විරෝදතකරුවන්ගේ මරණ සම්බන්දයෙන් හිටපු ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ට නිදහස හිමිව ඇත. ඒ අනුව ඒ සම්බන්දයෙන් වූ ඔහුට නියමව පැවති වසර දෙකක සිරදඩුවම නිමාවට පත්ව තිබේ. නමුත් ඔහු තවමත් සිපිරිගෙදරය. ඒ ඔහුට එරෙහිව පවතින වංචනික චෝදනා නිසාය. ඔහු නිදහස ලබා ඇත්තේ එක් නඩුවකට පමණි. ඔහු වසර 30 ක් ඊජිප්තුව පාලනය කල අතර දින 18 ක කලබලකාරිත්වය හේතුවෙන් බලයෙන් පහකෙරිණි. ඔහුට එරෙහිව මුල්‍ය වංචා පිළිබද චෝදනා තවදුරටත් විමර්ශනය කෙරේ. ඔහු හමුදා රෝහලේ නතරව සිටින අතර සෙනසුරාදා හෙලිකොප්ටරයකින් උසාවියට ගෙනෙනු ලැබිණි. 
Advertisements