මාතලේ ඇටසැකිලි ;- මනුෂ්‍ය සංහාර වලට දේශසීමා නැත.

 

මාතලේ ඇටසැකිලි නොහොත් මනුෂ්‍ය සංහාරය පිළිබද මහා අපරාදයේ අවසානය කුමක් වේද යන්න කිසිවෙකුට කිව නොහැක. ඒ මන්ද යත් සජීවී මිනිසුන්ට යුක්තියක් නීතියක් නොමැති රටක මල මිනිසුන් වෙනුවෙන් එය කෙසේවේද යන්න කිව නොහැකි බැවිනි. කෙසේනමුත් ඉස්මතු කලයුතු කරුණු කිහිපයකි. මෙහිලා වුර්තිකයින් වන අජිත් ජයසේන මහතා සහ රාජ් සෝමදේව මහතා අසහාය කාර්යබාරයක් ඉටු කර ඇත. එය මුළු මනින්ම සුවදිනව සිදු කෙරී තිබේ. මේ අපරාදයට දේශ සිමා නැත. අපරාදකරුවන් ජාත්‍යන්තර අපරාද අදිකරණය හමුවට පැමිණවිය යුතුව ඇත. ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ යුක්තිය හෝ නිතිය ඇත්නම් ඉටුවිය යුත්තේ එයයි. අපේ පරම්පරාව හෝ අපෙන් පසු පරම්පරාවට සමුහ මිනීවළවල් නමැති ඉරණමට ගොදුරු නොවීමට නම් නිතිය පැත්තෙන් මෙන්ම සමාජමය පැත්තෙන්ද මාතලේ ඇටසැකිලි 154 පිළිබද වගවීම පහරහැරිය යුතු නොවේ. තවද කැ කොගසන ජේවීපිය 88, 89 කොමිසන් වාර්තා ක්‍රියාත්මක කිරීමට හඩ නොනගන්නේ කිමද යන්නද ගැටලුවකි. මේ මහා අපරාදය පිළිබද යුක්තිය ඉටු කිරීමට ජනාදිපති චන්ද්‍රිකා කුමරතුන්ග සමයේ පත්කළ කොමිසම් වාර්තා ක්‍රියාත්මක කරන්නයි අපි බල කර සිටිමු. දැන් 88, 89 යුගයේ අතුරුදහන් වුවන් ගැන කතා කල අයද ඇදහිය නොහැකි නිහඩතාවයක පසුවේ. අවසානයේ මේ දේශ සිමා නොමැති මහා අපරාදය සම්බන්දයෙන් හඩ නැගීම අප සියලු දෙනාගේ සමාජ වගකීම වේ. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )