ළමා හේවගේ ලාල් මිගමු බන්දනාගාර නිලදාරීන්ගේ අමානුෂික වදහිංසා පැමිණවීම හේතුවෙන් මියයන ලදී. ඔහුගේ බිරිද සහ දරුවන් මේ නඩුවේ පෙත්සම්කරුවන් වූ අතර එවකට සිදුව පොලිසියේ ඇතැම් නිලදාරීන් සහ මිගමු බන්දනාගාර ඇතැම් නිලදාරීන් වගෞත්තරකරුවන් විය. ඔහු කල වරද කෙසේල්කන් දෙකක් සොරකම් කිරීමය. ඒ ෂෙල්ටන් නමැති පුද්ගලයකු සමග එකතුවය. ඔවුන් දෙදෙනාව මහේස්ත්‍රාත් විසින් 2002.11.06 දින රක්ෂිත බන්දනාගාර ගත කරන ලදී. බන්දනාගාරයේදී නිලදාරීන් මියගිය ලාල්ට අමානුෂික ලෙස වදහිංසා පැමිණවූ බවට හොදම සාක්ෂිය ලබා දෙන ලද්දේ ඔහු සමග රිමාන්ඩ් කල ශේල්ටන්ය. මෙම මුලික අයිතිවාසිකම් නඩුවේ අංකය 700/2002 වේ. ශිරාණි බණ්ඩාරනායක විනිසුරුතුමිය ඇතුළු ත්‍රිපුද්ගල ශේෂ්ට්‍රදිකරන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විබාග විය. මෙහිදී අමල් සුදත් සිල්වා එරෙහිව කොඩිතුවක්කු නඩු තීන්දුවේ සදහන් නහයට අහන්නේ නැති බයානක අපරදකරුවකුට වුවද වදහිංසා අමානුෂික අවමන් සහගත සැලකිලි වලට ලක් කල නොහැකිය යන්න උපුටා දැක්විණි. බන්දනාගාර ආඥා පනතේ 132 වන කොටසේ සදහන් සිරකරුවන්ට කාරුණිකව සහ මානුෂිකව බන්දනාගාර නිලදාරීන් විසින් සැලකීමද උපුටා දැක්විණි. මෙහිදී සිරකරුවන්ට සැලකීම පිළිබද එක්සත් ජාතීන්ගේ අවම ප්‍රමිතීන් ගැනද අවදානය යොමුවී ඇත. මියගිය අයගේ ඥාතීන්ට වන්දි සහ ගාස්තු වශයෙන් මිලියන 01 ද එයින් රුපියල් 925000/ = රජය විසින්ද ඉතිරි 25000 එකෙනෙකු බැගින් තුන්වන සතරවන සහ පස්වන වගෞත්තරකරුවන් ගෙවිය යුතු බවටද තීරණය කෙරිණි. 
Advertisements