අබිමානවත් පොලිසියේ තවත් මැර වැඩක් ! මා .හි .කෝ ත් සහයට.

Image

 22 හැවිරිදි සමුද්‍ර කවුෂල්ය පෙරේරා රැකියාව වෙළදාම කරගත් විවාහක දෙදරු පියෙකි. ඔහුව 2013.07.09 දින දහවල් 12 ට බන්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ දක්වාම ඔහුව පොලිසියේ රදවා ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවයි. ඊයේ මේ පිලිබදව පැමිණිලි කිරීමට ඔහුගේ පියා මානව හිමිකම් කොමිසමට ගොස් ඇත. එහි නිලදාරියෙකු කියා ඇත්තේ “ඕයා මට කියන්නේ පොලිසිය ඇතුලේ ඉන්න කෙනාව එලියට අරන් දෙන්නද  මට පුලුවන්ද ගහන ඒවා නවත්වන්න “යනුවෙනි. ඉන් අනතුරුව එම නිලදාරියා පැය 24 ක් ගියාට පස්සේ දුරකථන ඇමතුමක් දෙන්න කියා කාර්යාල දුරකථන අංකය ලබා ගෙන යන්නයි මෙම වින්දිතයාගේ පියාට පවසා ඇත. ඔහුගේ පියා අද 2013.07.11 ජනසන්සදයේ සහය ඇතිව මානව හිමිකම් කොමිසමට සහ පොලිස්පතිට ,පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත වෙන වෙනම කල ලිකිත පැමිණිලි පහතින් දැක්වේ. චයාරුපයේ සිටින්නේ ඔහුගේ පියාය.
                                                                                                                             එම්.රත්නසිරි පෙරේරා
                                                                                                                              106, වැලිකල,
                                                                                                                              පොකුණුවිට
                                                                                                                              2013.07.11
01. පොලිස්පති,
    පොලිස් මූලස්ථානය,
    කොළඹ.
02. ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී,
    ජේ්‍ය.පො.අ.කාර්යාලය,
    පානදුර.
අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටීම
මුල්ලකන්දගේ සමුද්‍ර කෞෂල්‍ය පෙරේරා, අවු: 22යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : වෙළඳාම-
මාගේ පුතා වේ.
01. 2013.07.09 දින දහවල් 12.00ට පමණ, බණ්ඩාරගම පොලිසිය විසින් මාගේ පුතාව අත්අඩංගුවට ගෙන , අමානුෂික වධහිංසා පමුණූවනුවමින් රඳවා තබාගෙන සිටී.
02. මා මේ සම්බන්ධයෙන් 2013.07.10 දින මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරනු ලැබුවා.
03. මාගේ පුතාගේ බිරිඳ වන අචිනි නිශාදි – පුතාව බැලීමට ඊයේ එනම් 2013.07.10 දින උදේ පොලිසියට ගිය විට ඇයට ඔහුව බැලීමට ඉඩදී තිබුනා. තමාට අමානුෂික ලෙස පහරදුන් බව පුතා ඇය සමග පවසා තිබෙනවා. පසුව ඇයව නිලධාරීන් බැණ එළවා දමා තිබෙනවා.
04. අද දින පුතාගේ බිරිඳ පොලිසියට ගිය විට ඇයට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පුතා කූඩුව තුල සිටද නැහැ.
05. ඊයේ එනම් 2013.07.10 දින, ප:ව:4.00ට පමණ, නීතිඥ රෝෂාන් දෙහිවල මහතා පොලිසියට ගියා. නීතිඥවරයාට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පොලිස් අත්අඩංගුවේ සිටින බව පිළිගෙන තිබුනා. අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවට ස්ථානාධීපතිවරයා විසින් පොරොන්දුවූ බව නීතිඥවරයා අපට දැනුම් දුන්නා.
මාගේ පුතාට අමානුෂික වධහිංසා පමුණූවා ඇති නිසා, ඔහුව නොපෙන්වා, අධිකරණයටද ඉදිරිපත් නොකර සගවාගෙන සිටින බව ප‍්‍රකාශ කරමි.
මා ඉල්ලා සිටින්නේ,
බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටින, මාගේ පුතාට – කඩිනමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හා කඩිනමින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.
එම්.රත්නසිරි පෙරේරා
(පියා)*.

එම්.රත්නසිරි පෙරේරා
106, වැලිකල,
පොකුණුවිට
2013.07.11

සභාපති,
මානව හිමිකම් කොමිෂන් සභාව,
165, කිංසි පාර,
කොළඹ 08.

අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටීම

මුල්ලකන්දගේ සමුද්‍ර කෞෂල්‍ය පෙරේරා, අවු: 22යි, විවාහක, දරුවන් 02යි, රැුකියාව : වෙළඳාම-
මාගේ පුතා වේ.

