බණ්ඩාරගම පොලිසිය;- අලුත්ම තත්වය. (තිලින මුතුමිණ සිද්දිය)

 අද 2013.04.17 මෙම ලිකිත පැමිණිල්ල මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිට සහ පානදුර ජෙෂ්ට පොලිස් අදිකාරී වෙත යොමු කලේ ප්‍රේමරත්න හෙට්ටිආරච්චි මහතාය. ඔහු කලින් කල පැමිණිල්ල පිළිබද සිද්දියට පහත සබැදියාව හරහා යොමු වන්න.
තිලින මිනිමුතු ඔහුගේ 24 හැවිරිදි පුතාය. ඔහුව 2013.04.08 වන දින බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වදහිංසා පමුණුවා ඇත. අත්අඩංගුවට ගත්තේ සොරකමක් සම්බන්දයෙනි. පොලිස් පහරදීම නිසා තිලිණගේ දකුණ කකුල කැඩී ඇති බව ඔහුගේ පියා පවසයි. පොලිසිය විසින්ම ඔහුව බණ්ඩාරගම පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන ඇත. ඒ පලවන වාට්ටුවේය. 33 වන ඇදෙය. රෝහලේදී ඔහු තමන්ට පොලිසිය පහරදුන් බව ප්‍රකාශ කර තිබේ. මෙනිසා ඔහුට කුඩු පැකට් දෙකක් එනම් මිලිග්‍රෑම් 40 ක් සමග බි වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. දැන් ඔහු සිටින්නේ කළුතර රක්ෂිත බන්දනගාරයේය. චයාරුපයේ සිටින්නේ ඔහුගේ පියාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )