ගබ්සාව නීතිගත කිරීම.

ඊයේ බොදු බලය ඇන ගෙන ඇත. ඒ සවුක්ය අමාත්යංශය පවත්වාගෙන යන වයිද්‍ය මද්යස්ථානයක් වැටලීම මගිනි. බොදු බලය උඩ පැන්නේ ගබ්සා මද්යස්ථානයක් වැටලු බව කියමිනි. ශ්‍රී ලංකා නීතියට අනුව ගබ්සාවක් කර ගත හැක්කේ මවගේ ජිවිතයට අනතුරක් වන අවස්ථාවේදී පමණි. අන් අවස්ථාවල එය නීතිවිරෝදී වේ. මේ තත්වය නිසා මහජනතාව පිඩාවට පත්වේ. ස්ත්‍රී දුෂණයක් නිසා ගැබ්ගෙන ඇති අවස්තාවකද ගබ්සාවක් කර ගත නොහැක. කාන්තාවට තම ශරීරය සම්බන්දයෙන් තීරණ ගැනීමේ අයිතිය ලබා දිය යුතුය. මිට දින කිහිපයකට උඩදී 18 හැවිරිදි උසස් පෙලට ඉගෙන ගන්නා පාසල් ශිෂ්‍යාවක් අලුත්ගම කන්දේ විහාරයේ අදිකාරිගොඩ ඉන්ද්‍රානන්ද දුෂණය කල අතර ඇයව වයස අවුරුදු 15 දී කොබවක ශ්‍රී සුමනාරාමයේ බඩල් කුබුරේ නන්දසිරි සහ විහාරාදිපති දෙල්මල්ලේ සුමනරතන විසින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලැබිණි. බොදු බලය කල යුත්තේ මෙවන් බික්ෂුන් ලෙස පෙනී සිටින චිවරදාරින් සසුනෙන් නෙරපා දැමීමයි. එසේ නැතිව මහජනයා පිඩාවට පත් කරමින් නිත්‍යානුකුලව පිහිටවූ සවුක්ය මද්‍යස්ථාන වැටලීම නොවේ.

2 thoughts on “ගබ්සාව නීතිගත කිරීම.

    • thoughful පවසයි:

      දූෂණයට ලක්වූ කාන්තාවකට සමාජයෙන් අඩු වශයෙන් ඒ සාධාරණය වත් ලබා දිය යුතු නැද්ද? ඇයට සිදුවි ඇති මහා ව්‍යසනයට අමතරව තව ඇය එය මුදල් ගෙවා සිදු කරගත යුතුද? ඇයට ගබ්සාවකට ගෙවීමට මුදල් නැතිනම් දරුවෙක් හැදීමට මූල්‍ය හැකියාවක් තිබේද? තවත් අනාථ දුප්පත් හව් හරණක් නැති දරුවෙක් බිහිවීම සමාජයට යහපතක්ද?

      මා පෞද්ගලිකව දුම් පානයට විරුද්ධ නිසා රජයේ රෝහල් වලින් ඒ නිසා අසනීප වූ අයට බෙහෙත් සැපයීමට විරුද්ධ විය යුතුද? බොහෝ දෙනෙක් බදු මුදල් වලින් නොමිලේ බෙහෙත් ලබා දෙනවාටත් විරුද්ධ ඇති. නමුත් අපි අකමැති වුවත් අනික් අය වෙනුවෙනුත් කැප කිරීම් කිරීම සමාජයක ස්වභාවයයි. මම ආගමක් නොඅදහන අයෙක්. ආගම නිසා මහත් විනාස මිනිස් වර්ගයාට සිදුවී ඇති බව මගේ මතයයි. නමුත් විදුලි ගාස්තු ආදියට ආගමික ස්ථාන වල විශේෂ සහන ලබා දෙන විට මම අකමැති වුවත් මටත් එයට හවුල්කරුවෙකු වීමට සිදුවෙනවා. ඒ තමයි සමාජයක කොටස්කරුවෙක් වූ විට සිදු කරන්න වෙන කැපකිරීම. දැන් එය සාධාරනද? එහෙත් එහි වෙනසක් සිදු වෙනවාද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )