩයරියක් වගේ පොතකින් මට ගහන්න හැදුවා. ඊට පස්සේ විදුහල්පති එ් කොලේ පැත්තකට වීසි කලා. ඔහු එතන හිටිය මංගලිකා කියන කෙනාට කිව්වා මූට හාෆ්ෂීට් එකක් දෙන්න කියා. එයා හාෆ්ෂීට් එකක් දුන්නා.  ඕකේ සිද්ධිය ලියපන් කිව්වා. මම නැවත සිද්ධිය ලිව්වා. එය ලියලා දුන්නාම නැවත කියවා, උඹ හරියන්නේ නෑ කියලා, මට ගහන්න පටන් ගත්තා. 
 
මුලින්ම ඔහු කණ් දෙකට ගැහුව්වා. ඊට පස්සේ මම ලියූ දේ කියලා මෙන්න මෙහෙම ලියපන් කිව්වා. ඔහු කියන විදිහට මම ලිව්වා. මට අත්සන් කරන්න කිව්වා. මම ලියන ගමන්ම මගේ කණට, මුහුණට, ඔලූවට ගැහුව්වා. ගහන ගමන්ම මෙතනින් පලයන්, තොපි කාලකන්නි, තොපි අපිව කන්න එනවා කියමින් බැන්නා. ඊලඟට කිව්වා ගෙදර පලයන් ගිහිල්ලා අම්මවයි තාත්තාවයි එක්ක වරෙන් , අස්කරලා දාන්න, කිව්වා. පසුව මම යාලූවෙකුට කියලා පංතියෙන් බෑග් එක ගෙන්නගෙන ගෙදර එන්න ආවා.
 
මට එන්න බැරිවුනා. මාව වැටෙන්න ගියා. අසල තියෙන සුඛිත ආපන ශාලාවට ගිහිල්ලා වාඩි වුනා.
 
ටිකක් බලා ඉඳලා වතුර එකක් ඉල්ලන් බීලා නැවත ගෙදර එන්න ආවා. මාව දැකපු මම දන්න සමීර කියන සිසුවා මාව ත‍්‍රී රෝද රියකින් ගෙනත් ගේ ලඟින් බැස්සුවා.
 
මම ගෙදර ඇවිත් අම්මාට කිව්වා විදුහල්පති ගැහුව්වා කියා. අම්මා මාව බලනකොට මගේ බඩ ඉදිමිලා තිබුනා. කණෙන් ලේ ඇවිල්ලා තිබුනා. මාව අම්මයි තාත්තයි, සමීරයි එකතු වෙලා හොරණ රෝහලට ගෙන ගියා.
 
රෝහලේදී මම කිව්වා විදුහල්පති ගහපු බව. ෙදාස්තර මාව බැලූවා. පළමුවෙන් බැලූවේ ඉස්සරහා නෝනා කෙනෙක්. ඇය බඩ අල්ලා පයින් ගැහුව්වානම් පහර තියෙන්න  ඕනා, බොරු කියන්න එපා කිව්වා.
 
අම්මා කිව්වා, සපත්තු පාර තියෙන්න විදිහක් නැහැ, ගැහුව්වේ පයින් කියා. අම්මාගේ කට වැඩියි කියා, එ් දෝස්තරවරිය යන්න ගියා. ඊට පස්සේ ආපු ෙදාස්රත මාව බැලූවා. මාව නවත්වා ගත්තා. ඉස්පිරිතාලෙට පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා අහලා ලියා ගත්තා. ඔහු ලියූ දේවල් මට ඇහෙන්න කියෙව්වෙ නැහැ. මට අත්සන් කරන්න කිව්වා. මම අත්සන් කලා. මම දවස් තුනක් රෝහලේ හිටියා.
  
සෙනසුරාදා උදේ මාව ගිලන් රථයෙන් නාගොඩ මහා රෝහලට ගෙන ගියා. මගේ කණ පරීක්ෂා කලා. කණේ පොඩි ඩැමේජ් එකක් තියෙනවා කිව්වා.
 
මා රෝහලේ සිටින විට, හමුදාවේ අයෙක් මා ළඟට ඇවිත්, මල්ලි ඔයාද අර ඉස්කෝලේ කේස් එක දාගත්තු කෙනා කියා අසා, ඔන්න  ඕක අතඇරපන් මල්ලී, ප‍්‍රින්සිපල්ලා ගහනවා තමයි, තවත්  ඕක දුරදිග අරගෙන යන්න එපා කිව්වා.
 
තවද, වෙනත් පොලිස් නිලධාරියෙක් ඇවිත් මාගෙන් විස්තර අසා ලියා ගත්තා. 
 
චාන්දනී නැමැති ගුරුවරිය ඇගේ දුවත් සමග මාව බලන්න ආවා. වීවා ග‍්‍රෑම් 400 පැකට් එකක් අරන් ආවා. දැන් හොඳයිද කියා අසා ගියා.
 
දැනටත් මගේ කණ තුලින් හෝ හෝ ශබ්දයක් ඇසෙනවා. මගේ යටි බඩද වේදනා දෙනවා.
 
 
කේ. ඔෂාන් ප‍්‍රබෝධ සම්පත්
Advertisements