ඇය ගාල්ල පරමානන්ද මහා විද්‍යාලයේ 10 වන වසරේ ඉගෙනුම ලබයි. ඇගේ මව වන අංක 42/9, බෝපේ හරස් පාර, හින්පන්දල, ගාල්ලේ පදිංචි තල්පේ දුරගේ පත්මිණි කුලරත්න මෙම ලිකිත පැමිණිල්ල 2013.04.24 දින මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට ,ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිට හා නුගේගොඩ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයට යොමු කළාය. ඒ 2013.04.21 දින උදේ 10 ට ඇගේ නිවසට පැමිණි ගාල්ල පොලිසියේ නිලදාරීන් තිදෙනෙකු සිය පුතාව අත්අඩංගුවට ගෙන සිය දියණියගේ පපුවට එක නිලදරියෙකු අත මිට මොලවා දෙපාරක් පහරදීම සම්බන්දවයි. ඒ වැරැද්දක් නොකර අයියව ගෙනියන්නේ ඇයිද කියා විමසීම නිසාය. මෙසේ පහර දුන්නේ පොලිස් නිලදාරී රත්නායකය. ඇගේ දියණිය කරාපිටිය ශික්ෂණ රෝහලේ දිනක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙනද ඇත. පොලිසිය පහරදුන් බව රෝහල් පොලිසියටද ප්‍රකාශ කර තිබේ. ඇයව අදිකරණ වයිද්‍ය නිලදාරී විසින් පරික්ෂා කර තිබේ. ඇගේ මව අදාළ වගකිවයුතු නිලදරින්ගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් නිලදාරී රත්නායකගේ නීතිවිරෝදී ක්‍රියාවන්ට විරුද්දව නිතියනුකුල පියවර ගන්නා ලෙසත් මෙය ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමක් බවත්ය. 
Advertisements