01. 2013.07.09 දින දහවල් 12.00ට පමණ, බණ්ඩාරගම පොලිසිය විසින් මාගේ පුතාව අත්අඩංගුවට ගෙන , අමානුෂික වධහිංසා පමුණූවනුවමින් රඳවා තබාගෙන සිටී.

02. මා මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට 2013.07.10 දින – සවස 2.00ට පමණ, මානව හිමිකම් කොමිෂමට ගියා. එහි සිටි මහතකුට පැමිණිලි කලවිට ඔහු කියා සිටියේ – ”ඔයා මට කියන්නේ, පොලිසිය ඇතුලෙ ඉන්න කෙනාව එළියට අරන් දෙන්නද, මට පු`ඵවන්ද ගහන එ්වා නවත්වන්න” යනුවෙනි. අනතුරුව ඔහු පැය 24ක් ගියාට පස්සේ දුරකතන ඇමතුමක් දෙන ලෙස පවසා, කාර්යාලයෙන් දුරකථන අංකය ලබාගෙන යන ලෙස පැවසුවා.

03. එ් අනුව එහි සිටි මහත්මියක් විසින් 0112689064 අංකය ලියා දුන්නා.

04. පසුව එදින සිට විටින් විට එම අංකයට කතා කල විට, එම අංකයෙන් පවසන්නේ මාගේ පුතා පොලිසියේ නැති බව පොලිස් නිලධාරීන් පවසන බවයි.

05. එසේ ඇමතුමට පිළිතුරු දුන්නේ ”අයන්ති” නැමැති මහත්මියකි.

06. මාගේ පුතාගේ බිරිඳ වන අචිනි නිශාදි – පුතාව බැලීමට ඊයේ එනම් 2013.07.10 දින උදේ පොලිසියට ගිය විට ඇයට ඔහුව බැලීමට ඉඩදී තිබුනා. තමාට අමානුෂික ලෙස පහරදුන් බව පුතා ඇය සමග පවසා තිබෙනවා. පසුව ඇයව නිලධාරීන් බැණ එළවා දමා තිබෙනවා.

07. රාත‍්‍රියේ මානව හිමිකම් කොමිෂමේ එම අංකයට කතාකල විට අයන්ති මහත්මිය පවසා සිටියේ, කොමිෂමෙන් එවන්න කෙනෙකු නැති බවයි. උදේට පොලිසියේ ඉන්නවාද බලන්න කාවහරි යවන්න කිව්වා.

08. අද දින එනම් 2013.07.11 දින පෙරවරුවේ කතා කලවිට අයන්ති මහත්මිය පවසා සිටියා – ඇය එස්.එස්.පී ට කතාකල බවත්, මාගේ පුතාගේ බිරිඳට පොලිසියට ගොස් ඔහුව බලන ලෙසත්.

09. එ් අනුව අද දින පුතාගේ බිරිඳ පොලිසියට ගිය විට ඇයට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පුතා කූඩුව තුල සිටද නැහැ.

10. ඊයේ එනම් 2013.07.10 දින, ප:ව:4.00ට පමණ, නීතිඥ රෝෂාන් දෙහිවල මහතා පොලිසියට ගියා. නීතිඥවරයාට පුතාව පෙන්වා තිබුනේ නැහැ. පොලිස් අත්අඩංගුවේ සිටින බව පිළිගෙන තිබුනා. අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවට ස්ථානාධීපතිවරයා විසින් පොරොන්දුවූ බව නීතිඥවරයා අපට දැනුම් දුන්නා.

නමුත් මේ වන තෙක් අධිකරණයට ඉදිරිපත් කරවීමට සූදානමක් නොමැති බව පෙනී යයි.

11. අද දින එනම් 2013.07.11 දින- මානව හිමිකම් කොමිෂම විසින් දැනුම් දුන් පරිදි, මා විසින්, මානව හිමිකම් කොමිෂම වෙත ෆැක්ස් මගින් සිද්ධිය අදාළව පැමිණිලි කරනු ලැබුවා. එවිට වේලාව පෙ:ව:8.40 වේ.

තව දුරටත් අයන්ති මහත්මිය විසින් දැනුම් දුන්නා – පුතාගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ සිටින පුතාව බැලීමට ගිය බවට හා ඔහුව දුටු බවට දිවුරුම් ප‍්‍රකාශයක් මානව හිමිකම් කොමිෂමට එවන ලෙසට.

මා ඉල්ලා සිටින්නේ,
වහාම මේ සම්බන්ධයෙන් මැදිහත්ව, බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අමානුෂික වධහිංසා පමුණුවමින්, රඳවා තබාගෙන සිටින, මාගේ පුතාට – කඩිනමින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබාදීමට හා වහාම ඔහුව අධිකරණයට ඉදිරිපත් කරවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටය.

එම්.රත්නසිරි පෙරේරා
(පියා*.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )