නිවට සංස්කෘතියකට !

 

ලේෆ්ට් 
 රයිට් 
 YES SIR 
YES SIR 
ගහමු සැලියුට් 
 ඉවසීම 
 කෙසේවෙතත් 
 නිවට සංස්කෘතියකට, 
පාසල් සිසුන්ට 
 සරසවි සිසුන්ට 
 මිලිටරි පුහුණුව. 
අසැබි වදන් 
 ලිංගික අතවර
 මාරාන්තික අනතුරු 
 මැදින් 
 කොහි යන්නේ 
 රාජපක්ෂට 
 අවශ්‍ය 
 නිවටයින් පිරිසක් 
 තැනීමටා 

පොලිසිය සතුටු කිරීමට රිමාන්ඩ් කිරීම ගැන මැක්සිමස් ඩෑනි නඩුව.

 මෙය අංක 488/98 දරන ශේෂ්ට්‍රදිකරණයේ විබාග වූ මුලික අයිතිවාසිකම් නඩුව පිළිබද කෙටි හැදින්විමකි. එය මැක්සිමස් ඩනි එරෙහිව සිරිනිමල් සිල්වා පොලිස් ස්ථානය හලාවත සහ තවත් අය නමි. ඩනි සහ ඇගේ පෙම්වතියව 1998.07.22 දින දන්කොටුව සිරිසෙවන තානායමේදී රාත්‍රී 10.30 ට පමණ හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මාරවිල මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩනිව 1998.07.29 තෙක් රිමාන්ඩ් කර මුදා හැර තිබේ. ඔවුන්ට චෝදනා නගා තිබුනේ ගණිකා නිවාස ආඥා පනත යටතේය. ඩනි මෙය ශේෂ්ට්‍රදිකරණය හමුවේ අබියෝගයට ලක් කරන ලදී. මෙහිදී පොලිසියේ හුදු උවමනාවට අදිකරනමය මනසකින් තොරව රිමාන්ඩ් කිරීම ගැන සදහන් වූ අතර ගණිකා නිවාස ආඥා පනත යටතේ ලිංගික සබදතා පැවැත්වීම වරදක් නොවන බවත් තීරණය විය. කෙටියෙන් විස්තර කලොත් ගණිකා නිවාස ආඥා පනත යටතේ වරදක් වන්නේ ගණිකා නිවාසයක් පාලනය කර නඩත්තු කර පවත්වා ගෙන යාම සහ එයට උදවු කිරීමයි. ඩනි මුලික අයිතිවාසිකම් නඩුව ජයග්‍රහණය කළේය. ඔහුට රජය විසින් රුපියල් 25,000/= ක ද වගයුත්තරකරුවන් 1 සිට 06 දක්වා රුපියල් 5000/ බැගින් ද ඒ අනුව මුළු වන්දිය සහ ගාස්තු ලෙස රුපියල් 55,000 ක්ද හිමිවිය. 

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